යුරෝපයේත්, ලෝකේ රටවල් ගණනාවකත්, ලංකාවෙත් කොරෝනා රකුසා
දෙවෙනි වතාවටත් හිස ඔසවලා පාලනයකින් තොරව භයානක විදියට පැතිරෙන්න පටන් අරගෙන.
 
රට පුරාම විවිධ සීමා දාල තිබුණත් නත්තල වෙනුවෙන් දවස් කිහිපයක් ඒ සීමා ලිහිල් කරන්න බ්‍රිතාන්‍යය සූදානම් වෙලා හිටියේ.
 
ඒත් ඒ අස්සේ අපි ඉන්න කෙන්ට් පළාතෙන් හමුවුන අලුත්ම අලුත් කෝවිඩ් ප්‍රභේදයක් රට පුරාම පැතිරිලා. 
 
ඒ නිසා නත්තලට අයින් කරපු සීමා ආයෙත් පනවල මෙතෙක් නොතිබුණ ‘ටියර් 4’ කියල දැඩි සීමාවක් ඇති කරන්නත් අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ආණ්ඩුව තීරණය කරලා.
 
ඉතින් නන්තලටවත් නෑයෝ, යාලුවෝ කිහිපදෙනෙක් හරි මුණගැහෙන්න බලාගෙන හිටපු හැම දෙනාගේම බලාපොරොත්තුත් සුන්වෙලා ගියා.
 
ඒකෙන් කියන්නේ මිනිස්සු ආණ්ඩුවට බනිනවා කියන එක නෙමේ ... ආණ්ඩුව මේ පියවර ගන්නේ ජීවිත ආරක්ෂා කරගන්න කියල ජනතාවට අවබෝධයක් තියෙනව ... අගමැති, සෞඛ්‍ය ඇමති මේ හැමෝම නිරන්තරයෙන් මාධ්‍ය හමුවට ඇවිත් කරුණු පහදලා දෙනවා.
 
ඒකෙන් කියන්නේ මිනිස්සු ආණ්ඩුවට බනිනවා කියන එක නෙමේ ... ආණ්ඩුව මේ පියවර ගන්නේ ජීවිත ආරක්ෂා කරගන්න කියල ජනතාවට අවබෝධයක් තියෙනව ... අගමැති, සෞඛ්‍ය ඇමති මේ හැමෝම නිරන්තරයෙන් මාධ්‍ය හමුවට ඇවිත් කරුණු පහදලා දෙනවා.
 
ඒත් ආණ්ඩුව වුනත්, වසංගතයක් වුනත් සීමා දැම්මම හැමදාම එහෙම සීමාවලට යටත්වෙලා ඉන්න මිනිස්සු කැමති නෑ ... 
 
මුණගැහෙන්න බැරි නම් මිනිස්සු සයිබර් අවකාශයේ හරි හමුවෙනවා.
 
මේ, ඒ වගේ එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් කරපු අපූරු වැඩක් ගැන කතාවක්.
 
ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් 100 ක් විතර එකතු කරගෙන එයාල ගිය සෙනසුරාද නත්තල් සංගීත සාදයක් තිබ්බ ... 
 
ඒ virtual concert එක කළේ zoom එක ඔස්සේ.
 
ඒක සංවිධානය කළේ දැන් ටික කාලයක් සූම් තාක්ෂණය ඔස්සේ සංගීතවේදී කීර්ති පැස්කුවල් ගෙන් සංගීතය ඉගෙන ගන්න බ්‍රිතාන්‍යයේ ඉන්න එතුමාගේ ගෝලයෝ ටිකක්.
 
131972931 10157492265947155 703325143169019078 n

 
 
 
ඇත්තටම ඒක අපූරු වැඩක්.
 
කොරෝනා වසංගතය නිසා ලක්ෂ ගණන් මිනිස්සුන්ට අකාලේ ජීවිත අහිමිවෙනවා මදිවට ජීවත්වෙන්න වාසනාව තියෙන අයට එල්ලකරන මානසික පීඩාව අතිශයින්ම දරුණුයි.
 
ලෝකේ පුරාම දස ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මාස ගාණක් ගෙවල්වලටම කොටුවෙලා ... 
 
වසංගතය කවද ඉවර වෙයිද කියල හිතාගන්නත් අමාරුයි.
 
මේ වගේ කාලෙක ලෝකේ පුරා ඉන්න දන්න, නොදන්න විශාල පිරිසක් එකතුකරගෙන හුදු විනෝදය වෙනුවෙන්ම කීර්ති පැස්කුවල් සංගීතවේදියා ගේ ප්‍රධානත්වයෙන් කළ ඒ ප්‍රසංගය අපූරුයි කියල මා කීවේ ඒ නිසා.
 
නත්තල් ඇඳුමෙන් සැරසිලා ගෙදරම ඉඳගෙන කණ්ඩායමේ හැම කෙනෙක්ම ගායනයෙන්, නර්තනයෙන් සාදයට එක් වුණා.
 
සාදය ඉවර වෙන තුරුම හැම දෙනාම පැය තුනක් විතර ඒකට එක්වෙලා හිටියා.
 
නත්තල් ඇඳුමක් දාගත්තේ නැති නිසා මමත් හැංගිලා බලාගෙන හිටිය.
 
ගායනා කරන සින්දුවේ සංගීත ඛණ්ඩය මුලින්ම download කරගෙන, laptop එකට feed කරලා, වැඩසටහනේ අනු පිළිවෙල හදාගෙන සති ගාණක් තිස්සේ සංවිධානය කරපු හැටි සංවිධායක කමිටුව ඉන්න පූර්වි අක්ක (පූර්වි හේවා පතිරණගේ) විස්තර කළා.
 
ඇත්තෙන්ම මීට කලින් කවදාවත් හමු නොවුන අලුත් පිරිසකුත් සයිබර් අවකාශයේ මුණ ගැහෙමින් සාදය සංවිධානය කිරීමත් අපූරු අත්දැකීමක් කියලත් පූර්වි අක්ක කියනවා.
 
ගායක කීර්ති පැස්කුවල් තමන්ගේ මියුරු හඬින් ඒ අපූරු සාදය අවසන් කළේ සියලු දෙනාටම සුබ නත්තලකට සහ නව වසරකට ආසිරි පතමින් ...
 
131936687 10157492277052155 6782463917093841551 n

Xmax 2

Xmax 3

Xmax 1

WhatsApp Image 2020 12 22 at 11.09.01 PM 2

WhatsApp Image 2020 12 22 at 11.09.01 PM

 
 
(සරෝජ් පතිරණ ලන්ඩනයේ සිට...)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්