සාගල රත්නායක කියන්නේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂක උපදේශක.


සාගල ගේ උපන්දිනය ඊයේට (27) යෙදී තිබුනා. 

තමන්ගේ උපන් දිනය වෙනුවෙන් සාගල අමුතු කැම්පේන් එකක් කරලා.

පහුගිය වසරකට අධික කාලයේ තුල ජනාධිපති වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ රට ගොඩදාන්න දරු උත්සාහය ගැන සමාජ මාධ්‍ය පොස්ට් කීපයක් සමාජ මාධ්‍යවල පලකරලා.  

බැලු බැල්මට පෙන්නේ ඉස්සරහට එන්න නියමිත ඡන්ද කැම්පේන් එකක ආරම්භයක් වගේ. 

 

රටක් නැවතුන ඒ අතීතය
පතුලටම බිඳ වැටුණු ජන ජීවිතය
අපි සැම මුහුණ දුන් ඒ නපුරු සිහිනය
එහි අවසන
රට මුළුමනින්ම අරාජික වූ ඒ මොහොත

------
හැමෝම මගහැරිය
රටේ අවාසනාව භාරගන්න
අදින් දින 583 පෙර දවසක අපි ඉදිරිපත් වුණා
විසඳුමක් පෙනෙන තෙක් මානයක තිබුණේ නෑ
නමුත් නොසැලෙන ශක්තියක්
නිවැරදි මගපෙන්වීමක් අපිට තිබුනා

--------

අපි එකට වාඩිවෙලා කතාකලා
ක‍ෂණික විසඳුම් සොයාගත්තා
ඒවා නොබියව ක්‍රියාත්මක කලා
දිවා රෑ නොබලා වැඩ කරන්න අපිට සිදුවුණා
පොලිම් අඩුවුණා
කඳුළු නැති වුනා
ටිකෙන් ටික රට යථා තත්වයට පත්වුනා

---------

සෑහෙන දුරට සාමාන්‍ය තත්වයට අද අප ඇවිත්
ඒත් තව අපිට යන්න ගොඩාක් දුර තියෙනවා
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියලා මට අද හිතෙනවා
මම ඉපදුණු අද වගේ දවසක
ඒ අතීතය දෙස ආපහු හැරිලා බලද්දී මගෙ හිතේ කොනක
නිහතමානි සතුටක් නැගෙනවා
 ඒ සතුට තනියම නැතුව
ඔබත් රටත් එක්ක ඛෙදා හදාගෙන
මේ උපන්දිනය සමරන්න කියලා මගෙ හිත මට කියනවා
ඔබේ හදවතේ හැගුමත් රටේ හෙටදින පැතුමත්
එක්ව ඒකාලෝක වේවා..

මම - සාගල රත්නායක

428624030 943884643757006 872389932452060325 n

428605912 944398837038920 7273307432850938694 n

428630185 944940053651465 7403953199794224904 n

429969963 945432960268841 3637053230627633190 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්