The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

වසර 147ක ටෙස්ට් ඉතිහාසයේ මෙතෙක් නොවූවිරූ වාර්තාවක් පිහිටවූ කමිඳු මෙන්ඩිස් කවුද?

T

The Leader Desk

March 25, 2024 • 4:24 PM

වසර 147ක ටෙස්ට් ඉතිහාසයේ මෙතෙක් නොවූවිරූ වාර්තාවක් පිහිටවූ කමිඳු මෙන්ඩිස් කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි කර ගත්ත ද, එම තරගයෙන් පසු ආපසු කැඳවීමක් නොලද
  • මංගල ටෙස්ට් තරගයේදී ම ලකුණු 61ක් රැස් කිරීමට සමත් වූ ඔහුට වසර දෙකක් තිස්සේ යළි කැඳවීමක් ලැබුණේ නැත.
  • ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක් හිමි විය.
  • පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 280ක් රැස් කළ අතර, බංගලාදේශය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 188ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

කමිඳු මෙන්ඩිස් වසර දෙකකට පසු ලෝකයේ ම අවධානය දිනා ගැනීමට සමත් විය.

ජාත්‍යන්තර තරගවලට පිවිසීමට පෙර සිට ම ඔහු ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්වූයේ, අත් දෙකෙන් ම පන්දු යවන 'අමුතු පන්දු යවන්නෙකු' වූ හෙයිනි.

2022 වසරේ ජූලි 8 වන දා සිට 11 වන දා තෙක් ඔස්ට්‍රේලියාව සමග ගාල්ලේදී පැවති මෙම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා ඉනිමක සහ ලකුණු 39ක ජයක් හිමි කර ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දුන් ඉනිමේදී පස් වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.

මංගල ටෙස්ට් තරගයේදී ම ලකුණු 61ක් රැස් කිරීමට සමත් වූ ඔහුට වසර දෙකක් තිස්සේ යළි කැඳවීමක් ලැබුණේ නැත.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක් හිමි විය. මෙම තරගයේදී කමිඳු මෙන්ඩිස් සහ නායක ධනන්ජය ද සිල්වා ශතක දෙක බැගින් රැස් කිරීම සුවිශේෂී සිදුවීමක් විය.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 280ක් රැස් කළ අතර, බංගලාදේශය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 188ක් පමණි.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 418ක් රැස් කළ අතර, බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 182කට සීමා විය.

 

වසර දෙකක් නිහඬව සිටි කමිඳු මෙන්ඩිස් තමාට ලැබුණු දෙවන අවස්ථාවේදී ද තමන් සාර්ථක පිතිකරුවෙකු බව යළිත් තහවුරු කළේ ය.


පිත්තෙන් දුන් පිළිතුර

වසර දෙකක් නිහඬව සිටි කමිඳු මෙන්ඩිස් තමාට ලැබුණු දෙවන අවස්ථාවේදී ද තමන් සාර්ථක පිතිකරුවෙකු බව යළිත් තහවුරු කළේ ය.

බංගලාදේශ පන්දු යවන්නන් හමුවේ අසාර්ථක පිතිකරණයක නියැළුණු මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී ධනන්ජය ද සිල්වා සමග එක්වූ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම් දෙක ම ශක්තිමත් කිරීමට උර දුන්නේ ය.

පළමු ඉනිමේදී පන්දු 127කදී ලකුණු 102ක් රැස් කළ කමිඳු, දෙවන ඉනිමේදී පන්දු 237කදී ලකුණු 164ක් රැස් කළේ ය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පිහිටවූ වාර්තාව

කමිඳු මෙන්ඩිස් වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් කිසිවෙකු මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

එම වාර්තාව වූයේ, 7 වන හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීම ය.


ලකුණු 5කින් අහිමි වුණු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාව

1937 වසරේදී 7 වන හෝ ඊට පහළ පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරගයකදී රැස් කර තිබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව පසු කර යාමට කමිඳු මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 5ක් පමණි.

1937 වසරේදී එංගලන්තයට එරෙහිව 7 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම දෙකේදී ලකුණු 270ක් රැස් කර තිබිණි.

කමිඳු මෙන්ඩිස් ඉනිම දෙකේදී ලකුණු 266ක් රැස් කිරීමට සමත් විය.

සෙසු වාර්තා

කමිඳු මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා සමග එක්ව තවත් වාර්තා කිහිපයකට දායක විය.

1. ඉනිම දෙකේදී ම ශතක රැස් කළ ලොව තුන් වන පිතිකරු යුගලය
(මීට පෙර 1974 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් සොහොයුරන් නවසීලන්තයට එරෙහිව සහ 2014 වසරේදී පකිස්ථානයේ අසාර් අලි සහ මිස්බා උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද මෙම දක්ෂතාව දක්වා තිබිණි.)

2. ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ලකුණු 150ක සබඳතාවක් ගොඩ නැගූ තුන් වන පිතිකරු යුගලය
* ධනන්ජය සහ කමිඳු - පළමු ඉනිම 202, දෙවන ඉනිම 177
* පෝල් ගිබ් සහ එඩී පෙයින්ටර් - පළමු ඉනිම 184, දෙවන ඉනිම 168
* ජෝ බර්න්ස් සහ ඩේවිඩ් වෝර්නර් - පළමු ඉනිම 161, දෙවන ඉනිම 237

3. ටෙස්ට් තරගයක දෙවන ඉනිමේදී කඩුලු 6ක් බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩ නැගුණු වැඩි ම ලකුණු සබඳතාව. (කමිඳු මෙන්ඩිස් සහ ධනන්ජය ද සිල්වා ලකුණු 292ක් රැස් කළ අතර ඊට පෙර එම වාර්තාව පැවතියේ ලකුණු 223ක් ලෙස ය.)


කවුද මේ කමිඳු මෙන්ඩිස්?

Kamindu Mendis 1කමිඳු මෙන්ඩිස් ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ, එම විද්‍යාලයෙනි

කමිඳු දිලංක මෙන්ඩිස් හෙවත් කමිඳු මෙන්ඩිස් ගාල්ලේදී උපත ලැබුවේ, 1998 වසරේ සැප්තැම්බර් 30 වන දා ය. ඔහුගේ වයස තවමත් අවුරුදු 25කි.

ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ, එම විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු, වමත් පිතිකරුවෙකු වන අතර, දෑතින් ම දඟ පන්දු යැවිය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අමතරව, ඔහු B-Love Kandy, ටැමිල් යූනියන්, බංග්ලාදේශයේ සිල්හෙට් ස්ට්‍රයිකර්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක සාමාජිකයෙකි.

ඔහු 2022 වසරේදී ටෙස්ට් වරම් ලැබූ අතර, බංගලාදේශය සමග පැවති ටෙස්ට් තරගය ඔහුගේ දෙවන ටෙස්ට් තරගය යි.

2019 වසරේදී සිය පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ, එක්දින තරග 7කට පමණි.

2022 වසරෙන් පසු මෙතෙක් කිසිදු එක්දින තරගයකට ක්‍රීඩා කර නැත.

2018 වසරේදී පළමු පන්දුවාර 20 තරගයට සහභාගි වූ කමිඳු, එවැනි තරග 10කට ක්‍රීඩා කර තිබේ.

පළමු ඉනිමේ ශතකය රැස් කිරීමෙන් පසු ඔහු පවසා තිබුණේ, "ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එකතු වෙන එක ඉතා අසීරු දෙයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂතා අතර සිටිනවා. මම අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් මහන්සි වුණා ආපහු කණ්ඩායමට එන්න," යනුවෙනි.

 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...