The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 08ක විශිෂ්ට ජයක්

T

The Leader Desk

October 27, 2023 • 5:51 AM

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 08ක විශිෂ්ට ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් කඩුලු 08ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (ඔක් 26 වෙනිදා) සමත් විය.
  • ඔවුන් දෙදෙනා පන්දු වාර 06 කදී ලකුණු 44ක් එක් කිරීමට සමත් විය.
  • බෙයාර්ස්ටෝ සහ මලාන් වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සාහ දැරීම හමුවේ එය පාලනය කිරීමට ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමට කැඳවූයේ තරගයේ 07 වන පන්දු වාරයේදීයි.
  • එම පන්දු වාරයේ තුන්වන පන්දුවේදී ලකුණු 28ක් රැස් කරගෙන සිටි ඩේවිඩ් මලාන් ගේ කඩුල්ල දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගය පැවැත්වුනේ බැංගලෝර් එම්. චීන්නස්වාමි ක්‍රිඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනු එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. ඊයේ එංගලන්ත තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබීම විශේෂත්වයක් විය.

ඒ අනුව ඉකුත් දා නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරගයට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබුණි.

එංගලන්තයේ සාර්ථක ආරම්භය

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ජොනී බෙයාර්ස්ටෝ සහ ඩේවිඩ් මලාන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා පන්දු වාර 06 කදී ලකුණු 44ක් එක් කිරීමට සමත් විය.

බෙයාර්ස්ටෝ සහ මලාන් වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සාහ දැරීම හමුවේ එය පාලනය කිරීමට ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමට කැඳවූයේ තරගයේ 07 වන පන්දු වාරයේදීයි.

එම පන්දු වාරයේ තුන්වන පන්දුවේදී ලකුණු 28ක් රැස් කරගෙන සිටි ඩේවිඩ් මලාන් ගේ කඩුල්ල දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ වන විට එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 45ක් ලෙසයි.

මැතිව්ස්ගේ සුපිරි පන්දු රැකීම

 cr 765

එංගලන්ත ඉනිමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 12ක් එක් වන අවස්ථාවේදී ජෝ රූට් ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ජෝ රූට් දුවද්දී දවා ගැනීමට සමත් වීමත් සමග යි.

 

එංගලන්ත ඉනිමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 12ක් එක් වන අවස්ථාවේදී ජෝ රූට් ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ජෝ රූට් දුවද්දී දවා ගැනීමට සමත් වීමත් සමග යි.

ඉන් පසුව ක්‍රමයෙන් සිය පන්දු යැවීම හා පන්දු රැකීමේ අංශයෙන් එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

එංගලන්ත ඉනිමේ ලකුණු පුවරුව පිළිවෙලින් ලකුණු 68, 77 සහ 85 වන විට ජොනී බෙයාර්ස්ටෝ, ජොස් බට්ලර් සහ ලීයාම් ලිවින්ස්ටෝන් ගේ කඩුලු දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එංගලන්තයට අස්වැසිල්ලක් ගෙනා සබඳතාවය

ලකුණු 40ක් තුළ දී කඩුලු 05ක් දැවී ගිය සිය කණ්ඩායමට යම් සහනයක් ගෙන ඒමට බෙන් ස්ටොක්ස් සහ මොයින් අලී ගේ සබදතාවයට හැකිවිය.

ඔවුන් දෙදෙනා 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක් එක් කිරීමට සමත් වූවද නැවත වරක් ක්‍රියාත්මක වූ ඇන්ජලෝ මැතිව්ස් මොයින් අලී ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. මොයින් අලී ලකුණු 15කට දැවී යන විට එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 24.4 කට ලකුණු 122ක් ලෙසයි.

සදීර ගේ දක්ෂ පන්දු රැකීම

එංගලන්ත කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ක්‍රිස් වෝක්ස් ලකුණු රැස් කිරීමට පෙර ඔහුගේ කඩුල්ල දවා ගැනීමට කසුන් රාජිත සමත් විය. ඒ, සදිර සමරවික්‍රමගේ දක්ෂ උඩ පන්දු රැකීමක් හමුවේයි.

එංගලන්ත ඉනිමේ 31ක් වන පන්දු වාරයේදී ලහිරු කුමාර විසින් බෙන් ස්ටොක්ස් ගේ කඩුල්ල දවා ගනු ලැබුවේ ලකුණු පුවරුවේ මුළු ලකුණු සංඛ්‍යාව 137ක් ව තිබියදී ය.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ස්ටොක්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 43 කී.

ඉන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 03 ලකුණු 19ක් තුලදී දවා ගනු ලැබුවේ ඔවුන්ගේ ඉනිම ලකුණු 156කට සීමා කරමිනි.

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 35 කට කඩුලු 03ක් , ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රාජිත කඩුලු දෙක බැගින් සහ මහිෂ් තීක්ෂණ එක් කඩුල්ලක් දවා ගනු ලැබීය.

අසාර්ථක වූ ශ්‍රී ලංකා ආරම්භය

ලකුණු 157ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංකට සහ කුසල් ජනිත් පෙරේරාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුණි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දු වාර 1 යි පන්දු 5කදී ලකුණු 09ක් වන විට කුසල් ජනිත් පෙරේරා දවා ගැනීමට ඩේවිඩ් විලි සමත් විය. කුසල් ජනිත් පෙරේරා රැස් කළේ ලකුණු 04ක් පමණි.

ඉන් පසුව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 14ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය.

කෙසේ වුවද කුසල් මෙන්ඩිස් ලකුණු 11ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට ඩේවිඩ් විලි සමත් විය.

ඉනිම ගොඩනැගු සබඳතාවය

 cr 766

පැතුම් නිස්සංක නොදැවී ලකුණු 77ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 65ක් රැස් කළේය.

 

ලකුණු 23 කට කඩුලු දෙකක් දැවී තිබු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම සමත් විය.


ඔවුන් දෙදෙනා 03 වන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 137ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

පැතුම් නිස්සංක නොදැවී ලකුණු 77ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 65ක් රැස් කළේය.

ඒ අනුව පන්දු වාර 25 යි පන්දු 4 කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 160ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව, එංගලන්තය පරාජය කරමින් කඩුලු 08ක ජයක් ලැබීමට සමත් විය.

 cr 767

ලෝක කුසලාන තරගාවලියකදී අවසන් වරට එංගලන්තය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කර ඇත්තේ 1999 වසරේදීයි.

 

ලෝක කුසලාන තරගාවලි 05 කදි නොබිඳුණු වාර්තාව

ලෝක කුසලාන තරගාවලියකදී අවසන් වරට එංගලන්තය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කර ඇත්තේ 1999 වසරේදීයි.

ඉන් පසුව 2007, 2011, 2015 සහ 2019 වසරවල් වලදී පැවති ලෝක කුසලාන තරගාවලි වලදී ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කිරීමට සමත්ව තිබේ.

ඒ අනුව ඊයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේද ඇතුළුව අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි 05 කදී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම විශේෂත්වයකි.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...