The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා - ඉන්දීය අවසන් මහ තරගය අද(25) පෙරවරු 11.30ට

T

The Leader Desk

September 25, 2023 • 4:46 AM

ශ්‍රී ලංකා - ඉන්දීය අවසන් මහ තරගය අද(25) පෙරවරු 11.30ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (24 වැනිදා) සමත් විය.
  • ඒ අනුව 2014 වසරට පසුව එනම් වසර 9කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවීමට නියමිතය.
  • ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර රන් සහ රිදී පදක්කම් සඳහා පැවැත්වෙන අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (25 වැනිදා) පෙරවරු 11.30 ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතය.
  • බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 6.30 ටය.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන් මහ තරගයේදී ජය ලබන කණ්ඩායමට එම ඉසව්වේ රන් පදක්කම හිමිවන අතර පරාජයට පත්වන කණ්ඩායමට රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.

ඒ අනුව 2014 වසරට පසුව එනම් වසර 9කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවීමට නියමිතය.

image bf3d609e31
ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර රන් සහ රිදී පදක්කම් සඳහා පැවැත්වෙන අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (25 වැනිදා) පෙරවරු 11.30 ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතය.

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 6.30 ටය.

පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 76 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ඕවර 16.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. 

එහිදී හර්ෂිතා සමරවික්‍රම පන්දු 41 කින් ලකුණු 23 ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා පන්දු 23 කින් නොදැවී ලකුණු 18 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75 ක් පමණි. 

එහිදී උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 21 කට කඩුලු 3 ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 15 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. අචිනි කුලසූරිය සිය ඕවර 4 ලකුණු 7 කටද, ඉනෝකා රණවීර සිය ඕවර 4 ලකුණු 11 කටද සීමා කරමින් කඩුල්ල බැගින් දවාගත්හ.


පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 75
(ශවාල් සුල්ෆිකර් 16, උදේෂිකා ප්‍රබෝධනී 21/3, කවීෂා දිල්හාරි 15/2)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 16.3 කදී කඩුලු 4 කට 77
(චමරි අතපත්තු 14, අනුෂ්කා සංජීවනී 15, හර්ෂිතා මාධවී 23, නිලක්ෂි ද සිල්වා නොදැවී 18)



(මුලාශ්‍රය - kelimandala.lk)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...