The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මංගල ටෙස්ට් ගැටුමේ දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 90 යි

T

The Leader Desk

February 2, 2024 • 7:23 AM

මංගල ටෙස්ට් ගැටුමේ දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 90 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වන චාමික ගුණසේකර ශ්‍රී ලංකා කැප් තොප්පිය ලබා ගත්තේ ඇන්ජලෝ මැතිව්ස් අතින්.
  • ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිවා ආහාරය වන විට ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 90ක් රැස්කර ගෙන සිටියා.
  • රහමට් ෂා හතරේ පහර 7ක් එල්ල කරමින් ලකුණු 48ක් ලබා ගෙන සිටි අතර නායක හෂ්මතුල්ලා ෂහිඩි රැස්කර ගෙන සිටියේ ලකුණු 11ක්.
  • උදය වරුවේ බිඳ වැටුනු කඩුලු 2 ලබා ගත්තේ අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිවා ආහාරය වන විට ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 90ක් රැස්කර ගෙන සිටියා.

රහමට් ෂා හතරේ පහර 7ක් එල්ල කරමින් ලකුණු 48ක් ලබා ගෙන සිටි අතර නායක හෂ්මතුල්ලා ෂහිඩි රැස්කර ගෙන සිටියේ ලකුණු 11ක්.
උදය වරුවේ බිඳ වැටුනු කඩුලු 2 ලබා ගත්තේ අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු.

දෙරට අතර පැවැත්වෙන මංගල ටෙස්ට් ගැටුමේ පළමු පන්දුව යැවුවේ අසිත ප්‍රනාන්දු. දෙවැනි පන්දුවෙන් ම ඇෆ්ගන් පළමු කඩුල්ල ලබා ගැනීමට ඔහු සමත් වුනේ ඉබ්‍රහිම් සඩ්රාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්.

මේ ‌ෙඑතිහාසික ටෙස්ට් තරගයේ පළමු හතරේ පහර වාර්තා වුනේ අංක 1 පිතිකරු ලෙස පිටියට පිවිසි රහමට් ෂා ගෙන්. ‘තර්ඩ් මෑන්’ කලාපයෙන් ඔහු ඒ හතරේ පහර විශ්ව ප්‍රනාන්දු ට එල්ල කළේ තරගයේ යැවුනු දෙවැනි ඔ්වරයේ දෙවැනි පන්දුවට. 11 වැනි ඔ්වරය අවසන් වන විට ඇෆ්ගන් මුළු ලකුණු 50 වාර්තා වුනා.

ආරම්භක පිතිකරු නූර් අල් සඩ්රාන් හා රහමට් ෂා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85කින් ලකුණු 57ක් රැස්කර ගෙන සිටියදී වමතින් මඳ වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවට සඩ්රාන් දුන් උඩ පන්දුව ප්‍රනාන්දු විසින් ම රැක ගැනීමෙන් සඩ්රාන් දැවී ගියා. පන්දු 46කට මුහුණ දුන් ඔහුගේ මංගල ටෙස්ට් ඉනිම හතරේ පහර 5ක් සමග ලකුණු 31කින් සමන්විතව තිබුනා. ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 57 යි.

මංගල ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා නව නායක ධනංජය ද සිල්වා. තම කණ්ඩායම සතුව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සිටින බැවින් පළමුව පන්දු යැවීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළා. වේග පන්දු යවන චාමික ගුණසේකර ට ඊයේ මංගල ටෙස්ට් වරම් හිමිවුනා.

 

1706848570 sri lanka v afghanistan test l

මංගල ටෙස්ට් තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාව. 

 

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් සිවු දෙනෙක් ම ඊයේ කුළුඳුල් ටෙස්ට් වරම් ලබා ගත්තා. ආරම්භක පිතිකරු නූර් අල් සඩ්රාන්, වමතින් දඟ පන්දු යවන සියා උර් රෙහමාන් සහ වේග පන්දු යවන්නන් වන මොහමඩ් සලීම් හා නවීඩ් සඩ්රාන් එම ක්‍රීඩකයන්. 

ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම: ඉබ්‍රහිම් සඩ්රාන්, නූර් අල් සඩ්රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ෂහිඩි, නසිර් ජමාල්, ඉක්රම් අලික්ති, සියා උර් රෙහමාන්, කායිස් අහමඩ්, නිජාට් මසූඩ්, මොහමඩ් සලීම්, නවීඩ් සඩ්රාන්.

සටහන :
මංගල ටෙස්ට් ගැටුමට අලුත් නායකයෙක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...