The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

කොදෙව්වන් තරග 2-0කින් පරදවමින් ඉන්දියාව ලෝක වාර්තාවක් සම කරයි

T

The Leader Desk

October 16, 2025 • 9:33 AM

කොදෙව්වන් තරග 2-0කින් පරදවමින් ඉන්දියාව ලෝක වාර්තාවක් සම කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව 2 – 0ක් ලෙස ජයග්‍රහණය කරමින් ඉන්දියාව ලෝක වාර්තාවක් සම කර තිබෙනවා.
  • කොදෙව්වන් ට එරෙහිව 2002 වසරේ ලැබූ සිය අවසන් පරාජයෙන් පසුව ඉන්දියාව දැන් නොකඩවා තරගමාලා ජයග්‍රහණ 10ක් එම කණ්ඩායමට එරෙහිව අත්කර ගෙන තිබෙනවා.
  • ඒ, 1997 සිට 2024 වකවානුවේ තරගමාලා ජයග්‍රහණ 10ක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව වාර්තා කරමින්.
  • මේ ලැයිස්තුවේ දෙවැනියට සිටින කණ්ඩායම වන්නේ ඔස්ට්‍රේලියාව.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ නම ඉතිහාසයේ සටහන් කළේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ එක් කණ්ඩායමකට එරෙහිව වැඩිම පිට පිට තරගමාලා ජයග්‍රහණයන්හි ලෝක වාර්තාව සම කරමින්.

කොදෙව්වන් ට එරෙහිව 2002 වසරේ ලැබූ සිය අවසන් පරාජයෙන් පසුව ඉන්දියාව දැන් නොකඩවා තරගමාලා ජයග්‍රහණ 10ක් එම කණ්ඩායමට එරෙහිව අත්කර ගෙන තිබෙනවා.

 



මේ වික්‍රමය ම දකුණු අප්‍රිකාව විසින් ද සිදුකර තිබෙනවා. ඒ, 1997 සිට 2024 වකවානුවේ තරගමාලා ජයග්‍රහණ 10ක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව වාර්තා කරමින්.

ෂුබ්මන් ගිල්ගේ කණ්ඩායම මේ වාර්තාව සම කළේ රොස්ටන් චේස්ගේ කණ්ඩායම සමග දිල්ලියේ පැවති දෙවැනි ටෙස්ට් තරගයේ කඩුලු හතක ජයග්‍රහණයක් ලබමින්.

මේ ලැයිස්තුවේ දෙවැනියට සිටින කණ්ඩායම වන්නේ ඔස්ට්‍රේලියාව. ඔවුන් 2000 සිට 2022 දක්වා කාලය තුළ බටහිර ඉන්දීය කොදෙව් පිල තරගමාලා නවයකින් පරාජය කර තිබෙනවා.

 

n89yt9hv
මීට අමතරව, ඔස්ට්‍රේලියාව 1989 සිට 2023 දක්වා කාලයේදී එංගලන්තය ට එරෙහිව ජයග්‍රහණ අටක් ලබා ගනිමින් ලැයිස්තුවේ තෙවැනි සම ස්ථානය ද ගෙන සිටිනවා.

මෙහිදී ඔස්ට්‍රේලියාව සමග තෙවැනියට සමානව සිටින්නේ ශ්‍රී ලංකාව. ඒ, 1996 සිට 2000 දක්වා වූ වකවානුවේදී සිම්බාබ්වේ ට එරෙහිව අඛණ්ඩව තරගමාලා ජයග්‍රහණ අටක් වාර්තා කරමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...