බුදු අම්මෝ...අපේ රටේ තරම් රට හදන්න කතා කරන මිනිස්සු මේ තුන් ලෝකේ කොහේවත් නැතිව ඇති.



ඇත්තටම අපේ රටේ දේශප්‍රේමියයි, දේශද්‍රෝහීයයි හරියට වෙන් කරගන්න බැරි ඔය ප්‍රශ්නේ නිසා වෙන්න ඕනි.  

මේ රටේ මහජන දේපල මංකොල්ල කන එකා තමයි නියම දේශප්‍රේමියා විදිහට පෙනී ඉන්නේ. ඒක දන්න එකා ඒක පෙන්වා නොදී කටපියගෙන ඉන්නවා. ඇත්තටම රටේ රාළට මේ අවධානම් සහගත තනි සටන කරන්න වෙලා තියෙන්නේ ඒකයි.

රටක් විදිහට ඇත්තටම අපි කොතනද ඉන්නේ. මේ රට හදන්න බැරිද? රටේ රාළගේ උත්තරය පුළුවන්.



ඊළඟ ප්‍රශ්නය කවුද මේ රට හදන්න ඕනි. ඒක කාටවත් ලියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අයිතිය ඉතිහාසය පුරා කණ්ඩායම් කීපයකට ලියලා දීලා තමයී අපි මේ හොඳම එකෙන් කෙළවහගෙන ඉන්නේ. රට හදනවා බව කියමින් ස්වේච්ඡාවෙන් වගකීම් පවරගත්ත පල් හොරු ටිකකට මේ රටේ ජනතාව රැවටිලා.



රට හදන වගකීම මේ රටේ ජනාධිපතිගේ ඉදින් පහලම ඉන්න හැම පුරවැසියෙකුටම තියනවා. ඒක අන්සතු කරන්න බෑ. ඒක පුරවැසියෙකුගේ අනුළංඝණිය අයිතියක්. ඒකේ අපේ කියලා අනිවාර්ය කොටසක් තියනවා.

අද කට්ටිය කියන්නේ රට හදන්න නං ඉස්සෙල්ලාම කරන්න ඕනි රාජපක්ෂලාගේ පවුල් පාලනය ඉවර කරන්න ඕනි කියලා. ඇත්තටම අද මේ රටට තියෙන දේශපාලන පිලිලය ඒක තමයි. ඒක කරන්න ඕනි. රටේ රාළ ඒකට කොන්දේසි විරහිතව එකගයි.

හැබැයි රටේ රාළ අහන්නේ රාජපක්ෂලා ගෙදර ඇරියම මේ රට හැදෙනවද? මේ රට බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය මේක බාර ගත්තම වැඩේ Close ද? හරි එයාලා රට හදන්න පටන් ගන්නවා කියමු. කෝ සැලැස්මක්. ඔයාලා හොඳට බලන්න ඒකට කට මැදගෙන බලා ඉන්න විපක්ෂයේ දේශපාලන චරිත ටික දිහා. එහෙමත් නැත්තං ඒ ගැන හීන දකින ආණ්ඩුව ඇතුළේ ඉන්න චරිත ටික දිහා.

 පළවෙනි එක තමයි එයාලා අතර අදූෂිතයෝ ඉන්නේ කීයෙන් කීදෙනාද? මතක තියාගන්න Top Ten හොරු හිටියේ යහපාලන ආණ්ඩුවේ හරිද? රටේ රාළ නං මේවා කියන්න බය නෑ. මොකද හොරා නං මොන කේසර සිංහයාට උනත් රටේ රාළ කෙලින් හොරා කියලා ඇති.



බලන්නකෝ අපේ විපක්ෂයේ ඉන්න නායකයෝ ටිකට රට හදන්න තියෙන කොන්දේසියේ ලස්සන. රාජපක්ෂලා එලවන්නත් ඕනි. එලවලා තමන් අතට බලය ඕනි. නැත්නම් බෑ.


මේ රට හදන සාමූහික වගකීම බාරගන්න කවුද ලෑස්ති. කවුරුත් ලෑස්ති නෑ. ඒ වෙනුවෙන් හදන සාමූහික වැඩපිලිවෙලක තමන්ගේ කොටස කරන්න කවුද ලෑස්ති. ඇත්තටම එහෙම සාමූහික වැඩපිළිවෙලක් නෑ. එහෙම එකක් හදන්න ඔය එක්කෙනෙක්වත් එකතු වෙන්නේ නෑ. තමන්ට බලය නැත්තං කර ගනිල්ලා කියලා මගාරින තක්කඩි දේශපාලන ස්ථාවරයක නෙවෙයිද කට්ටියම ඉන්නේ. එහෙම නෙවෙයිද කියලා තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කියලා රටේ රාළ එයාලට කියනවා.

සජිත් ඉන්නේ එතන නෙවෙයිද? අනුර ඉන්නේ එතන නෙවෙයිද? පාඨළී ඉන්නේ එතන නෙවෙයිද? නෙවෙයි නං කියන්න. හෙට අපි එකතුවෙලා සාමුහික වැඩපිළිවෙළ හදමු. ඒකේ එකට රාජපක්ෂලා එලවන ජනතා අරගලය පෙරට ගේමු. ඒක ඕනි දෙස් විදෙස් ඔළු ටික රටේ රාළලා හොයලා දෙන්නං. මේ රටේ එහෙම මොළ කොච්චර තියනවද?

ඇත්තටම මේ අවස්ථාවේදී ඔය මතයේ නැත්තේ රනිල් විතරයි. රනිලුත් බැරිකම නිසා වෙන්න ඇති. නැත්තං වෙන ගැටයක්ද දන්නේ නෑ.

ඇයි මේ තනි තනි කැම්පේන්. ඇයි කට්ටියටම එකට එකතු වෙන්න බැරි. මේ රටේ තියෙන්නේ එකම ප්‍රශ්න ටිකක් වගේම ඒවට තියෙන්නේ එකම උත්තර ටිකක්. ඒක එකට එකතු වෙලා එක මේසෙක ඉදන් කතා කර ගහන්න බැරි දේශපාලන නායකයෝ මොකටද? ඒක නිසා බොරු පාට් එපා, බොරු සද්ධ එපා.



මේ රට හැදීමේ වගකීම අද ඉන්න කිසිම දේශපාලන පක්ෂයක් හරි නායකයෙක් හරි තමන්ගේ දෙවුර මතට අරන් නෑ. ගත්ත කෙනෙක් ඉන්නවා නං එයා ඉස්සෙල්ලාම පිලිගන්න ඕනි මට තනියෙම බෑ අපි සේරම එකතු වෙන්න ඕනි කියන ස්ථාවරයක සිට සියලු බලවේග එකතු කිරීම.



ඇත්තටම මේ රට හදන්න අත තියන්න ඕනි මාහා මිනිස් සම්පතක් අපට තියෙනවා. ගෝඨාභය ජනාධිපති උන ගමන් අපේ රටේ තරුණ තරුණියෝ පෙරට ආපු හැටි අපි දැක්කා. බිත්තිවල චිත්‍ර ඇදලා ගෙදර යන්න නෙවෙයි එයාලා ආවේ.

හරියට කරනවා නං පුරන් කුඹුරු ටිකත් අස්වද්දලා යන්නත් එක්ක ආවේ. ඇයි එයාලා මගින් නතර කරලා ගෙදර ඇරියේ. ඒ එයලා ඉල්ලපු නායකයා ගෝඨාභය නෙවෙයි නිසා ආපහු හැරුණා. ගෝඨාභයත් එතන නෑවා නෙවෙයි හෑවා.

ඒක නිසා මේ රට හදන්න එකතු කරගන්න පුලුවන් ස්වේච්චා ශ්‍රමය ඕනි තරම් රටේ තියනවා. රටක් ගොඩ නගන්න අත්‍යවශය දෙයක් තමයි ස්වේච්චා ශ්‍රමය. ඒක දෙන්න කවුරුත් ලෝබ නෑ. හැබැයි හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕනි. අපේ රටේ ඉතිහාසය පුරාම ස්වේච්චා සේවය ඉතා ශක්තිමත්ව තිබුණ රටක්. ගමේ කාගෙ කාගෙත් කුඹුරු කවුරුත් අත්තමට කෙටුවා.

දේශපාලන පක්ෂත් ඒ ආදර්ශය දුන්නා. හොදම උදාහරණය විජේවීර හදලා සෝමවංශ අමරසිංහ දක්වා ආපු ජනතා විමුක්ති පෙරමුණ. ජවිපෙ සියලු ජයග්‍රහණ පිටිපස්සේ තිබුණේ ඒ ස්වේච්චා ශ්‍රමය. ස්වේච්චා දැනුම. ඒත් අද ජවිපෙ කියන්නේ අනුන්ගේ පෝස්ටර් කුලියට ගහන පක්ෂයක් විතරයි.

ඊළඟට අපේ රට හදන්න යොදා ගන්න පුළුවන් හොදම තැන තමයි රාජය සේවය. අර බැසිල් රටට බරක් කිව්ව රාජය සේවය. රටේ රාළ නං කියන්නේ ඒ ප්‍රකාශය පදනම් කරගෙන බැසිල්ගේ මොල හතම ස්කෑන් කරලා බලන්න ඕනි එකක් හරි වැඩ කරනවද කියලා.

ඇත්තටම අද මේ රටේ දූෂිතම ආයතනය රාජ්‍ය සේවය තමයි. ඒක ඇත්ත. ජනාධිපති ලේකම්ගේ ඉදන් අර අහිංසක කා.කා.ස දක්වා දූෂණ චෝදනා එල්ල උන රටක් මේක. පගාව ගත්ත කා.කා.සට දඩුවම් දෙද්දී මහා පරිමාණ දූෂිත නිළධාරින් නිදොස් කොට නිදහස් කරපු රටක් මේක. ඇත්තටම අද රාජ්‍ය සේවයේ ඉන්නේ හොරකම් නොකරන නිළධාරින් අතලොස්සයි. අති බහුතරයක් හොරකම් කරනවා. හැබැයි රාජ්‍ය නායකයෝ හොරකම් කරන තාක් රාජ්‍ය සේවයේ දූෂිත බව අයින් කරන්න බෑ.



දුෂිත දේශපාලනඥයා හා දූෂිත නිළධාරින් තමයි මේ රට විනාශ කිරීමේ පළවෙනි වග උත්තරකරුවෝ. කැබිනට් එක දූෂිත රටක රාජ්‍ය සේවය ගැන කවර කතාද? මෙතනදී රටේ රාළ කරන මේ චෝදනාව ජනාධිපතිට අදාල නැති බව ඇත්ත. කැබිනට් එකේ එක්නෙකුට දෙන්නෙකුට අදාළ නොවෙන්නත් පුළුවන්.



මේ රටේ රාජ්‍ය සේවය දේශපාලන විසින් බෙදලා. වෘතිය සමිති විසින් බෙදලා. අද තමන්ගේ වැටුපට සරිලන සේවයක් කරන රාජ්‍ය සේවකයෝ කීයෙන් කීදෙනාද ඉන්නේ.

රාජ්‍ය සේවයේ තියෙන හිගය විසින් අද වැඩිපුර වැඩ කරන්න රාජ්‍ය සේවකයාට සිද්ධවෙලා. හැබැයි ඒකට අතිකාල දීමනා ක්‍රමයක් රාජ්‍ය සේවය ඇතුළේ තියනවා. ඒවායේ තව වෙනස්කම් තියනවා නං ඒවා කරන්න රටේ රාළ ඒවාට විරුද්ධ නෑ.

 හැබැයි රාජ්‍ය සේවයත් හුරු කරන්න ඕනි, එයාලත් දැනගන්න ඕනි එයාලත් යැපෙන්නේ ජනතාවගේ බදු මුදලෙන් කියලා. ඒක නිසා තමන් ගන්න වැටුපට සේවය කරන්න එයාලා අවංක වෙන්න ඕනි. ඒ ආකල්පමය වෙනස ඇති කරන්නේ කොහොමද දේශපාලඥයා හොරෙක් උනාම.

අද බලන්න රාජ්‍ය සේවයේ හදලා තියෙන විෂමතාවය. අද මේ රාජ්‍ය සේවය විසින් රාජ්ය සේවකයාගෙන් වැඩ ගන්නේ කම්පම් ගෙවමින්. තමන්ගේ වැටුපට අමතරව රාජ්‍ය සේවයට වෙනම කප්පම් ගෙවීමේ ක්‍රමයක් හදලා. පොලිස් නිළධාරියාට අද ගේන නඩු ප්‍රමාණයට ගෙවනවා. රේගු නිළධාරියාට තමන් අල්ලන හොර බඩුවලට ගෙවනවා. එහෙම උදාහරණ ඕනි තරම් තියනවා.

ඇයි ඔය හැම නිළධාරියෙකුටම සමාජ වගකීම කියලා එකක් නැද්ද? ඒකට එයා මතවාදීව සූදානම් කරන්නේ නැතිව කප්පම් දීම හරිද? ඇත්තටම එහෙම මොකටද? එයාලට හොද පඩියක් ගෙවන්න රටේ රාළ ඒකට විරුද්ධ නෑ. හැබැයි සමාජ වගකීම් වලින් මිනිස්සු පිටමං කරනවාට රටේ රාළ එකඟ නෑ.

රාජය සේවයේ ලොකු වැටුප් විෂමතාවයන් හදලා. රාජපක්ෂ සේවය ඇතුළේ වරප්‍රසාද සහිත කම්කරු පන්තියකුයි. වරප්‍රසාද අහිමි කම්කරු පන්තියකුයි හදලා. ඉතින් කොහොමද රටක් හදන්නේ. ඒක නිසා මේ තැන් දෙකට අදාල වැඩපිළිවෙලක් හැදෙන්නේ ඕනි. ඒක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒක කරන්න පුළුවන්. හැබැයි දේශපාලන ආදර්ශය නැතිව ඒක කරන්න බෑ.


ගෝඨාභය හොරෙක් නූනට මොකටද අනිත් ඔක්කොම හොරු නං. හොරු අල්ලලා කූඩු කරලා මහජන දේපල රාජසන්තක කරන්න බැරි නායකයෙක් මේ රටට වැඩක් නෑ.

 
 

ඒක නිසා ඉස්සෙල්ලම මේ රටට ඕනි වගකීම සහගත දේශපාලන නායකත්වයක්, වගකීම් සහගත රාජ්‍ය සේවයක්. කරන්න තවත් ගොඩක් වැඩ තියනවා. ටික ටික කතා කරමු. මොකද ඔය ටික එකපාර කිව්වා කියලා රට හැදෙන්නේ නෑනේ.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 


 

THE  LEADER  TV
 

2024 දී පොහොට්ටුවේ කැරැට්ටුව ?
 

 
 
අගමැති නිකමෙක් ලු ! | The Leader TV
 

 
 
අයියගෙයි මල්ලිගෙයි මරු කාන්තා විමුක්තිය ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්