සුදත් මහදිවුල්වැවගෙ රෙඩ් කොම්රෙඩ් ගැන ලොකු වාදයක් සිනමාවේදීන් ගෲප් එකේ සිද්ද වෙනවා.
චිත්‍රපටියක් ගැන පිල් බෙදිලා වාද කරගන්න එක සිනමාලෝලීන්ගෙ ක්‍රීඩාවක්. ඒක ඇතුලෙ විවිද දේ ගැන කතාවෙනවා. සිනමා විචාරයක් සහ සිනමා රිවීව් එකක් අතර වෙනස ගැන එතන වලියක් තිබුන.
චිත්‍රපටියක් ගැන පිල් බෙදිලා වාද කරගන්න එක සිනමාලෝලීන්ගෙ ක්‍රීඩාවක්.
ඒක 'උඹලා ලියන්නෙ විචාරද' වගේ තැනක මමත්ව කේන්ද්‍රීය පැටලීමක් වුනත් අපිට පුළුවන් ඒ කාරනය අමතක කරලා විචාරයක් සහ විචාරයක් නොවන දෙය ගැන කල්පනා කරලා බලන්න.
සිනමා විචාරය කියන්නෙ ශාස්ත්‍රාලීය සම්ප්‍රදායක්. විචාර ලිවීම කියන්නෙ ඇකඩමික් පුහුනුවක්. ඒක හරියට තිසීස ලියනවා වගේ වැඩක්. එතනදි වෙන්නෙ කෘතියෙ හොඳ හෝ නරක ගැන කතා කරනවට වඩා එහාට ගිහින් ඒ කෘතිය සෞන්දර්‍ය කතිකාව (ඩිස්කෝස් එක), දේශපාලන කතිකාව ඇතුලෙ ස්ථානගත කිරීමක් කියන්න පුළුවන්.
කිසිම කෘතියක් සම්පූර්නයෙන් සාර්තක හෝ දුර්වල වෙන්නෙ නෑ.
කිසිම කෘතියක් සම්පූර්නයෙන් සාර්තක හෝ දුර්වල වෙන්නෙ නෑ. එතනදි සාර්තක වූ තැන් එසේ වීමට බලපෑ කාරනා යැයි තර්ක කළ හැකි සෞන්දර්‍ය කතිකා එක්ක ගලපමින් කරුණු ගේනවා. අසාර්තක තැන් ගැනත් එහෙමයි. ඒක විධිමත්ව කරුණු සම්පින්ඩනය කරන ලියවිල්ලක්. කාලීන බවට ඔබ්බෙන් ගිහින් හැම කාලයකදිම නැවත කියවීමට අවශ්‍ය වන සිනමා සම්ප්‍රදාය කියවීමක්.
මට ඒක බෝරිං. මං ලියන්නෙ මට චිත්‍රපටියකින් දැනෙන දේ. මට උවමනා දේ විතරයි. මගේ ආවේගය, පශ්චත්තාපය, විනෝදය මං ලියනවා. ඒක සම්පූර්න කරන්න මට උවමනා නෑ. එක්කො මං කුඩුවෙන්න ගහනවා. නැත්තං උඩදානවා. මගේ ලිවීම සිනමා සම්ප්‍රදාය ගැන නෙමෙයි. ඒ කතිකාවෙන් බැහැර විවිද දේ ගැන. මගේ ලිවීම ඒ මොහොත මත පවතිනවා. ඒක කාලය ඉක්මවා ගිහින් සිනමා සෞන්දර්‍යවේදය ගැන ශාස්ත්‍රීය දැනුම් භාවිතයක් වෙයි කියල මං හිතන්නෙ නෑ.
ඒ කියන්නෙ මං සිනමා විචාර ලියන්නෙ නෑ. මං ලියන්නෙ පර්සනල් 'කියවීමක්'. රිවීව් එකක්. විචාරය උසස්, රිවීව් එක පහත් කියල එකක් නෑ. ඒ දෙකේ තියෙන්නෙ අරමුණු දෙකක්.(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)