The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජස්ප්‍රිට් බුම්රාගේ 100 වැනි T20 කඩුල්ල ගැන මතභේදයක්

T

The Leader Desk

December 10, 2025 • 3:10 PM

ජස්ප්‍රිට් බුම්රාගේ 100 වැනි T20 කඩුල්ල ගැන මතභේදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ ප්‍රබලතම වේග පන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට්, ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 යන ක්‍රිකට් ක්‍රීඩාවේ
  • බුම්රා ඊයේ (9) ජාත්‍යන්තර විස්සයි20 කඩුලු 100ක් ලබා ගත් දෙවැනි ඉන්දියානුවා බවට පත්වූව ද එම අවස්ථාව තරග විනිසුරු‌ගේ වැරදීමක් නිසා මතභේදයට ලක්වුණා.
  • එය සිදුවුනේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර කටක් හි බරාබාටි ක්‍රීඩාංගණයේ පැවති පළමු ජාත්‍යන්තර විස්සයි20 තරගයේ 11 වැනි ඕවරයේ.
  • ලකුණු 176ක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකානුවන් ඒ වන විට ලකුණු 68කට කඩුලු 6ක් බිඳ වැටී සිටි අතර සූර්යකුමාර් යාදව් ඔහුගේ හොඳම පන්දු යවන්නා ප්‍රහාරයට කැඳවූවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ව්‍යුහයන් තුනේම අවම වශයෙන් කඩුලු 100 බැගින් ලබා ගත් ලොව පස්වැනි පස්වැනි පන්දු යවන්නා බවට පත්ව සිටිනවා.

බුම්රා ඊයේ (9) ජාත්‍යන්තර විස්සයි20 කඩුලු 100ක් ලබා ගත් දෙවැනි ඉන්දියානුවා බවට පත්වූව ද එම අවස්ථාව තරග විනිසුරු‌ගේ වැරදීමක් නිසා මතභේදයට ලක්වුණා.

එය සිදුවුනේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර කටක් හි බරාබාටි ක්‍රීඩාංගණයේ පැවති පළමු ජාත්‍යන්තර විස්සයි20 තරගයේ 11 වැනි ඕවරයේ. ලකුණු 176ක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකානුවන් ඒ වන විට ලකුණු 68කට කඩුලු 6ක් බිඳ වැටී සිටි අතර සූර්යකුමාර් යාදව් ඔහුගේ හොඳම පන්දු යවන්නා ප්‍රහාරයට කැඳවූවා.

බුම්රා පිට ඉන්නට පිටතින් පතිත වන ලෙස කෙටි පන්දුවක් ඩිවාල් බ්‍රෙවිස් වෙත එවූ අතර ඔහු ‘කවර්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි සූර්යකුමාර් අතට උඩ පන්දුවක් ලබා දුන්නා. ඉන්දියා කණ්ඩායම සතුටු වෙද්දී තමා ගැන කෝපයෙන් පසුවෙමින් බ්‍රෙවිස් වහාම පිටියෙන් ඉවතට ඇවිද ගියා.

කෙසේ වෙතත්, ඔහු හතරේ සීමාව හරහා යද්දී, බුම්රාගේ පන්දු යැවීම නැවත විකාශය කෙරුනා. එහිදී ඔහු එම පන්දුව යැවූ මොහොතේ ඔහුගේ පාදයේ කිසිම කොටසක් සීමාවට පිටුපසින් තිබෙන බවක් දිස්වුනේ නැහැ. ඒ අනුව එය නීතිවිරෝධී පන්දුවකි (no-ball).

එහෙත් එය නීතිවිරෝධී පන්දුවක් ලෙස නම් කිරීමට තෙවැනි විනිසුරු අසමත් වූ අතර රූපවාහිනී තිරයේ නැවත විකාශයෙන් පසුව කිසිම පියවරක් ගැනුනේ නැහැ. මෙය සීමාව දාරයේ සිදුවූවක් බැවින් පන්දු යවන්නාට සැකයේ වාසිය ලබා දීමක් විය හැකියි. බුම්රාගේ සපත්තුවේ යම් කොටසක් සීමාවට පිටුපසින් තිබෙන බවට සලකමින් තෙවැනි විනිසුරු එය සාධාරණ පන්දු යැවීමක් බවට තීරණය කර තිබුණා.

එය එසේ වුනත් නොවුනත්, එය බුම්රාගේ 100 වැනි ජාත්‍යන්තර විස්සයි20 කඩුල්ල ලෙස වාර්තා පොතට ඇතුළත් වනවා. එය යම් හෙයකින් නීතිවිරෝධී පන්දුවක් වී තිබුනත් බුම්රා කඩුලු 100 කඩඉමට පිවිසීම නොවැළැක්විය හැකි දෙයක්ව තිබුනේ ඊට පන්දු තුනකට පසුව ඔහු කේශව් මහරාජ් දවාලමින් මේ තරගයේ ඔහුගේ දෙවැනි කඩුල්ල ලබා ගත් බැවින්.

ක්‍රිකට් ව්‍යුහයන් තුනෙන්ම කඩුලු 100ක් ලබා ගත් පළමුවැන්නා වන්නේ ලසිත් මාලිංග. ඔහු එම වික්‍රමය වාර්තා කළේ 2019 වසරේ. මාලිංග ඔහුගේ ක්‍රිකට් දිවිය අවසන් කළේ ටෙස්ට් කඩුලු 101ක්, ජාත්‍යන්තර එක්දින කඩුලු 338ක් සහ ජාත්‍යන්තර විස්සයි20 කඩුලු 107ක් ලබාගෙනයි.

ක්‍රිකට් ව්‍යුහයන් තුනේදීම අවම වශයෙන් පිතිකරුවන් 150ක් දවාලූ එකම පන්දු යවන්නා වන්නේ නවසිලන්තයේ ටිම් සවුතී. ඔහු ටෙස්ට් ක්‍රීඩාවේදී පිතිකරුවන් 391ක් ද, එක්දින ක්‍රීඩාවේදී 221ක් හා විස්සයි20 ක්‍රීඩාවේ 164ක් දවාගෙන තිබෙනවා.

ටෙස්ට්, එක්දින හා විස්සයි20 ව්‍යුහයන් තුනේදී ම අවම වශයෙන් පිතිකරුවන් 100 බැගින් දවාලූ එකම දඟ පන්දු යවන්නා වන්නේ හිටපු බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන්. ඔහු ටෙස්ට් කඩුලු 246ක්, එක්දින කඩුලු 317ක් සහ විස්සයි20 කඩුලු 149ක් වාර්තා කර ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් කළා.

පාකිස්තාන වර්තමාන නායක ෂහීන් ෂා අෆ්රිඩි ද ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහයන් තුනෙන් ම කඩුලු 100 බැගින් ලබා ගෙන සිටිනවා. ටෙස්ට් පිතිකරුවන් 121ක්, එක්දින පිතිකරුවන් 135ක් සහ විස්සයි20 පිතිකරුවන් 126ක් ඔහුගේ ගොදුරු බවට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් ව්‍යුහයන් ත්‍රිත්වයේ ම කඩුලු 100ක් වාර්තා කළ පළමු ඉන්දියානු පන්දු යවන්නා වන්නේ ජස්ප්‍රිට් බුම්රා. මේ පන්දු යවන්නා සතුව ටෙස්ට් කඩුලු 234ක්, එක්දින කඩුලු 149ක් හා විස්සයි20 කඩුලු 101ක් තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...