ඉන්දියන් හමුදාවට පන්න පන්නා පහර දුන්නේ කවුදැයි හිටපු ජනාධිපති ප්‍රේමදාස ද පුදුම විය...


ඉන්දියාව ද පුදුම විය..

ඒ ශ්‍රී ලංකාවේ සැබෑ බොල්ෂෙවික් කේඩරයය..

ලංකාවේ සැබෑ බොල්ෂෙවික් සමුළුවය..

ලෝකය වෙනස් කිරීම වෙනුවෙන් ජීවිතය දුන් දහස් සංඛ්‍යාත සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබට ලබාදෙන මේ උපන්දින සුභ පැතුමේ අපි දේශපාලන කතාවක් දවටා එවන්නේ ය..

අපි උපන්දින සුබපැතුම් සමාජ මාධ්‍යයේ භාවිතා කරන්නේ ම එයටය..

එකී බොල්ෂෙවික් සමුළුවේ රහස් නායකයන් රැසක් විය...

එසේම අද දවසේද නොකියන නොහඳුනන නායකයන් සිටින බව ඔබ ද අපි ද දනිමු.

ලෝකයට හෙළි වූ අය හැර අන් කිසිවෙක් හෙළි විය යුතුද නැත...

චීනය, කියුබාව සහ සමාජවාදය නමින් නම නැති එහෙත් සමාජවාදී ලෝකයේ රාජ්‍යයන් වල සැබෑ නායකයන් හෙළි වන්නේම නැත..

ජනප්‍රිය වන්නේ ද නැත..

එහෙත් ලංකාවේ බොල්ෂෙවික් ව්‍යාපාරය නිර්මාණය කළ නායකයන් පිස්සු කෙළින විට ඔබ සහ ලෝකය දැනගත යුතු නැති රහස් නායකයන් රැසකට මාධ්‍යය ඉදිරියට පැමිණීමට සිදු විය..

ඒ ලෝකය වෙනුවෙන් සිදු කරන කැප කිරීමකි. එයට අපේ ආචාරය.....

අද දවසේ නොයෙක් පෙරමුණ වල සිටින වීරයන් නිර්මාණය කිරීමට එකී බොල්ෂෙවික් සමුළුවේ දහදිය කඳුළු මුසු විය..




සමහර විටක තව අවුරුදු කිහිපයකින් ජනාධිපතිවරයා බවට පත්වන්නාද ඒ බොල්ෂෙවික් සමුළුවේ කඳුළු දහදිය මතින් බිහිවූවෙක් විය හැකිය.."මව්බිම නැත්නම් මරණය"  විමල් වීරවංශ, අනුර දිසානායක.. වැනි ජාතිකවාදය අදහන්නන් නිර්මාණය කිරීමේ සමස්ථ වගකීම එකී බොල්ෂෙවික් සමුළුව ලබාගත යුතුය....



අද දවසේ  වීරයන් සේ වැජඹෙන වීරයන්ගේ අධ්‍යාපනය සහ ජනප්‍රිය කරවීම සහ නායකයන් බවට පත් කිරීම එකී බොල්ෂෙවික් සමුළුවේ ලේ.. කඳුළු... දහදිය.. මතින් නිර්මාණය වූවකි.

ඔබ සමගම එකට ජීවත් වූ එකට අරගල කල සමහර සහෝදරයන් ඔබව පාවා දෙන විට ඔබව ආරක්ෂා කලේ කවුරුන්ද අන් කිසිවෙක් දැන නොගත්තද ඔබේ හෘද සාක්ෂිය දන්නා බව සහතිකය..

ඔබ ඇතුළු අද දවසේ ඔබ නියෝජනය කරන ව්‍යාපාරයේම සිටින ලෝකය දැනගත යුතු නැති නායක සහෝදරයන් ගේ ඡායාරූප පිටින් ලබා දුන්නේ කවුදැයි බුද්ධි අංශයේ අපේ සහෝදරවරු අපිට තොරතුරු ලබා දී අවසානය..

ලාංකීය සැබෑ බොල්ෂෙවික් සමුළුව බුද්ධිය ජවිපෙන් ඉවත් වූ පසුව එහි අති විශාල කේඩරයක් ආරක්ෂා කර ගැනීමට ඔබට ද නොහැකි විය..

එහෙත් එකී බොල්ෂෙවික් කේඩරය තවමත් සංවිධානාත්මක ය.. එහි ආකෘතියත් යල්පැනගිය පක්ෂ අකෘතිය නොවේ..

ජනතා විමුක්ති පෙරමුණේ .. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ.. පොහොට්ටුවේ.. සමගි ජන බලවේගයේ.. එක්සත් ජාතික පක්ෂයේ.. සියළු පෙරමුණු ඇතුලට අපි අපේ සෙබළුන් යවා අවසානය..

ලංකාවේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට අපිට සඟවා කිසිවක් කල නොහැක..

එසේම මිනිසුන්ගෙන් මිලියන ගණනකට එකක් ලෙස බිහිවණ සත්‍යවාදී කිසිදු විප්ලවවාදියකු ට ලංකාව තුල අතක් තබන්නට තියා හැරී බලන්නටවත් අවසර නැත...

ලංකාවේ බුද්ධි අංශ තුල ද අපේ සහෝදරයන් සහ සහෝදරියන් දහස් ගණනකි..

ඒ සියල්ල ජාත්‍යන්තර දේශපාලන බුද්ධි අංශ සමග සම්බන්ධය....

සහ ලංකාවේ දේශපාලනයට මැදිහත් වෙන සියළු ජාත්‍යන්තර දේශපාලන සංවිධාන සහ ජාත්‍යන්තර බුද්ධි අංශ සැබෑ බෝල්ෂෙවික් සමුළුව සැබෑ බොල්ෂෙවික් ව්‍යාපාරය කවුරුන්දැයි හඳුනා ගෙන අවසානය..

ඔවුන්ට අපි තොරතුරු ද ලබාදී ද අවසානය..

එනිසාම  ලංකාවේ මෙන්ම ලෝකයේම වම යැයි කියාගන්නා සමහර ජනප්‍රිය දේශපාලන පක්ෂවලටත් ඔබත් හොඳින් දන්නා ලෝකයේ වමේ ව්‍යාපාර වල අභ්‍යන්තර කේඩරයට පමණක් ලබාදෙන.. ජාත්‍යන්තර  පුහුණුවීම් වලට ලෝකයේ කිසිදු ජනප්‍රිය ජනාධිපතිවරයකුට.. අගමැතිවරයෙකුට.. හෝ ඇමතිවරුන් ට නොපෙන්වන ඔවුන්ගේ රහස් බොල්ෂෙවික් පක්ෂය මුණගස්වන පුහුණුවට...

 ඔවුන්ගේ සැබෑ ජාත්‍යන්තර විප්ලවවාදී රහස් නායකයන් පෙන්වන.. මුණගස්වන පුහුණුවට දැන් ඔවුන් ඒ අවස්ථාව ඒ ලෝකයේ බොරු වමේ පක්ෂවලට ලබා දෙන්නේ නැත.. එය ඔවුන් නවතා ඇත..

ඒ සැබෑ ව්‍යාපාර යනු මොනවාද කවුරුන්ද කියා ඔවුන් හඳුනණ නිසා ය....

ආදරණීය කුමාර් සහෝදරයා.. පෘථිවිය මිය යමින් යන්නේ.. ලෝකෙයෙ මිලියණ ගණනක් මිනිස්සු වාහන දුම් පිටකරන විට ඕසෝන් ස්ථරය මිය යෑමට නියමිතයි..

ශිෂ්ඨාචාර පිටින් අවසන් වීමට නියමිතයි..

මිනිස්සු පමණක් නොව ගහ කොළ ඇළ දොළ සමනල්ලු කුරුල්ලෝ සියල්ල මිය යාමට නියමිතයි..  

පරාගණය නැවතීමට නියමිතයි..

ලෝකයෙම ආහාර අර්බුදයක් නිර්මාණය වීමට නියමිතයි..  

මේ වෙලාවේ අපේ  වගේම.. සහ ජාත්‍යන්තර සැබෑ විප්ලවවාදීන් ගේ පළමු යුතුකම පෘථිවිය ආරක්ෂා කිරීම..

ආදරණීය රංජිතම් ගුණරත්නම් සහෝදරයාගේ සහෝදරයා වන ආදරණීය  කුමාර් ගුණරත්නම් සහෝදරයා ඇස් මස් ලේ ඇට මිදුළු මතින් එන ආදරය මුහුවුණු සුබ උපන්දිනයක් සහෝදරයා..... ⛑️❤️


(සමාජ මධ්‍යයේ පලවී තිබු සටහනකි.)



සබැඳි සටහනක් :

මතක නදිය - රෝහිත භාෂණ අබේවර්ධන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්