The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චැම්පියන්ස් කුසලාන ආරක්ෂක රාජකාරි ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් 100ක් සේවයෙන් දොට්ට

T

The Leader Desk

February 27, 2025 • 11:11 AM

චැම්පියන්ස් කුසලාන ආරක්ෂක රාජකාරි ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් 100ක් සේවයෙන් දොට්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේවයෙන් නෙරපා දැමුනු මේ පොලිස් භටයින් පොලිස් බලකායේ විවිධ අංශවලට අනුයුක්තව සිටි අය.
  • එහෙත් මේ නිලධාරීන් සේවයට පැමිණ නැති අතර තවත් පිරිසක් එම වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව පන්ජාබ් පොලිස් නිලධාරියා ප්‍රකාශ කරනවා.
  • පන්ජාබ් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උස්මාන් අන්වර් විසින් මේ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වනවා.
  • ජාත්‍යන්තර තරග පැවැත්වෙන විට මෙසේ රාජකාරිය නොසලකා හැරීමට ඉඩ දිය නොහැකි බව ඔහු තරයේ ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සේවයෙන් නෙරපා දැමුනු මේ පොලිස් භටයින් පොලිස් බලකායේ විවිධ අංශවලට අනුයුක්තව සිටි අය.

පන්ජාබ් පොලිසියේ නිලධාරියෙකුට අනුව, පොලිස් භටයින් හා පොලිස් නිලධාරීන් සියයකට වැඩි පිරිසක් අවස්ථා ගණනාවකදී සේවයට වාර්තා නොකිරීම හා තවත් සමහරු චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඔවුන්ට පවරා තිබෙන රාජකාරි ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

duties refused pak

 

මේ පොලිස් නිලධාරීන්ට නියමව තිබුණේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය හා හෝටල අතර ගමන් කරන කණ්ඩායම්වලට ආරක්ෂාව සැපයීම. එහෙත් මේ නිලධාරීන් සේවයට පැමිණ නැති අතර තවත් පිරිසක් එම වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව පන්ජාබ් පොලිස් නිලධාරියා ප්‍රකාශ කරනවා.

පන්ජාබ් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උස්මාන් අන්වර් විසින් මේ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වනවා. ජාත්‍යන්තර තරග පැවැත්වෙන විට මෙසේ රාජකාරිය නොසලකා හැරීමට ඉඩ දිය නොහැකි බව ඔහු තරයේ ප්‍රකාශ කර තිබෙනවා.

 

cr 20250226tn67beaaa65dc80

සේවයෙන් නෙරපා දැමුණු පොලිස් නිලධාරීන් තමන්ට පවරා තිබූ නිල කාර්යයන් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළ හේතුව කුමක්ද යන්න පිළිබඳව නිල ප්‍රකාශයක් නැතත්, මේ නිලධාරීන් පැය ගණන් දීර්ඝ රාජකාරි නිසා අධික වෙහෙසට පත්ව සිටි බව දේශීය මාධ්‍ය වාර්තා කිහිපයක සඳහන් වනවා.


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චැම්පියන්ස් කුසලාන ආරක්ෂක රාජකාරි ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් 100ක් සේවයෙන් දොට්ට | The Leader