The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශිම්රෝන් හැට්මයර්ගේ විනාශකාරී පිතිහරඹය මැද කොදෙව්වෝ ලකුණු 107කින් සිම්බාබ්වේ පරදවති

T

The Leader Desk

February 24, 2026 • 10:43 AM

ශිම්රෝන් හැට්මයර්ගේ විනාශකාරී පිතිහරඹය මැද කොදෙව්වෝ ලකුණු 107කින් සිම්බාබ්වේ පරදවති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ මුම්බායි නුවර වන්ඛඩේ ක්‍රීඩාංගණයේදී නිර්දය ප්‍රහාරයක් එල්ල කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 107කින් පැරදවූ විස්සයි20 ලෝක කුසලාන ‘සුපිරි අට’ තරගයේදී කොදෙව් පිතිකරු ශිම්රෝන් හැට්මයර්ගෙන් දිස්වූයේ විනාශකාරී පිතිහරඹයක්.
  • මෙය, T20 ලෝක කුසලාන තරගවලදී අවම වශයෙන් පන්දු 30කට මුහුණ දෙමින් ඕනෑම පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
  • ගයානා දේශයෙන් එන මේ 29 හැවිරිදි පිතිකරුවා හතරේ සීමාවට පහර හතක් සහ ඒ සීමාවට ඉහළින් ඒ හා සමාන පහර සංඛ්‍යාවක් එල්ල කළා.
  • වේගවත්ම අර්ධ ශතකය හැට්මයර් හතරේ පහර හතරක් සහ හයේ පහර පහක් සමග පන්දු 19කින් ලකුණු 50ක් ලබා ගනිමින් විස්සයි20 ලෝක කුසලාන තරගයක කැරිබියන් පිතිකරුවෙකුගේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පන්දු 34කින් ලකුණු 85ක් රැස් කරමින් හැට්මයර් සටන් කළේ ඇදහිය නොහැකි 250.0ක ප්‍රහාරාත්මක වේගයකින්. මෙය, T20 ලෝක කුසලාන තරගවලදී අවම වශයෙන් පන්දු 30කට මුහුණ දෙමින් ඕනෑම පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.

ගයානා දේශයෙන් එන මේ 29 හැවිරිදි පිතිකරුවා හතරේ සීමාවට පහර හතක් සහ ඒ සීමාවට ඉහළින් ඒ හා සමාන පහර සංඛ්‍යාවක් එල්ල කළා.

වේගවත්ම අර්ධ ශතකය


හැට්මයර් හතරේ පහර හතරක් සහ හයේ පහර පහක් සමග පන්දු 19කින් ලකුණු 50ක් ලබා ගනිමින් විස්සයි20 ලෝක කුසලාන තරගයක කැරිබියන් පිතිකරුවෙකුගේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළා.

මෙයින් ඔහු අභිබවා ගියේ ඔහු විසින් ම මේ තරගාවලියේ පිහිටුවා තිබූ වාර්තාව. තරගාවලියේ මීට පෙර ස්කොට්ලන්තය ට එරෙහිව කොල්කටා නගරයේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති ආරම්භක තරගයේදී හැට්මයර් පන්දු 22කින් අර්ධ ශතකයක් ලබා ගෙන තිබුණේ ඊට කළින් 2009 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේදී ක්‍රිස් ගේල් පිහිටුවා තිබූ පන්දු 23ක වාර්තාව මකා දමමින්.

කොදෙව්වෝ ඉතිහාසගත වෙති

shimebh565
ශිම්රෝන් හැට්මයර්ගේ අධිවේගී පිතිහරඹය ආධාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල 254/6ක මුළු ලකුණු ප්‍රමාණයක් සටහන් කළ අතර මෙය මේ තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ දෙවැනියට වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වනවා.

විස්සයි20 ‌ලෝක කුසලාන තරගයක මීට වඩා වැඩි ලකුණු වාර්තා කර තිබෙන්නේ 2007 වසරේ කෙන්යාව ට එරෙහිව 260/6ක් ලබා ගත් ශ්‍රී ලංකාව පමණයි. මේ 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මීට පෙර තිබූ වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වූ ඔමානය ට එරෙහි අයර්ලන්තයේ 235/5 ද කොදෙව්වන් ඊයේ අභිබවා ගියා.

කොදෙව් පිලේ එක් කඩුල්ලක් ලකුණු 17 ට බිඳ වැටී තිබියදී කඩුල්ලට පිවිසි වමත් පිතිකරු හැට්මයර් ලකුණු නවයක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් බේරුණේ ඔහු ලබා දුන් උඩ පන්දුවක් ‘ඩීප් ෆයින් ලෙග්’ ස්ථානයේදී ටෂිංගා මුසකිවා අතින් ගිලිහී යාම නිසා.

 

west4b356y
එයින් සම්පූර්ණ වාසිය ලබා ගත් හැට්මයර් දැවැන්ත හයේ පහර පහක් සහ හතරේ පහර හතරක් සමග ඔහුගේ ලකුණු පනහ කරා පන්දු 19ක වේගයෙන් ගියේ ඒ අතරතුර ජාත්‍යන්තර T20 ලකුණු 1,500ක් ද පසු කරමින්. ඔහු මේ තරගාවලියේ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රාම්ගේ වේගවත්ම අර්ධ ශතකය සම කළ ද එයින් නතර වුනේ නැහැ.

වාර්තාගත සබඳතාවක්

cq454
හැට්මයර් සහ ඔහු සමග 54/2දී එක්වූ රොව්මාන් පවල් ශතක සබඳතාවක් පන්දු 45කින් සම්පූර්ණ කළා. ඔවුන් 15 වැනි ඕවරයේ මුළු ලකුණු ප්‍රමාණය 176ක් ලෙස සටහන්ව තිබියදී තෙවැනි කඩුල්ල බිඳ වැටෙන විට පන්දු 52කින් ලකුණු 122ක් එක් කර තිබුණා.

පවල් සමග හැට්මයර්ගේ මේ ලකුණු 122 සබඳතාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු යුගලයක් විසින් පිහිටුවු තෙවැනියට වැඩිම සබඳතාව ද වුණා. මීට ඉහළින් තිබෙන්නේ ක්‍රිස් ගේල් හා ඩෙවොන් ස්මිත් දකුණු අප්‍රිකාව ට එරෙහිව ලබා ගත් ලකුණු 145 සහ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් හා ක්‍රිස් ගේල් ඔස්ට්‍රේලියාව ට එරෙහිව රැස් කළ ලකුණු 133.

ලකුණු 70ක් ලබා ගෙන සිටියදී දුන් උඩ පන්දුව සිම්බාබ්වේ විසින් දෙවැනි වතාවටත් අත්හැරීමෙන් පසුව අවසානයේදී හැට්මයර් හයේ පහර හතක් සහ හතරේ පහර හතක් සමග දැවී ගියේ හතරේ සීමාව අසලදී ඔහුගේ උඩ පන්දුව රැක ගැනීමෙන්. රොව්මාන් පවල් හතරේ සහ හයේ පහර හතර බැගින් එල්ල කරමින් පන්දු 35කින් ලකුණු 59ක් රැස් කළා.

ශර්ෆේන් රදෆෝඩ් පන්දු 13කින් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් කොදෙව් කණ්ඩායම මුළු ලකුණු 200 පසුකර රැගෙන ගියා. රොමාරියෝ ෂෙෆර්ඩ් පන්දු 10කින් ලකුණු 21ක් රැස් කළ අතර ජේසන් හෝල්ඩර් අවසානයේදී පන්දු 3කින් ලකුණු 13ක් කොදෙව් ඉනිමට එක් කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...