සංචාරක නවසීලන්ත කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය

ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබල නවසීලන්ත පිල එක්දින තරගයකදී පරාජය කළ පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 83 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කිරීමට සමත් වූවාය. මෙය චමරිගේ හත්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වන අතර ඇය මෙම තරගයේදී එක්දින ලකුණු 3,000 ද සම්පූර්ණ කළාය.  

යොවුන් ආරම්භක පිතිකාරී විශ්මි ගුණරත්න පන්දු 74 කින් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළාය.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 28 කට සීමාවිය.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 28 කදී කඩුලු 5 ට 170 (සුසී බාටිස් 28, අමීලියා කීර් 40, මඩියි ග්‍රීන් 38) ශ්‍රී ලකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 27 කදී කඩුලු 1 ට 172 (චමරි අතපත්තු නොදැවී 108, විශ්මි ගුණරත්න 50)

gunarathna

sl criclet W

(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්