The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

15 හැවිරිදි සූර්යවන්ශි දිනා ගත් SUV කාරය පදවන්න තව අවුරුදු තුනක් බලා ඉන්න වෙනවා

T

The Leader Desk

June 3, 2026 • 11:15 AM

15 හැවිරිදි සූර්යවන්ශි දිනා ගත් SUV කාරය පදවන්න තව අවුරුදු තුනක් බලා ඉන්න වෙනවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ නැගී එන පිතිකරු වයිභාව් සූර්යවන්ශි ඉන්දියා ප්‍රිමිය ලීගයේ දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් මෝටර් රථයක් දිනා ගත්ත ද, එය පැදවීම පිණිස වසර තුනක් බලා සිටීමට මේ 15 හැවිරිදි ක්‍රීඩකයාට සිදුවනවා.
  • එහි ප්‍රහාරාත්මක වේගය 237.31ක්.
  • සූර්යවන්ශිගේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අවසාන තරගයට පිවිසියේ නැතත් ඔහු 2026 තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා.
  • සූර්යවන්ශි දිනා ගත් ත්‍යාග අතරේ ඉන්දියාවේ ජනප්‍රිය මධ්‍යම ප්‍රමාණයේ SUV වර්ගයේ Tata Sierra කාරයක් ද තිබුනත් ඔහුට එහි රියැදුරු අසුනේ ඉඳගැනීමට තවමත් අවසර නැත්තේ ඉන්දියාවේ වාහන පැදවීමේ අවම වයස 18ක් වන බැවින්.
අකුරු ප්‍රමාණය (Font Size):


වමතින් පිත්ත හසුරුවන සූර්යවන්ශි මෙවර IPL ක්‍රීඩා වාරයේ කැපී පෙනුනු පිතිකරුවා බවට පත්වුනේ ඉනිම 16කදී ලකුණු 776ක් රැස් කරමින්. එහි ප්‍රහාරාත්මක වේගය 237.31ක්.

Rajasthan Royals' Vaibhav Suryavanshi gestures at the end of the Indian Premier League (IPL) Twenty20 cricket match between Rajasthan Royals and Gujarat Titans at the Sawai Mansingh Stadium in Jaipur on April 28, 2025. (Photo by Sajjad HUSSAIN / AFP) / -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE --
සූර්යවන්ශිගේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අවසාන තරගයට පිවිසියේ නැතත් ඔහු 2026 තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා.

මේ නව යොවුන් වියැත්තා නැගී එන ක්‍රීඩකයාගේ සම්මානය මෙන්ම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට පිරිනැමෙන තැඹිලි වර්ණ කැප් තොප්පිය ද හිමිකර ගත්තා.

සූර්යවන්ශි දිනා ගත් ත්‍යාග අතරේ ඉන්දියාවේ ජනප්‍රිය මධ්‍යම ප්‍රමාණයේ SUV වර්ගයේ Tata Sierra කාරයක් ද තිබුනත් ඔහුට එහි රියැදුරු අසුනේ ඉඳගැනීමට තවමත් අවසර නැත්තේ ඉන්දියාවේ වාහන පැදවීමේ අවම වයස 18ක් වන බැවින්.

මෝටර් රථයට අමතරව වයිභාව් සූර්යවන්ශි ට හිමි වූ සම්පූර්ණ තනි ත්‍යාග මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 55ක්.

 

sur3b56
පසුගිය වසරේ වයස 14ක්ව සිටියදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට ක්‍රීඩා කරමින් IPL තරගාවලියක පෙනී සිටි ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වූ සූර්යවන්ශි මේ වසරේ ඔහුගේ අවසාන ඉනිම දෙකේදී ලකුණු 97ක් හා 96ක් වාර්තා කළා.

ඉනිමකට හතරකට වැඩියෙන් වන සාමාන්‍යයකින් යුතුව ඔහු හයේ පහර 72ක් එල්ල කළේ තරගාවලියේ ඊළඟට හොඳම හයේ පහර සංඛ්‍යාවට වඩා 29ක් ඉදිරියෙන් සිටිමින්.

රාජස්තාන් කණ්ඩායම පසුගිය වසරේ ක්‍රීඩක වෙන්දේසියේදී සූර්යවන්ශි මිලදී ගත්තේ රුපියල් කෝටි 1.1ක මුදලකට.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...