The Leader News
BREAKING
නිර්මාණශීලිත්වය යනු අපෝහක භෞතිකවාදී ක්‍රියාවලියකි●5% උද්ධමන ඉලක්කය 2027 දෙවන භාගය දක්වා කල්යයි●බොඳ වුණු සිහිනය පිළිබඳ හෙළිදරව් කෙරෙන කෘති ත්‍රිත්වයක්●කාවන්තිස්ස වියෝවෙන් පසු වනඅලි රැකවරණයට දැඩි අවධානයක්●පීඩිත මිනිසකු ගේ හෘද සාක්ෂියේ නාදය; සමෝරා මෂෙල්●ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි●අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"●කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●
Top Ad
බුකිය

මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ !

T

The Leader Desk

August 14, 2021 • 12:33 PM

 මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කර තිබේ.
  • එම වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
  • “රැකියාව සම්බන්ද මානසික ආතතිය” කියන දේ අහල, කියවල තිබුණට ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද කියල දැනෙන්නෙ දැන්.
  • මේ රස්සාවෙ අමාරුම කාලය කියල හඳුන්වන “සීමාවාසික අවුරුද්ද”(Internship) ඇතුළත නම්, මේ ඊයෙ පෙරේද ඉඳන් දැනෙන අමාරුකම දැනුනෙ නෑ කියන එක ස්ථිරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කර තිබේ.
 
එම වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
 
අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන් ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් දෙනෙක් කොරෝනා වාට්ටු දෙකක වැඩ කරනවා.
 
මේ වෙද්දි ඒවා පිරිලා ඉතිරිලා ගිහින්. පුටු වලත්, බිමත් පොදිකකා ආසන්න වශයෙන් කොරෝනා රෝගීන් සීයක් වගේ ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර ලබනවා.
 
“රැකියාව සම්බන්ද මානසික ආතතිය” කියන දේ අහල, කියවල තිබුණට ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. ඒක කොච්චර අමාරු දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. මේ රස්සාවෙ අමාරුම කාලය කියල හඳුන්වන “සීමාවාසික අවුරුද්ද”(Internship) ඇතුළත නම්, මේ ඊයෙ පෙරේද ඉඳන් දැනෙන අමාරුකම දැනුනෙ නෑ කියන එක ස්ථිරයි.
 
මෙතෙක් ආව කොරෝනා රෝගීන් ප්‍රමණය, ඔවුන්ට අමාරුවෙන විදි, ඔක්සිජන් දිය යුතු රෝගීන් සංඛ්‍යාවන්, අමාරු වෙන රෝගීන්ගෙ වයස් මට්ටම්, මේ හැම දෙයක්ම එක සතියකින් වෙනස් වෙලා ගියා.
 
ඒක ලොකු වෙනසක්. වාට්ටුවට ඇතුළත්වෙන රෝගීන් සංඛ්‍යාව හරියටම තුන්ගුණයකට වඩා වැඩිවෙලා. ඒ වෙනදට වඩා සෑහෙන්න තෝරා බේරාගෙන රෝගීන් ඇතුළත් කිරීම කරන තත්වයක් ඇතුළෙ. 
 
ඉස්සර ටික ටික අමාරුවෙන අවුරුදු හැත්තෑවෙ අසූවෙ අම්මල තාත්තල වෙනුවට දැන් බලන් ඉද්දි අමාරුවෙන්නෙ අවුරුදු තිස් හතලිස් ගණන් වල අයට.
 
තවමත්, මතක තබා ගන්න “තවමත්”, ඔක්සිජන් සැපයුම, ඒවාට අදාළ යන්ත්‍ර උපරිම සීමාව යටතේ හරි ක්‍රියාත්මක වෙමින් තියෙන තත්වයක් ඇතුළෙත්, මිනිස්සු මැරෙන්නෙ බලන් ඉද්දි!
 
අවුරුදු හතලිස් ගණන් වල අම්මා කෙනෙක් තමන්ගෙ දුව ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳල මැරෙද්දි, CPAP යන්ත්‍රයකට සවි කරල තියෙන නිසා, කතා කරන්න අපහසු බිරිඳක් තමන්ගෙ සැමියගෙ අතින් අල්ලන් ඇස් වලින් තමන්ගෙ සමුගැනීම ප්‍රකාශ කරල මැරෙද්දි,
 
තමන්ගෙ බිරිඳ නිවුන් දරු උපතකට සූදානම් වෙන මේ වෙලාවෙම, අවුරුදු 27 ක තරුණ සැමියෙක්, කරන්න තියෙන හැමදේම කරලත් බැරිඋනාම අමාරුවෙන් හොයාගත්තු දැඩි සත්කාර ඒකකයකට පටවල යවනව දකිද්දි,
 
මේ ඔක්කොම එකම දවසක වෙද්දි ඔලුවට දැනෙන බර, අමාරුව, ඇත්තටම අමාරුයි. කලින්ට වඩා වැඩකිරීම, වැඩ වැඩිවීම නිදිමැරීම නෙමෙයි ගැටළුව. ඔලුවට දැනෙන මේ බර වැඩිවීම.
 
ඒ ඔක්කොටම වඩා අමාරු දේ තමයි තමන්ගෙ ඇස් ඉස්සරහ වෙන අය මැරෙද්දි, තමන් අමාරුවෙන් හුස්මගනිද්දි, “අපි මොනවහරි කරල තමන්ව බේරගන්නව නේද” වගේ එල්ලවෙන බැල්මවල් වලට මුහුණදීම.
 
දවස් දෙකකට එකක් වගේ පහුගිය කාලෙ සිද්ධවුණු මරණ සංඛ්‍යාව, දවසකට හතරක් පහක් මට්ටමට සතියකින් වෙනස් වුණා.
 
තව සති දෙකක් මේ සීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩිවුනොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්වෙට මේක පත්වෙනවා.
 
ඉතින් මේ ඔක්කොම දැකබලාගෙන ඊයෙ හවස ගෙදර ආවම තමයි දැක්කේ ******* ********* *** ***** කියල තිබ්බ කතාව. “මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න” කියලා.
 
මේ ලියමන මෙතනින් නවත්තනවා. මොකද බ්ලොක් නොවන භාෂාවකින් මෙතනින් එහාට ලියන්න මම දන්නෙ නැහැ.
 
හැකි අයුරින් ප්‍රවේශම් වෙන්න!
 
පුළුවන්කමක් තියේනම් සියලුවැඩ තාවකාලිකව නවත්තලා ගුහාගත වෙන්න!
 
මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ !
 
 
ප.ලි. කොරෝනා වාට්ටු දෙකේ වැඩ කරන වෛද්‍යවරු 12 න් එක්අයෙකුටත්, හෙදියන් 30 කට ආසන්න ප්‍රමාණයෙන් 10ක් වගේ ප්‍රමාණයකටත් පහුගිය මාසයක කාලය ඇතුළත කොරොනා වැළඳිලා තියෙනවා.
 
(වෛද්‍ය නජිත් ඉන්දික)
 
 
('අරුණ' පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නාලදී -AUGUST 14, 2021 1:42 PM)
 

 

THE LEADER TV 
 
 
 

නාමල්කරණයට යටකළ එන්නත්කරණය!

 

හමුදාපතිත් නොදන්නා කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...