The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් පහන ගෙන යන්නේ අවුරුදු 100ක් වයසැති පුද්ගලයෙක්

T

The Leader Desk

February 9, 2024 • 12:52 PM

පැරිස් ඔලිම්පික් පහන ගෙන යන්නේ අවුරුදු 100ක් වයසැති පුද්ගලයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන ගෙන යන්නේ අවුරුදු 100ක් වයසැති පුද්ගලයෙක්.
  • නමුත් ප්‍රංශයේ ජීවත් වන වැඩියෙන්ම වයස්ගත මේ ඔලිම්පික් පදක්කම්ලාභියාට ඔලිම්පික් බිමේ කැපී පෙනීම සඳහා ජීවිතයේ තවත් එක් අවස්ථාවක් උදාවී තිබෙන්නේ ‘පැරිස් 2024’ ඔලිම්පික් පහන රැගෙන යාමට ඔහු තෝරාගෙන ඇති නිසා.
  •   බ්‍රහස්පතින්දා 100 වැනි වියට පා තැබූ චාල්ස් කොස්ටා 1948 ලන්ඩන් ඔලිම්පික් කණ්ඩායම් පාපැදි ධාවන පථ ඉසව්වේ රන් පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
  •   කොස්ටා උපත ලැබුවේ පැරිසිය මීට පෙර අවසන් වතාවට ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය දැක්වූ 1924 වසරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
1948 වසරේ ලන්ඩනයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ජයග්‍රාහකයන් සඳහා වන කුඩා වේදිකාවේ සිට ප්‍රංශ ජාතික ගීයට සවන් දීමේ අවස්ථාව චාල්ස් කොස්ටා (Charles Coste) ට ලැබුනේ නැහැ. නමුත් ප්‍රංශයේ ජීවත් වන වැඩියෙන්ම වයස්ගත මේ ඔලිම්පික් පදක්කම්ලාභියාට ඔලිම්පික් බිමේ කැපී පෙනීම සඳහා ජීවිතයේ තවත් එක් අවස්ථාවක් උදාවී තිබෙන්නේ ‘පැරිස් 2024’ ඔලිම්පික් පහන රැගෙන යාමට ඔහු තෝරාගෙන ඇති නිසා.
 
gettyimages 1094948524බ්‍රහස්පතින්දා 100 වැනි වියට පා තැබූ චාල්ස් කොස්ටා 1948 ලන්ඩන් ඔලිම්පික් කණ්ඩායම් පාපැදි ධාවන පථ ඉසව්වේ රන් පදක්කමක් දිනා ගෙන තිබෙනවා. මෙහිදී ඔහුගේ අනෙක් කණ්ඩායම් සගයන් වුනේ Pierre Adam, Serge Blusson හා Fernand Decanali.
 
1949 වසරේ පැවති Grand Prix des Nations නමැති කිලෝමීටර් 140ක කාලවේලා මැනීමේ පාපැදි තරගයේදී, ප්‍රංශ සවාරිය (Tour de France) සහ Giro d’Italia නමැති පාපැදි තරගවලියන්හි ශූරයෙකු වන ඉතාලියේ Fausto Coppi පරාජය කිරීම ද චාල්ස් කොස්ටාගේ  වාර්තාවට ඇතුළත්ව තිබෙන තවත් හපන්කමක්.
5b0aa
 
කොස්ටාගේ ඔලිම්පික් රන් පදක්කම ඔහු දිනා ගත් අනෙකුත් පදක්කම් සමග රාමු කර තිබෙනවා. මේ අතර තිබෙන තවත් පදක්කමකට විශේෂත්වයක් එක්ව තිබෙන්නේ එවකට ප්‍රංශයේ ජනාධිපතිවරයාව සිටි Vincent Auriol අතින් ඔහුගේ පැරිස් උපනගරයේ මහල් නිවසේ කාමරයකදී ඒ පදක්කම ලබා ගැනීම නිසා.
 
“ජනාධිපති Auriol අතින් පදක්කම ලබා ගැනීම විශාල ගෞරවයක්. නමුත් වැඩියෙන්ම වැදගත් පදක්කම ඔලිම්පික් පදක්කමයි” චාල්ස් කොස්ටා පවසනවා.
 
ol h

කොස්ටා උපත ලැබුවේ පැරිසිය මීට පෙර අවසන් වතාවට ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය දැක්වූ 1924 වසරේ. ඔහුට දැන් ආධාරකයක් නැතිව චලනය වෙන්න බැහැ. නමුත් ඔහුගේ මතකය තවමත් නැවුම්.
 
“එය ඉතා කුඩා වේදිකාවක්. ඔවුන් අපට ඔලිම්පික් පදක්කම දුන්නේ පෙට්ටියක දමලා. ඒ කාලේ ඔවුන් පදක්කම ඔබේ ගෙලේ පැළඳුවේ නැහැ” කොස්ටා සඳහන් කරන්නේ මතක මාවතේ යමින්.
 
“අපි බලාගෙන හිටියා. ටික වෙලාවකින් පස්සෙ ඔවුන් අපට කීවා, ‘ඔබට La Marseillaise (ප්‍රංශ ජාතික ගීය) අහන්න ලැබෙන්නේ නැහැ. මොකද, අපට ඒ ගීත තැටිය හොයාගන්න බැරිවුනා’ කියලා. කොහොම වුනත්, අපේ ඉලක්කය වී තිබුනේ රන් පදක්කම ලබා ගන්නයි.”
 
80749114 1 scaled
 
“එය මිනිසුන් අතර තිබුනු මිත්‍රත්වයේ කතන්දරයක්. මම කවදාහරි ජෙනරල් කෙනෙක් හෝ ඔලිම්පික් ශූරයෙක් වන බවක් වයස අවුරුදු 12දී මම කිවුවා කියලා මගේ මව මට කියා තිබෙනවා. ඔලිම්පික් පදක්කම ලබා ගත් අවස්ථාවේ එතන හිටපු වැඩියෙන්ම සතුටට පත් පාපැදිකරුවා වුනේ මම යි.”
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශයේ ආහාර කූපන් පත් තිබුනු යුගයක ඒ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොස්ටා හා අනෙක් අයට සිත් බැඳගත් විවේකී අවස්ථාවක් වුනා.
 
37f02d5153ef364c98e0b0a0dbfdbc40

“ඒ දවස්වල රූපවාහිනී තිබුනේ නැහැ. අපේ එක ම ඉලක්කය වී තිබුනේ රන් පදක්කම ලබා ගැනීම. හොඳ සහෘදයන්ගේ කණ්ඩායමක්ව සිටි අපි නියෝජනය කරමින් සිටියේ ජර්මානුවන් විසින් අත්කර ගැනීමෙන් මිදී අවුරුදු පහක් පමණක් ගෙවී තිබුනු රටක්” යනුවෙන් කොස්ටා ප්‍රකාශ කරනවා.
ප්‍රංශයේ ඉහළ ම ගෞරවය වන Legion d’Honneur සම්මානයයි එදා ඔහුට ලැබෙන්න තිබුනේ. නමුත් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් ඔහුට එය පිරිනැමුනේ මීට දෙවසරකට ඉහතදී.

2024 පැරිස් ඔලිම්පික් පහන රැගෙන යාමට නියමිතව සිටියත් ඔහු ඒ පිළිබඳව බලන්නේ සැක සංකාවෙන් යුතුව.  “මගේ දණහිසේ වේදනාවක් තියෙනවා” ඔහු කියනවා.
 
p07 240208 308
 
“මම ඒක කරන්න උත්සාහ කරන්නම්. ඒක මට ලොකු ගෞරවයක්. ඒ දවස්වල, පත්තර වාර්තාකරුවන් මේ වගේ ගොඩාක් මා ළඟට ආවේ නැහැ. මේක මට ලැබුනු කදිම උපන්දින තෑග්ගක්. මට අවශ්‍ය වුනේ මගේ 100 වැනි උපන්දිනේ සාමකාමීව සමරන්නයි. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ” යනුවෙන් චාල්ස් කොස්ටා පැවසුවේ ඔහු‌ වෙනුවෙන් Bois-Colombes නගර ශාලාව සංවිධානය කර තිබෙන උත්සවය ගැන සඳහන් කරමින්.

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...