මහ යුද්ධයක් තියෙනවා නම් ආර්ථික ක්‍රියාකාරකම් සංවිධානය වෙන්නේ ඒක වටේ. 
 
එහෙම කාලෙක දී, නිෂ්පාදනය කරන්න වෙන්නේ; ඒ වගේ ම විකුණන්න වෙන්නේ ඒ යුද්ධයට අදාළ දේවල්. 
 
ඒ වගේ කාලෙට, සමහරු සාමය මුල් කරගෙනත් තමන්ගේ මඩිය තර කර ගන්නවා. 
 
සාමය කියන්නෙත් යුද්ධය මූලික කරගෙන ඇති වෙන අවශ්‍යතාවක්. 
 
ඉතින් තුවක්කු, උණ්ඩවලට අමතරව සාම පරෙවියන්ටත් ආර්ථික වටිනාකමක් ලැබෙනවා.
 
දැන් තියෙන්නේ මහා වසංගත තත්ත්වයක්. 
 
covid 19 2nd
 
මේ වගේ කාලයක ආර්ථික කටයුතු සංවිධානය වෙන්න ඕන මේ වසංගතයට අදාළ කාරණා මුල් කරගෙන. 
 
ඉතින් මේ කාලයට කොත්තමල්ලි; පස් පංගුව විතරක් නෙවෙයි, දුම් හට්ටි; මාස්ක් වගේ දාහක් දේවල් විකුණන්න පුළුවන්. 
 
මේ වගේ අමාරු කාලවල දී, මිනිස්සුන්ට පණ ගැට ගන්න පුළුවන් ආර්ථික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් ඒ විදිහට නිර්මාණ වෙනවා.
 
ඉතින් මේ වගේ කාලයක අපිට ඇහෙන්න ඕන “මල් පෝච්, මල් පෝච්, මල් පෝච්” කිය කියා කෑ ගහන මිනිස්සුන්ගේ සද්දය නෙවෙයි.
 
 දැන් අපිට ඇහෙන්න ඕන “දුම් හට්ටි, දුම් හට්ටි” කියලා කෑ ගහන මිනිස්සුන්ගේ සද්දය.
 
අපේ වෙදකම්වලට සම්බන්ධ ප්‍රතිකාරවලින් ශරීරයට හානියක් නෑ. 
 
නියම සම්මත අනුව අදාළ ප්‍රතිකාර ක්‍රම නිෂ්පාදනය කරලා ඒවා වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන්.
 
 වගකීමක් තියෙන ආයතන මේ වැඩේට මුල් ඕන බව ඇත්ත. 
 
ඒ වගේ ම, මේවා ගෙවල් ගානේ විකුණන අයට බලපත්‍රයක් දෙන්නත් ඕන.
 
මෙහෙම කරනවා නම් පන්දාහවල් දිදී මිනිස්සු රකින්න මහන්සි වෙන්න ඕනත් නෑ. 
 
මේ තියෙන ප්‍රශ්නය වටේ ම හදාගන්න ආර්ථික කටයුතුවලින් මිනිස්සු ජීවත් වෙයි.
 
මේ වසංගතයෙන් අත් මිදෙන්න චීනයට පුළුවන් වුනා.
 
 කොරෝනා මඩින සටනට චීන වෙදකම සම්බන්ධ කරගැනීම ඒකට ප්‍රධාන ම හේතුවක්. 
 
මේ ව්‍යායාමයට චීන වෙදකම් සක්‍රීය විදිහට සම්බන්ධ කරගත්ත හින්දා ඒකට සම්බන්ධ ඖෂධවලට විශාල ඉල්ලුමකුත් ඇති වුනා. 
 
කෝවිඩ් වයිරසය ආසාදනයෙන් ඔත්පල වෙච්ච චීන මිනිස්සුන්ගෙන් සියයට 90 කට විතර ප්‍රතිකාර කරලා තිබුණේ චීන බෙහෙත්වලින්. 
 
යින් ඡියාවෝ සන්, ය්‍යු පිං ෆං සන් සහ ලියැන් හුවා ඡිං වන් කියන බෙහෙත් වර්ග මේ වැඩේට ඉහළින් ම පාවිච්චි වුනා කියලා කියනවා.
 
යින් ඡියාවෝ සන් කියලා කියන්නේ ශරීර උෂ්ණය දුරු කිරීම, විෂබීජහරණය, සෙම්ප්‍රතිෂ්‍යාව, උණ, හිසරදය, වියළි කැස්ස සහ උගුරේ අමාරුව සනීප කිරීම සඳහා යොදාගන්න බෙහෙතක්. 
 
සෙම්ප්‍රතිෂ්‍යාව, ස්වසන පද්ධතියේ ආසාදන සනීප කරන්න ය්‍යු පිං ෆං සන් යොදා ගන්නවා. 
 
ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ උණ, පෙනහළු ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ලියැන් හුවා ඡිං වන් පාවිච්චි කරනවා.
 
කොරෝනා උවදුර පැතිරෙන්න පටන් ඇරගෙන සතියක් ගත වෙන්නත් කලින් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම් සභාව විසින් ඒ සඳහා ප්‍රතිකර්මයක් විදිහට ලියැන් හුවා ඡිං වන් පාවිච්චිය නිර්දේශ කළා. 
 
ඒ එක්කම ලියැන් හුවා ඡිං වන් සඳහා තියෙන වෙළෙඳපොළත් පුදුමාකාර විදිහට වර්ධනය වෙන්න පටන් ගත්තා. 
 
ඉතින් ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස තුන ඇතුළත ඒ බෙහෙත විකිණීමෙන් උපයාගෙන තියෙන ආදායම චීන යුවාන් බිලියන 41.5 කට වැඩියි.
 
 ඒ වෙනුවෙන් වියදම් කරලා තියෙන්නේ යුවාන් බිලියන 11.5 කට අඩු මුදලක්. 
 
ඉතින් මේ ව්‍යාපාරය හරහා යුවාන් බිලියන 30 කට වැඩි ලාභයක් උපයා ගන්න අදාළ සමාගමට පුළුවන් වෙලා තියෙනවා. 
 
ඒ කියන්නේ රුපියල් බිලියන 800 ක විතර ලාභයක්!
 
2019 අවුරුද්දට අපේ ආණ්ඩුවේ සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 1891 ක්. 
 
ඉතින් මේ එක්ක සන්සන්දනය කළාම වුනත් ඒ බෙහෙතින් උපයාගෙන තියෙන ලාභය ගැන අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්. 
 
ඒ කියන්නේ අපේ ආණ්ඩුව මාස තුනක දී රුපියල් බිලියන 473 ක විතර ආදායමක් ලබද්දි අදාළ චීන සමාගම මේ කියන ඖෂධය විකුණලා රුපියල් බිලියන 800 ක ලාභයක් (ආදයමක් නෙවෙයි) උපයනවා.
 
ඒත් අපේ සමහර වගකිව යුතු අය මෙහෙම හිතන්නේ නෑ. 
 
අපේ විශේෂඥයන්ට ඕන පුළුවන් තරම් රටේ සල්ලි වියදම් කරලා “බෙහෙත්” ආනයනය කරන්න. 
 
මේ අය කියන විදිහට අපනයනය කරලා අපිට විදේශ විනිමය පවා උපයා ගන්න පුළුවන් අපේ ක්‍රම “අවිද්‍යාත්මකයි”. 
 
ඒ වගේ ක්‍රම ලෙඩ්ඩුන්ගේ පාවිච්චියට නිර්දේශ කරන එක වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනියි. 
 
ඉතින් සුද්දෝ මේකට ප්‍රතිකාරයක් හදන කල් අපි අපේ එවුන්ට මැරෙන්න දෙන්න ඕන. 
 
ඊට පස්සේ ඒ “විද්‍යාත්මක බෙහෙත” ආනයනය කරන්න රටේ සල්ලි වියදම් කරන්න අපිට පුළුවන්.
 
චීනයේ හැම රෝහලක ම චීන වෛද්‍ය අංශයක් තියෙන්න ඕන. ඒක නීතියෙන් ම පනවලා තියෙන කොන්දේසියක්. ඒත් අපේ “ටයි මාමාලාට” එහෙම වැඩක් ගැන හිතන්නවත් බෑ.
 
චීනයේ හැම රෝහලක ම චීන වෛද්‍ය අංශයක් තියෙන්න ඕන. 
 
ඒක නීතියෙන් ම පනවලා තියෙන කොන්දේසියක්. 
 
ඒ කියන්නේ සාම්ප්‍රදායික චීන වෛද්‍ය අංශයක් නැති එක ඉස්පිරිතාලයක්වත් චීනයේ නෑ. 
 
ඒත් අපේ “ටයි මාමාලාට” එහෙම වැඩක් ගැන හිතන්නවත් බෑ. 
 
මිනිස්සු බඩගින්නේ මැරුණත් තමන්ගේ සමාජ බලය රැක ගන්න පුළුවන් නම් ඒ අයට ඇති.
 
 (ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්