The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

146 වැනි නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

T

The Leader Desk

March 8, 2025 • 3:54 PM

146 වැනි නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජය ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලය අද (08) සමත් විය.
  • කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවිය.
  • රෙහාන් පීරිස් ලකුණු 158යි.
  • තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 32ක් රැස් කරගෙන සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජය ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලය අද (08) සමත් විය.

1879 වසරේ ඇරඹි නිල් මහ සටන ලොව පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරග අතුරින් දෙවැනි ස්ථානයට හිමිකම් කියයි.

ශාන්ත තෝමස් විද්‍යාලය නිල් මහ සටන ජය ගත්තේ වසර 6කට පසුව වීම විශේෂත්වයකි.

adwew
කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවිය.

රෙහාන් පීරිස් ලකුණු 158යි.

තරගයේ පළමු දිනය අවසන් වන  විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 32ක් රැස් කරගෙන සිටියේ ය.

ඒ අනුව පළමු දිනය අවසානයේදී තරගයේ වැඩි වාසි හිමි කරගෙන සිටියේ රාජකීය විද්‍යාලයයි.

නමුත් දෙවැනි දිනයේදී තරගයට අවතීර්ණ වූ ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 302ක් රැස් කිරීමට සමත් විය.

දිනෙත් ගුණවර්ධන ලකුණු 119යි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ රාජකීය විදුහල් කණ්ඩායම වෙනුවෙන් රෙහාන්  පීරිස් සහ නායක රමිරු පෙරේරා අර්ධ ශතක රැස් කළේ ය.

දක්ෂ පන්දු  යැවීමක නිරත වූ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඩැරියන් මාලන් දියෙගෝ කඩුලු ත්‍රිත්වයක්ද සමගින් කඩුලු 5ක් ලබාගනිමින් විශේෂ දක්ෂතා දැක්වීය.

තරගය තීරණයකින් යුතුව අවසන් වීමට මාර්ගය විවර කරමින් රාජකීය  විද්‍යාලයේ නායක රමිරු පෙරේරා කඩුලු 8ක් දැවී ලකුණු 215ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ නායකත්ව ගුණාංග ප්‍රකට කරමිනි.

ඒ අනුව ශාන්ත තෝමස් විද්‍යාලයට හිමි වූ ඉලක්කය ලකුණු 233ක්.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් විද්‍යාලයේ පළමු කඩුල්ල ලකුණු 8කදී බිඳ වැටිණි.

අනතුරුව පිටියට එක් වූ සදෙව් සොයිසා ලකුණු 53ක් රැස් කරමින්  ශාන්ත තෝමස් විදුහල් ඉනිම ශක්තිමත් කළේ ය.

දෙපිලටම දෝලනය වූ තරගයේ ජයග්‍රහණය ශාන්ත තෝමස් විද්‍යාලය දෙසට රැගෙන ආවේ දිනෙත් ගුණවර්ධන සමග එක් වූ රෙෂොන් සොලමන්ස්.

ඔවුන් දෙදෙනා නොදැවී අර්ධ ශතක ලබා ගත්හ.

ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 233ක ඉලක්කය පසු කළේ කඩුලු 5ක් පමණක් දැවී සිටියදීයි.

ඔවුන්, ඩී.එස් සේනානායක අනුස්මරණ පලිහ දිනූ 36 වැනි අවස්ථාව මෙයයි.

තරගයේ දක්ෂතම  පන්දු රකින්නා කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර.

දක්ෂතම පන්දු යවන්නා ශාන්ත තෝමස් විද්‍යාලයේ ඩැරියන් මාලන් දියෙගෝ.

කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ ය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ශාන්ත තෝමස් විද්‍යාලයේ දිනෙත් ගුණවර්ධන.

අඛණ්ඩව 16 වැනි වරටත් මෙවර නිල් මහ සටනට නිල විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ MTV, MBC මාධ්‍ය ජාලයයි.

146th Battle of the Blue

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

146 වැනි නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට | The Leader