The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
පුවත්

සෞභාග්‍යයේ කාබනික පෝර දැක්මෙන් රබර් වගාවටත් 'කෝවිඩ් 19' !

T

The Leader Desk

September 8, 2021 • 5:27 AM

සෞභාග්‍යයේ කාබනික පෝර දැක්මෙන් රබර් වගාවටත් 'කෝවිඩ් 19' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Rubber leaves showing symptoms of Pestalotiopsis (ft.lk)
  •    දිලීර නාශක නොමැතිව රබර් කොළ රෝගය වේගයෙන් ව්‍යාප්තවීමත්, රබර් ගස වැඩීමට අවශ්‍ය පොහොර නොමැති වීමත් ඊට බලපාන හේතු ලෙස රබර් කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.
  •   ජනාධිපතිවරයාට පක්‍ෂපාති වෘත්තීය සංගමයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇත්තේ, කෘෂි රසායනික ද්‍රව්‍ය නොතිබූ යුගයක පැරණි ලාංකිකයන් වසර 140 ක් ජීවත් වූ බවයි.
  •    "විනාශය සහ පැතිර යන වේගය සලකා බැලීමේදී  මෙම කොළ රෝගය රබර් කර්මාන්තයේ කොවිඩ් -19 ට සමානයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
රාජපක්‍ෂ ආණ්ඩුවේ කෘෂි රසායනික ආනයන තහනම නිසා මේ වසරේ රබර් නිෂ්පාදනය පහත වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම් මතුවී තිබේ.
 
 දිලීර නාශක නොමැතිව රබර් කොළ රෝගය වේගයෙන් ව්‍යාප්තවීමත්, රබර් ගස වැඩීමට අවශ්‍ය පොහොර නොමැති වීමත් ඊට බලපාන හේතු ලෙස රබර් කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.
 
 රබර් නිෂ්පාදනයේ  නියැලි කර්මාන්තකරුවන් පවසන්නේ නිෂ්පාදනය සියයට 15 සිට 20 දක්වා පහත වැටීමත්, නොමේරු පැලෑටි වලට හානි සිදුවීමත්  නිසා එනසාල්, ගම්මිරිස් සහ කුරුඳු වැනි විකල්ප බෝග වගාවන්ට මාරුවීමට දැනටමත් සමාගම් වලට බල කෙරී ඇති බවය.
 
  
''රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2018 වර්ෂයේදී මහ පරිමාණ වගා කරුවන් සහ කුඩා පරිමාණ වගා කරුවන් වගා කළ හෙක්ටයාර 107,000 න් හෙක්ටයාර 20,000 ක් පමණ පෙස්ටලෝටියෝසිස් (Pestalotiopsis)  දිලීර කොළ රෝගයට ගොදුරු වී තිබේ'' යැයි කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය පවසයි.
 
 
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය !
 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විදේශ විනිමය ඉතිරි කිරීම සහ බෝ නොවන රෝග වැළැක්වීම සඳහා යැයි පවසා කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කර තිබේ.
 
ජනාධිපතිවරයාට පක්‍ෂපාති වෘත්තීය සංගමයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇත්තේ, කෘෂි රසායනික ද්‍රව්‍ය නොතිබූ යුගයක පැරණි ලාංකිකයන් වසර 140 ක් ජීවත් වූ බවයි.
 
 ‘පෙස්ටලෝටියොප්සිස්’  දිලීරය පැතිරීම නවත්වා රබර් වගාව රැක ගැනීම උදෙසා සුදුසු පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් අයුරින් ලබා දෙන ලෙසත්, ඒවා යෙදීමට ඉඩ සලසන ලෙසත් වාණිජමය රබර් වගාවට සම්බන්ධ ප්‍රාදේශීය වැවිලි සමාගම් එක්ව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
 
manoj udugampola q
 "විනාශය සහ පැතිර යන වේගය සලකා බැලීමේදී  මෙම කොළ රෝගය රබර් කර්මාන්තයේ කොවිඩ් -19 ට සමානයි. ලංකාවේ රබර් වගා කරන බොහෝ ප්‍රදේශ වල පවතින තෙත් කාලගුණික තත්වය මෙම රෝගයට පැතිරෙන්න ඉවහල් වෙනවා. ප්‍රධාන කරුණ තමයි රබර් කිරි නිශ්පාදනය කිරීමට හොඳ කොළ  තියෙන ගස් වැඩෙන්න ඕනෑ. පෙස්ටලෝටියොප්සිස් දිලීරය කොළ වැටීමට හේතු වන නිසා නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටෙනවා. මෙම රෝගය සමඟ අනෙකුත් රබර් නිපදවන රටවල අත්දැකීම් දෙස බලන විට තත්වය වඩාත් භයානකයි, " යනුවෙන් කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ උප සභාපති සහ පුස්සැල්ලාව වැවිලි සමාගමේ රබර් සමාගමේ ප්‍රධාන  මෙහෙයුම් නිලධාරි මනෝජ් උඩුගම්පොල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
 රබර් වගාව සඳහා   කාර්බෙන්ඩසීම් සහ හෙක්සකොනසෝල්  වැනි දිලීර නාශක හා  ගස් වල කොළ වැඩීමට  පොහොර අවශ්‍ය වේ. ආණ්ඩුවේ   පොහොර  තහනමට පෙර  පොහොර මිල  දෙගුණයකින් ඉහළ ගිය   වෙළඳපොලේ පොහොර නොතිබුණි. එහෙත් ජූලි, අගෝස්තු වන විට වැඩුණු හා නොමේරූ රබර් පැල සඳහා අවශ්‍ය ප්‍රමාණයට පොහොර යෙදිය යුතුය.
 
 
 
udara premathilaka"මේ වසරේ අප්‍රියෙල් - මැයි මාසය වන විටත් පෙස්ටලෝටියෝසිස් රෝගය හේතුවෙන් රබර් වගාවෙන් සියයට 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් අඩු වන බව අපිට දැනටමත් දකින්න පුළුවන්," යැයි කැලණි වැලි වැවිලි සමාගමේ රබර් අධ්‍යක්ෂ උදාර ප්‍රේමතිලක පැවසීය.
 
 “අපේ රබර් නිෂ්පාදනය අඩුවීම නිසා ආදායම සැලකිය යුතු ලෙස අඩු වෙනවා, කම්කරු ශ්‍රම  පිරිවැයක්  ඇතුළු  විශාල ස්ථාවර පිරිවැයක් දැරීමට  වන බැවින්,  අපේ ලාභය අඩු වෙනවා, ඒ නිසා  කර්මාන්තය වේගයෙන් අස්ථාවර වෙමින් තියෙනවා යැයි පවසන කැළණි වැලි සමාගමේ රබර් අධ්‍යක්‍ෂක උදාර ප්‍රේමරත්න වැඩි දුරටත් පෙන්වා දෙන්නේ
 
 ''අවුරුද්ද අවසානයේදී නිෂ්පාදනයේ 15% සිට 20% දක්වා අඩු වීමක් දකින්න පුළුවන්.  ලබන අවුරුද්ද  වන විට රබර් කර්මාන්තය  කොහොමවේදැයි අපට විශ්වාස නෑ. මෙම රෝගය නොමේරූ පැළෑටිවලට ව්‍යාප්ත වන විට ඒවායේ දිගු කාලීන වර්‍ධනයට දැඩි ලෙස බලපානවා. රබර් ගස් වල ආයු කාලය අවුරුදු 30 ක් පමණ වන නිසා  මෙය දිගු කාලීනව රබර් නිෂ්පාදනය පහත වැටීමට හේතුක්, අවම වශයෙන් දැන්වත් ඒකාබද්ධ ක්‍රියා මාර්ගයක් නොගත්තොත්  කර්මන්තය බිඳ වැටෙනවා ස්ථිරයි.``
 
 
 
Kabral d
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සති අන්තයේදී අල් ජසීරා ජාත්‍යන්තර මාධ්‍ය ජාලය සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ අලුත් පොහොර ප්‍රතිපත්තියට මාරුවන විට ආරම්භයේදී ගැටළු මතු වුවද, ඊට හැඩගැසෙන විට තත්වය යහපත් අතට හැරෙනු ඇති බවයි.
 
වගා සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීම සැලසුමකින් තොරව හදිසියේ ගන්නා ලද තීන්දුවකැ’යි විපක්ෂය විසින් නගන ලද චෝදනා බැහැර කළ අමාත්‍යවරයා කියා සිටියේඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ වී අවුරුදු දහයකටත් වැඩි කාලයක් ගතවී ඇති බවයි. 
 
 
 
 

 


THE LEADER TV 
 
කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට! 
 
 
 
ස'ගෙ කඩුවට බය වූ වාසු ආපසු හැරෙයි! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...