The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

පාපන්දු ලෝකය සෙලවෙයි: ගෝල් 0-2කින් පිටුපසින් සිටි ජපානය ගෝල් 3-2කින් බ්‍රසීලය පරදවයි

T

The Leader Desk

October 17, 2025 • 9:42 AM

පාපන්දු ලෝකය සෙලවෙයි: ගෝල් 0-2කින් පිටුපසින් සිටි ජපානය ගෝල් 3-2කින් බ්‍රසීලය පරදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝල් 0-2කින් පිටුපසින් සිට විවේක කාලයෙන් පසුව ජපානය නැවත සටනට අවතීර්ණ වෙමින් පාපන්දු යෝධයින් වන බ්‍රසීලය ගෝල් 3-2කින් පරාජය කිරීමෙන් මුළු පාපන්දු ලෝකය ම කම්පනය වී සිටිනවා.
  • මෙය උත්සාහයන් 14කට පසුව ජපානය ලෝක පාපන්දු කුසලානය පස් වතාවක් දිනූ බ්‍රසීලය ට එරෙහිව ලබා ගත් පළමු ජයක්.
  • ජාතික ක්‍රීඩාංගණයේ රොක්ව සිටි 45,000කට ආසන්න නරඹන්නන්ගේ මහත් ඝෝෂාව මධ්‍යයේ හජිමි මොරියාසුගේ කණ්ඩායම තරගයේ විවේක කාලය වන විට තිබූ ගෝල් 0-2 පාඩුව පෙරළා දැමුවේ කාලෝ ඇන්සිලොට්ටිගේ බ්‍රසීල කණ්ඩායම තුළ තිගැස්මක් ඇති කරමින්.
  • ජයග්‍රහණයෙන් ක්‍රීඩා මණ්ඩපය උත්සව සිරියෙන් පිරී තිබුණ ද, පරෙස්සම් වන ලෙසට තම කණ්ඩායමට දැන්වීමට මොරියාසු වැඩි වේලාවක් ගත්තේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජපානය මේ චමත්කාරජනක ජයග්‍රහණය වාර්තා කළේ බ්‍රසීලය සමග අඟහරුවාදා ටෝකියෝ නුවර පැවති මිත්‍ර තරගයකදී. මෙය උත්සාහයන් 14කට පසුව ජපානය ලෝක පාපන්දු කුසලානය පස් වතාවක් දිනූ බ්‍රසීලය ට එරෙහිව ලබා ගත් පළමු ජයක්.



ජාතික ක්‍රීඩාංගණයේ රොක්ව සිටි 45,000කට ආසන්න නරඹන්නන්ගේ මහත් ඝෝෂාව මධ්‍යයේ හජිමි මොරියාසුගේ කණ්ඩායම තරගයේ විවේක කාලය වන විට තිබූ ගෝල් 0-2 පාඩුව පෙරළා දැමුවේ කාලෝ ඇන්සිලොට්ටිගේ බ්‍රසීල කණ්ඩායම තුළ තිගැස්මක් ඇති කරමින්.

ජයග්‍රහණයෙන් ක්‍රීඩා මණ්ඩපය උත්සව සිරියෙන් පිරී තිබුණ ද, පරෙස්සම් වන ලෙසට තම කණ්ඩායමට දැන්වීමට මොරියාසු වැඩි වේලාවක් ගත්තේ නැහැ.

football japan

“මේ ප්‍රතිඵලය ක්‍රීඩකයන් සමරනවා දකින්න මට උවමනායි. නමුත් මෙතැන් සිට ලොව ශක්තිමත් කණ්ඩායම් අපි ගැන වැඩි අවධානයක් යොමු කරාවි” යනුවෙන් ඔහු කියා සිටියා. “බ්‍රසීලය වැනි ඉහළම පෙලේ කණ්ඩායම් නිල තරගවලදී පරාජය කිරීමට දියුණුව සහ පරෙස්සම අවශ්‍යයි. අද ලැබුනු ප්‍රතිඵලය මත විශ්වාසය ගොඩනගා ගන්නා ලෙස මම ක්‍රීඩකයන්ට කියනවා.”

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක කණ්ඩායම් 16 දෙනාගේ වටයෙන් ඉදිරියට කවරවිටකවත් ගොස් නැති ජපානය 2026 වසරේදී අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙන තරගාවලියේදී වඩාත් හොඳ ප්‍රගතියක් පෙන්නුම් කිරීමේ අධිෂ්ඨානයෙන් පසුවනවා.


FBL JPN BRA FRIENDLY 23 1760452480659 1760452499509

2022 ලෝක කුසලානයේ මූලික වටයේදී ජර්මනිය හා ස්පාඤ්ඤය පරාජය කළ ජපානය බ්‍රසීලය පරදවා ලබා ගත් මේ ජයග්‍රහණය ඔවුන්ගේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව තව දුරටත් වර්ධනය වන බවට ලෝකයට කළ තවත් ප්‍රකාශනයක්.


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...