දීප්ති එක්ක කොයිතරම් නොඑකගතා තිබුනත් දීප්ති කියන්නෙ මං ලංකාවෙ දැකපු සුවිශේෂ දේශපාලන චරිතයක්.

 

 
මෑත කාලෙට වඩා එක්ස් එකේ දීප්තිමත් කාලෙදි දීප්ති හරි අමුතු තැන් දේශපාලනික විදිහට ස්පර්ශ කළා.

මට මතකයි මහජන පුස්තකාලෙ කරපු සම්මන්ත්‍රණයකදි එහෙම අමුතු තැනක්.

ඒ දවස්වල විවිධ පැතිමාන වලින් කරුණු ගෙන හැර දක්වන සම්මන්ත්‍රණ නිතර තිබුන. ඒවා පට්ට ආතල්.

අපි ඒවාට ගිහින් කතා අහලා, අපි වගේ උන් මුනගැහිලා, ප්ලේන්ටියක් ගහලා, පුළුවන් නම් හවසට බීලා, පයින් ගෙදර එනවා.

ඒක එක විදිහක නාගරික සංස්කෘතිකයක්.‍
 
මේ වගේ සම්මන්ත්‍රණයකට දීප්ති එක්ක වික්‍රමබාහුත් සහභාගි වෙලා හිටියා. වික්‍රමබාහු එයාගෙ සුපුරුදු විදිහට කතාව කළා. ඒ වාමාංශික නැඹුරුව එක්ක වික්‍රමබාහු කතා කරන්නෙ හරි සද්දෙන් කෑ ගහලා. සමහර වෙලාවට කන් බීරි වෙන තරමට. එයාට හුරු විශාල ජන රැලි.

දීප්ති එයාගෙ කතාව පටන් ගත්තෙ එතනින්.

'මේ මයික් හරි සෙන්සිටිව්. අපි දැන් ඉස්සර වගේ යටි ගිරියෙන් කෑ ගහන්න ඕන නෑ. අපි හුස්ම ගන්න සද්දෙ පවා මේ මිනිස්සුන්ට ඇහෙනවා. (ඒ තාක්ෂනික වෙනස තේරුම් ගන්න එක දේශපාලනකයි. පරණ ජනතාව නෙමෙයි අද අපි ඉස්සරහ ඉන්නෙ)
ඒ කතාවල අන්න ඒ වගේ සියුම් තැන් ගොඩක් තිබුන. මං ජීවිතේට මිනිස්සු කතාවක් අහන්න ඇතුල්වෙන්න පොරකකා ඉන්නවා දැකලා තියෙනවා නම් ඒ දීප්තිගෙ කතා අහන්න විතරයි.
 
මේක දීප්ති මාරයි කියන්න තියපු සටහනක් නෙමෙයි. සමහර වෙලාවට ඒ සියුම් තියුණු සංස්කෘතික තැන් ස්පර්ශ කරන දේශපාලනයක් මිසින්ග් කියල දැනුනම ආපු මතකයක්.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image