The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇෆ්ගන් ඉනිම ලකුණු 198කින් නවතී - ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 80 යි

T

The Leader Desk

February 2, 2024 • 5:07 PM

ඇෆ්ගන් ඉනිම ලකුණු 198කින් නවතී - ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 80 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී
  • පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව පළමු දින තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස්කර ගෙන සිටියේ ඔ්වර 14කට මුහුණ දෙමින්.
  • වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු ලකුණු 24කට කඩුලු 3ක් හා විශ්ව ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 4ක් ලබා ගත් අතර වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 67ක් ලබා දෙමින් හිමිකර ගත් කඩුලු ප්‍රමාණය 3ක්.
  • රහමට් ෂා සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ එක ම සාර්ථක පිතිකරුවා බවට පත්වුනේ ලකුණු 91ක් වාර්තා කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 2කට ලකුණු 109ක් ලබා ගෙන සිටි ඇෆ්ගන් කණ්ඩායම පළමු ඉනිමේදී 198කට දවාලීමට ශ්‍රී ලංකා පන්දු ප්‍රහාරය ඊයේ සමත් වුනා.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව පළමු දින තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස්කර ගෙන සිටියේ ඔ්වර 14කට මුහුණ දෙමින්.

වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු ලකුණු 24කට කඩුලු 3ක් හා විශ්ව ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 4ක් ලබා ගත් අතර වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 67ක් ලබා දෙමින් හිමිකර ගත් කඩුලු ප්‍රමාණය 3ක්.

sdfser
රහමට් ෂා සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ එක ම සාර්ථක පිතිකරුවා බවට පත්වුනේ ලකුණු 91ක් වාර්තා කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාව මුළු ලකුණු 50ක් රැස් කිරීමට ආරම්භක පිතිකරුවන් වන නිශාන් මදුෂ්ක හා දිමුත් කරුණාරත්න ට ගතවුනේ ඔ්වර 8යි පන්දු 3ක් පමණ යි. හතරේ පහර 9ක් ඒ මුළු ලකුණු ප්‍රමාණයට ඇතුළත්ව තිබුනා.

dfse33
තරගය නතර කරන විට නිශාන් මදුෂ්ක ලකුණු 36ක්ද (පන්දු 48, හතරේ 6) , දිමුත් කරුණාරත්න ලකුණු 42ක්ද (පන්දු 37, හතරේ 7) ලබා ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.

දෙරට අතර පැවැත්වෙන මංගල ටෙස්ට් ගැටුමේ පළමු පන්දුව යැවුවේ අසිත ප්‍රනාන්දු. දෙවැනි පන්දුවෙන් ම ඇෆ්ගන් කඩුල්ලක් බිඳ හෙලීමට ඔහු සමත් වූයේ ඉබ්‍රහිම් සඩ්රාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්.

මේ ‌ෙඑතිහාසික ටෙස්ට් තරගයේ පළමු හතරේ පහර වාර්තා වුනේ අංක 1 පිතිකරු ලෙස පිටියට පිවිසි රහමට් ෂා ගෙන්. ‘තර්ඩ් මෑන්’ කලාපයෙන් ඔහු ඒ හතරේ පහර විශ්ව ප්‍රනාන්දු ට එල්ල කළේ තරගයේ යැවුනු දෙවැනි ඔ්වරයේ දෙවැනි පන්දුවට. 11 වැනි ඔ්වරය අවසන් වන විට ඇෆ්ගන් මුළු ලකුණු 50 වාර්තා වුනා.

ආරම්භක පිතිකරු නූර් අල් සඩ්රාන් හා රහමට් ෂා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85කින් ලකුණු 57ක් රැස්කර ගෙන සිටියදී වමතින් මඳ වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවට සඩ්රාන් දුන් උඩ පන්දුව ප්‍රනාන්දු විසින් ම රැක ගැනීමෙන් සඩ්රාන් දැවී ගියා. පන්දු 46කට මුහුණ දුන් ඔහුගේ මංගල ටෙස්ට් ඉනිම හතරේ පහර 5ක් සමග ලකුණු 31කින් සමන්විතව තිබුනා. ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 57 යි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 90ක් රැස්කර ගෙන සිටියා.

ඇෆ්ගන් මුළු ලකුණු 100 වාර්තා වුනේ දිවා ආහාරයෙන් පසුව යැවුනු හය වැනි ඔ්වරයේ. සමස්ත තරගයේ 31 වැනි ඔ්වරයේදී මුළු ලකුණු 100 සටහන් වුනේ චාමික ගුණසේකර ට එරෙහිව රහමට් ෂා එල්ල කළ හතරේ පහරකින්.

xfgrgr
ෂා සහ නායක නායක හෂ්මතුල්ලා ෂහිඩි එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී 33 වැනි ඔ්වරයේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුලු රකින සදීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමින් ෂහිඩි ලකුණු 17කට දැවී ගියා.

ඊළඟ ඔ්වරයේදී සිවුවැනි කඩුල්ල බිඳ වැටුනේ වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් නසිර් ජමාල් විසින් නිදැල්ලේ යාමට ඉඩ දීම හේතුවන්. දඟ කැවීමක් නොතිබුනු ඒ පන්දුව පිත්ත පසුකර කෙළින් ම පිට ඉන්නේ ගැටෙන විට ජමාල් ලකුණු ලබා ගැනීම ආරම්භ කර තිබුනේ නැහැ. මේ අනුව ඇෆ්ගන් සිවුවැනි කඩුල්ල මුළු ලකුණු 110දී බිඳ වැටුනා.

රහමට් ෂා ලකුණු 91ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේ කඩුල්ල පසුපස සිට සදීර සමරවික්‍රම ප්‍රදර්ශනය කළ නුවණක්කාර ක්‍රීඩාවකින්. පිතිකරුවාගේ පිට පෙදෙසින් පතිත වුනු ජයසූරියගේ පන්දුවට පා පෙදෙසට ස්වීප් පහරක් එල්ල කිරීමට ෂා සූදානම් වන අයුරු වටහා ගත් සමරවික්‍රම කළින් ම ඒ පැත්තට දිව යමින් පිත්තේ ගැටී ආ උඩ පන්දුව අල්ලා ගැනීමට සමත් වුනා.

පන්දු 138ක ෂා ගේ අගනා ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත්ව තිබූ අතර ඔහු සහ ඉක්රම් අලිඛිල් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68කින් ලකුණු 45ක් රැස් කළා. ඇෆ්ගනිස්තානය කඩුලු 5 යි ලකුණු 155 යි (ඕවරය 46).

vnght
සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ඇෆ්ගනිස්තානය කඩුලු 5කට ලකුණු 168ක් රැස්කර ගෙන සිටියා.

තේ පානයෙන් පසුව යැවුනු පස්වැනි පන්දුවෙන් ඇෆ්ගන් 6 වැනි කඩුල්ල බිඳ වැටුනා. මෙවර දැවී ගියේ ඉක්රම් අලිඛිල්. විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට ‘ගලී’ ස්ථානයේ පන්දු රකිමින් සිටි නිශාන් මදුෂ්ක වෙත උඩ පන්දුවක් දෙමින් අලිඛිල් දැවී යන විට හතරේ පහර 3ක් සමග පන්දු 50කින් ලබා ගෙන සිටියේ ලකුණු 21ක්. මුළු ලකුණු 169 යි.

සියා උර් රෙහමාන් (4) ඊළඟට දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව. පිටියේ විනිසුරුගේ එම  තීරණයට පිතිකරුවා අභියෝග කළ ද තෙවැනි විනිසුරුගේ තීරණය ද එය ම වුනා. මේ අනුව ඇෆ්ගන් 7 වැනි කඩුල්ල බිඳ වැටෙන විට ලකුණු පුවරුවේ දිස්වුනු මුළු ලකුණු ප්‍රමාණය 182ක්. (ඕවරය 55)
58 වැනි ඔ්වරයේදී ද පිටියේ තරග විනිසුරුවරයා කඩුල්ල මුවා කිරීමේ තීරණයක් ලබා දුන්නත් තෙවැනි විනිසුරු මේ වතාවේදී එය ප්‍රතික්ෂේප කළා. මේ අනුව නිජාට් මසූඩ් ලකුණු 4 දී දැවී යාමෙන් ගැළවුනා. පන්දු යවන්නා වුනේ ප්‍රභාත් ජයසූරිය.

පිටියේ තරග විනිසුරුගේ තවත් කඩුල්ල මුවා කිරීමේ තීරණයකට අභියෝග කිරීමක් 60 වැනි ඔ්වරයේදීත් සිදුවුනා. ජයසූරියගේ පන්දුවට එම වරදට බඳුන් වූ කයිස් අහමඩ් තමන්ට ලැබුනු දැවී යාමේ තීරණය තෙවැනි විනිසුරුට යොමු කළත් තීරණයේ වෙනසක් සිදුවුනේ නැහැ. ඒ අනුව කයිස් ලකුණු 21කට දැවී ගියේ හතරේ පහරක් සහ හයේ පහරක් ද සමග ලකුණු 21ක් රැස්කර ගෙන. 8 වැනි කඩුල්ල බිද වැටුනේ මුළු ලකුණු 190 දී.

ඇෆ්ගන් අවසන් කඩුලු 2 මුළු ලකුණු 198දී බිඳ වැටෙමින් ඔවුන්ගේ පළමු ඉනිම අවසන් වන විට යවා තිබුනේ ඔ්වර 62 යි පන්දු 4ක් පමණ යි. නිජාට් මසූඩ් හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් ලකුණු 12ක් ලබා ගෙන අසිත ප්‍රනාන්දුගේ පන්දුවට ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් 9 වැනි කඩුල්ල ලෙසින් දැවී යාමෙන් පන්දු දෙකකට පසුව මොහමඩ් සලීම් (0) දැවී යාමත් සමග ඉනිම නිමා වුනා. නවීඩ් සඩ්රාන් නොදැවී 0 යි.

මංගල ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා නව නායක ධනංජය ද සිල්වා. තම කණ්ඩායම සතුව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සිටින බැවින් පළමුව පන්දු යැවීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළා. වේග පන්දු යවන චාමික ගුණසේකර ට ඊයේ මංගල ටෙස්ට් වරම් හිමිවුනා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් සිවු දෙනෙක් ම ඊයේ කුළුඳුල් ටෙස්ට් වරම් ලබා ගත්තා. ආරම්භක පිතිකරු නූර් අල් සඩ්රාන්, වමතින් දඟ පන්දු යවන සියා උර් රෙහමාන් සහ වේග පන්දු යවන්නන් වන මොහමඩ් සලීම් හා නවීඩ් සඩ්රාන් එම ක්‍රීඩකයන්.

ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම: ඉබ්‍රහිම් සඩ්රාන්, නූර් අල් සඩ්රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ෂහිඩි, නසිර් ජමාල්, ඉක්රම් අලික්ති, සියා උර් රෙහමාන්, කායිස් අහමඩ්, නිජාට් මසූඩ්, මොහමඩ් සලීම්, නවීඩ් සඩ්රාන්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...