BREAKING
Top Ad
බුකිය

බලාපොරොත්තු ඇතිකර ගන්න පුළුවන් - වික්ටර් අයිවන්

T

The Leader

May 19, 2019 • 4:11 AM

බලාපොරොත්තු ඇතිකර ගන්න පුළුවන් - වික්ටර් අයිවන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාහිර වශයෙන් අවලස්සන දේවල් පෙනෙන්නට තිබුන ද ලංකා සමාජය වේගයෙන් වෙනස් වෙමින් තිබෙන සමාජයක් බව පෙනෙන්නට තිබෙනවා.
  • කතෝලික සමාජය තමන්ට සිදුවූ හානිය විදදරාගැනීමට ගනු ලැබූ තීරනය අනෙකුත් ආගමික හා වාර්ගික සමාජයන් කෙරෙහි ලොකු යහපත් බලපෑමක් ඇතිකිරීමට හේතු වුනා.
  • ආවේගයන් පිට කිරීමට නොහැකි වීම තුල ප්‍රබල මුස්ලිම් විරෝදි මානසික ආවේගයන් මුස්ලිම් නොවන සමාජය තුල ඇති කරන්නට හේතු වුනද සමාජය ඊට ගැලපෙන ප්‍රචන්ඩ තැනකට තල්ලු වුනේ නැහැ.
  • ප්‍රමාද වී ස්තාන කිහිපයක පහර දීම් ඇති වුවද ඒවා දේසපාලන යටි අරමුනක් ඇතිව සිදුවූ පිටස්තර කඩාවැදීම් බව පැහැදිලිව පේනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාස්කු ඉරිදා සිදුවූ සිදුවූ සිදුවීම ලොකු හා දැවැන්ත සිදුවීමක්. ඊට සාපේක්ෂව සිදුවූ නරක ප්‍රතිචාර වල තරම විශාල නැහැ.

කතෝලික සමාජය තමන්ට සිදුවූ හානිය විදදරාගැනීමට ගනු ලැබූ තීරනය අනෙකුත් ආගමික හා වාර්ගික සමාජයන් කෙරෙහි ලොකු යහපත් බලපෑමක් ඇතිකිරීමට හේතු වුනා. ආවේගයන් පිට කිරීමට නොහැකි වීම තුල ප්‍රබල මුස්ලිම් විරෝදි මානසික ආවේගයන් මුස්ලිම් නොවන සමාජය තුල ඇති කරන්නට හේතු වුනද සමාජය ඊට ගැලපෙන ප්‍රචන්ඩ තැනකට තල්ලු වුනේ නැහැ.

ප්‍රමාද වී ස්තාන කිහිපයක පහර දීම් ඇති වුවද ඒවා දේසපාලන යටි අරමුනක් ඇතිව සිදුවූ පිටස්තර කඩාවැදීම් බව පැහැදිලිව පේනවා. එහෙත් ඒවා රට පුරා ව්‍යාප්ත වුනේ නැහැ. වර්ග වාදි හා ආගම් වාදි හඩ නැගීම් පෙනෙන්නට තිබුනද ඊට එරෙහිව හඩ නගන්නන් ගේද වේගවත් වර්දනයක් ඇතිවී තිබෙන බව පේනවා.

හරි හා වරද අතර තිබෙන ගැටුමේදී වැරදි ගොඩේ ශක්තිය දුර්වල කරමින් හරි ගොඩේ ශක්තිය වර්දනය වෙමින් තිබෙන බවද පේනවා.

ගැටුම් ඇතිවූ සමහර ප්‍රදේශවල පොලීසිය හා ආරක්ෂක හමුදා පක්ෂ පාතිත්වයකින් ක්‍රියා කර තිබෙන බව පෙනෙන්නට තිබුනද නුවර ඇති කරන්නට අර අදින ලද ගින්නේදී ආරක්ෂක හමුදා පැත්තක් නොගෙන කලබලකරුවන් පලවාහැරියා.

නව යුද්ද හමුදා පතිවරයාගේ කාර්‍යබාරයත් ඉතාමත් ප්‍රසන්සනීයයි. භික්ෂුන් කිහිප දෙනෙකු කලබලවලට සම්බන්ද වූ බව පෙනෙන්නට තිබුනද භික්ෂු සාසනය මුලු එකක් වශයෙන් කලබල මෙහෙවන බලවේගයක් ලෙස ක්‍රියා කලේ නැහැ.

මාරවිල මහේස්ත්‍රාත් උසාවියෙන් සාධනීය කතාවක් අසන්නට ලැබෙනවා. කලබලවලට සම්බන්ද පිරිසක් උසාවිය ට ඉදිරිපත් කල අවස්තාවේදී උසාවියෙ නීතිවේදීන් සාමුහිකව නැගී සිටිමින් මහත් ආවේගයෙන් අදහස් පලකරන තැනකට ගොස් තිබෙනවා.එහෙත් නඩුකාරවරයා ඒ ආවේගකාරි වටාපිටාවට යට නොවි සියලු සැකකරුවන් රිමාන්ඩ් කර තිබෙනවා. පසුදින නඩුකාරවරයා සියලු නීතිවේදීන් උසාවි ශාලාවට කැදවා ඔවුන් ගේ වැරදි හැසිරීම ට අවවාද කරතිබෙනවා.

මගේ මතය වන්නේ නරක දේවල් පෙනෙන්නට තිබුනත් ලංකාවේ සමාජ අභ්‍යන්තරයේ ලොකු පරිවර්තනයක් සිදුවෙමින් තිබෙනවා. එය වේගයෙන් සිදුවන දෙයක් බවද පේනවා.

අපි කවුරුත් එකතු වෙලා විසදාගත යුතු මූලික ප්‍රස්න තුනක තිබෙනවා. වර්තමානයට කුලක්‍රමයක් හෝ කුලබේදයක් අවශ්‍ය නැහැ.එය නැති කල යුතුයි. වර්ගහා ආගම් ඒ විදියට නැති කරන්න බැහැ. ඒ නිසා වර්ග හා ආගම් අතර අවබෝදය මත පදනම් වු සහජීවනයක් ඇතිකරගන්නා තැනකට යායුතුයි. ඒ මගින් නුතන ලාංකේය ජාතිය ගොඩනගාගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් පදනමක් ඇති කරගැනීමට හැකිවේනම් කුනුවී තිබෙන රාජ්‍ය ප්‍රතිනිර්මානය කරගැනීම අපහසු දෙයක් වන්නෙ නැහැ.

(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී. 2019 මැයි 18)

viiiiii

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...