The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉබ්‍රහිම් සඩ්රාන්ගෙන් මංගල ටෙස්ට් ශතකයක් ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් දැවී ලකුණු 199

T

The Leader Desk

February 4, 2024 • 4:27 PM

ඉබ්‍රහිම් සඩ්රාන්ගෙන් මංගල ටෙස්ට් ශතකයක් ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් දැවී ලකුණු 199

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ
  • පන්දු 217කට මුහුණ දී සිටින ඔහු හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 101ක් ලබා ගෙන සිටියා.
  • අනෙක් නොදැවුනු පිතිකරු රහමට් ෂා පන්දු 98කට මුහුණ දී හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 46ක් රැස්කර ගෙන තිබුනා.
  • ‌තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439කට අවසන් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

තෙවැනි දිනය අවසන් වන විට ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගෙන සිටියා.

ආරම්භක පිතිකරු ඉබ්‍රහිම් සඩ්රාන් අද ඔහුගේ කුළුඳුල් ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනා. පන්දු 217කට මුහුණ දී සිටින ඔහු හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 101ක් ලබා ගෙන සිටියා. අනෙක් නොදැවුනු පිතිකරු රහමට් ෂා පන්දු 98කට මුහුණ දී හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 46ක් රැස්කර ගෙන තිබුනා.

xgfstr
‌තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439කට අවසන් වුනා. ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ පළමු ඉනිමේ රැස් කළේ ලකුණු 198ක් පමණයි.

ඉබ්‍රහිම් සඩ්රාන් හා නූර් අලි සඩ්රාන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 257කින් ලකුණු 106ක් රැස් කළ අතර මෙය ඇෆ්ගනිස්තානය ටෙස්ට්  තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ වැඩිම සබඳතාව යි. නූර් අලි දැවී යාමෙන් පසුව ඉබ්‍රහිම් සහ රහමට් ෂා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක නොබිඳි සබඳතාවක් පිහිටුවා ගෙන සිටියා.

xcvfgdr

ආරම්භක පිතිකරු යුගලය වන සඩ්රාන්ලාගේ විශේෂත්වය වන්නේ නූර් අලි යනු ඉබ්‍රහිම්ගේ බාප්පා වීම. නූර් අලි සඩ්රාන්, ඉබ්‍රහිම් සඩ්රාන්ගේ පියාගේ සහෝදරයා. ඉබ්‍රහිම් කුඩා අවදියේ සිට පුහුණුව ලැබුවේ නූර් අලි ගෙන්.

ඉබ්‍රහිම් සඩ්රාන් ලකුණු 63ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් ගැළවුනේ ඔහුගේ පිත්තෙන් පැමිණි උඩ පන්දුවක් රැක ගැනීමට ‘ෂෝට් මිඩ්-ඔ්ෆ්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි නිශාන් මදුෂ්ක අසමත් වීම නිසා. මේ හේතුවෙන් ප්‍රභාත් ජයසූරිය ට කඩුල්ලක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වුනා. ඒ වන විට තිබූ මුළු ලකුණු සංඛ්‍යාව 125ක්. යැවෙමින් තිබුනේ දෙවැනි ඉනිමේ 48 වැනි ඕවරය.

තරගයේ තෙවැනි දිනයේදී චාමික ගුණසේකර අංක 8 පිතිකරුවා ලෙස කඩුල්ලට පිවිස මංගල ටෙස්ට් ඉනිම ආරම්භ කළේ ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින්.

vfgdyt
කඩුලු 6 ට ලකුණු 410 සිට තෙවැනි දින තරගය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ 7 වැනි කඩුල්ල ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එක්වෙද්දී බිඳ වැටුනා. පස්වැනි ඕවරයේදී (ඉනිමේ 107 ඕවරය) ලකුණු 27කට දැවී ගියේ සදීර සමරවික්‍රම. දෙවැනි දින තරගය නතර කරන විට ලකුණු 21ක් රැස්කර ගෙන නොදැවී සිටි සදීර ලබා ගත්තේ තව ලකුණු 6ක් පමණයි. නවීඩ් සඩ්රාන්ගේ පන්දුවට ‘ගලී’ හි පන්දු රකිමින් සිටි රහමට් ෂා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් සදීර දැවී යන විට ලබා ගෙන සිටියේ ලකුණු 27ක්. පන්දු 33ක ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් ඇතුළත්ව තිබුනා.

චාමික ගුණසේකර ලකුණු 16ක් ලබා ගෙන සිටියදී ආබාධයක් මත පිටියෙන් ඉවත් වුනා. භෞතචිකිත්සක සමග ඔහු පිටියෙන් නික්ම ගියේ ඕවර තුනකට පෙර නවීඩ් සඩ්රාන්ගේ පන්දුවක් හිස ආවරණයේ වැදීමෙන් ඇතිවූ කම්පනය හේතුවෙන්. චාමික වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට ආදේශ කෙරුනා.

ශ්‍රී ලංකා අවසන් කඩුලු 3 ලකුණු 12කට බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439කට (ඔ්වර 109.2) අවසන් වුනේ ඔවුන්ට තරගයේ පළමු ඉනිමේ ලකුණු 241ක වාසියක් ලබා දෙමින්.

xcfvgdr
නවීඩ් සඩ්රාන් ලකුණු 83කට කඩුලු 4ක් ලබා ගත් අතර නිජාට් මසූඩ් හා කයිස් අහමඩ් කඩුලු 2 බැගින් ලබා ගත්තා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ කිසිවෙකු නොදැවී ලකුණු 35ක් රැස්කර ගෙන සිටියා.
asitha f

තේ පානයෙන් පසුව නැවත තරගය ආරම්භ වී සිවුවැනි ඕවරයේදී ඇෆ්ගන් පළමු කඩුල්ල බිඳ හෙලීමට සමත් වුනේ අසිත ප්‍රනාන්දු. ඉනිමේ 43 වැනි ඕවරයේදී නූර් අලි සඩ්රාන් කඩුල්ල මුවා කළ බවට පිටියේ තරග විනිසුරු දුන් තීරණය නූර් අලි පිළිනොගත්ත ද තෙවැනි විනිසුරු ද එම තීරණයේ ම සිටියා. ඒ අනුව නූර් අලි ලකුණු 47කට දැවී ගියේ පන්දු 136කට මුහුණ දීමෙන් පසුව. හතරේ පහර 5ක් ඔහු එල්ල කර තිබුනා.

ඉබ්‍රහිම් සඩ්රාන්ගේ මංගල ශතකය වාර්තා වුනේ පන්දු 216කින්. හතරේ පහර 11ක් එම ශතකයට ඇතුළත්ව තිබුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :

සවස තේ පානයේදී ඇෆ්ගනිස්තානය කිසිවෙකු නොදැවී 97යි

චාමික ගුණසේකර : මංගල ටෙස්ට් තරගයෙන් රෝහලට

ශ්‍රී ලංකාව 439ක් රැස්කර ගෙන ලකුණු 241ක් ඉදිරියෙන් - දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 35 යි

මැතිව්ස් හා චන්දිමාල් ශතකලාභීන්ගෙන් වාර්තාගත සබඳතාවක් 

ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 3 ට ලකුණු 287

දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කඩුලු 3 ලකුණු 177 යි- දිමුත් 77කට දැවී යයි

ඇෆ්ගන් ඉනිම ලකුණු 198කින් නවතී - ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 80 යි

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් මංගල ටෙස්ට් ගැටුම: සවස තේ පානයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 168 යි

මංගල ටෙස්ට් ගැටුමේ දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 90 යි

මංගල ටෙස්ට් ගැටුමට අලුත් නායකයෙක්

සුදු පන්දුවේ පෙරලිකාරයෝ හෙට පළමු වතාවට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග බිමේ

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...