ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ වූ තමා දැන් වයස අවුරුදු 45ක් බැවින් ජාත්‍යන්තර තරගාවලියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව ඇය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවැත්වෙන 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේ සිට “ඩේලි මිරර්” වෙත පවසා තිබේ.

“හෙට (8) නෙට්බෝල් කණ්ඩායම ලංකාවට ගියත් මම ඔවුන් සමඟ නැවත ලංකාවට එන්නේ නැහැ. මම ජාත්‍යන්තර දැල්පන්දු ක්‍රීඩාවට සමු දුන්නත් අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවේ ක්ලබ් නෙට්බෝල්වලට සහභාගී වෙනවා. ඒ වගේම මට කවදාවත් ශ්‍රී ලංකාව අමතක වෙන්නේ නැහැ.'' ඇය පැවසුවාය.

සිවලිංගම් ආසියානු දැල්පන්දු ශූරතා පහක් (2009, 2012, 2014, 2018 සහ 2022) සහ නෙට්බෝල් ලෝක කුසලාන හතරක් (2011, 2015, 2019 සහ 2023) ඇතුළු ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගී වී ඇත. එසේම ඇය වරක් ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නාය.

“ලෝක කුසලානයට පෙර බොට්ස්වානා හි පැවති පුහුණු තරගවලදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුවීම් කරන්න ලැබුණේ. ඒ වගේම මම සහභාගී වූ ලෝක කුසලාන තරග දෙකේදීම මගේ උපරිමයෙන් ක්‍රීඩා කළා,” ඇය පැවසුවාය.

සිවලිංගම් 2011 නෙට්බෝල් ලෝක කුසලානයේ ලොව හොඳම දැල් පන්දු විදින්නිය සම්මානය සහ 2009 සහ 2012 දී ආසියානු දැල්පන්දු විදින්නිය සම්මානය දිනා ගත්තාය.

(lankasara.com)

THARJINI SIVALINGAM RETIRES FROM INTERNATIONAL NETBALL

සබැඳි ලිපි:
තර්ජිනී සිවලිංගම්: "බයේ එදා හැංගිලා හිටියනම්, අද මම මේ තත්ත්වයේ නැහැ"

Tharjini Sivalingam

Cover 75

ts e


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්