ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ එෆ්.64 කාණ්ඩයේ

හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් අද (13 වැනිදා) සමත් විය.

එම ඉසව්වේදී සමිතගේ උත්සාහයන් 6 සටහන් වූයේ මීටර් 58.89 ක්, 64.05 ක්, 57.7 ක්, 63.73 ක්, 57.53 ක් සහ 64.06 ක් ලෙසිනි.

මීටර් 70.83 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ සුමිත් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර මීටර් 65.21 ක දක්ෂතාවක් දැක්වූ ඕස්ට්‍රේලියාවේ මයිකල් බරියන්ට එහි රිදී පදක්කම හිමිවිය.

සමිත මින් පෙර 2020 ටෝකියෝ පැරලිම්පික් උළෙලේදීද එෆ්.64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්ව සිටියේය.


(kelimandala.lk)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්