The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පන්දු වාර 13.5කට සීමා වෙයි: බින්දු 5ක්

T

The Leader Desk

November 28, 2024 • 3:17 PM

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පන්දු වාර 13.5කට සීමා වෙයි: බින්දු 5ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
  • දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු කඩුලු දැවී ලකුණු 191ක් රැස් කළේ ය.
  • දකුණු අප්‍රිකානු නායකයා අසීරුවෙන් ගොඩනැගූ ඉනිම අධික වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කළ අවස්ථාවේ දකුණු අප්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4කට ලකුණු 80ක් රැස් කර තිබිණි.
  • කෙසේ වෙතත්, නායක ටෙම්බා බව්මා හැර සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 191කට සීමා විය.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු කඩුලු දැවී ලකුණු 191ක් රැස් කළේ ය.

 

දකුණු අප්‍රිකානු නායකයා අසීරුවෙන් ගොඩනැගූ ඉනිම

xrte43

අධික වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කළ අවස්ථාවේ දකුණු අප්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4කට ලකුණු 80ක් රැස් කර තිබිණි.

කෙසේ වෙතත්, නායක ටෙම්බා බව්මා හැර සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 191කට සීමා විය.

ටෙම්බා බවුමා ලකුණු 70ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

 

බින්දු 5ක්

xdt45df

සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 42කදී බිඳ දැමීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වූයේ, කමිඳු මෙන්ඩිස් ලබා ගත් ලකුණු 13 ය.

පන්දු යවන්නෙකු වන ලහිරු කුමාර නොදැවී ලකුණු 10ක් රැස් කළ අතර නායක ධනන්ජය ද සිල්වා ලකුණු 7කට දැවී ගියේ ය.

සෙසු සියලු පිතිකරුවන් දැවී ගියේ, ලකුණු 5කටත් අඩුවෙන් වූ අතර ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් ගණන 5කි.

දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් ය.

 

මාර්කෝ ජැන්සන්ගේ හොඳ ම ටෙස්ට් පන්දු යැවීම

xfte465cd

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක මෙහිදී කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් විය.

පන්දු වාර 6.5ක් ක්‍රියාත්මක කරමින් ඔහු ඒ සඳහා ලබා දුන්නේ, ලකුණු 13ක් පමණි.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පන්දු වාර 13.5කට සීමා විය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...