The Leader News
BREAKING
Top Ad
පුවත්

සසිරිබර මෙසිරිලක දමා යන්නට නොදී නාවික හමුදාව 20ක් අල්ලයි

T

The Leader Desk

April 8, 2021 • 3:29 PM

සසිරිබර මෙසිරිලක දමා යන්නට නොදී නාවික හමුදාව 20ක් අල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට හැර දමා අනවසරයෙන් මුහුදු මගින් විදේශ ගත වන්නට සුදානම් වන බවට සැක කොට
  •   වයඹ නාවික විධානය මඟින් සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ත්‍රීරෝද රථ හතරක්  ද පරීක්‍ෂාවට ලක් කර ඇත.
  •   නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් විසි දෙනා අතර  පිරිමින් 14ක්, කාන්තාවන් 04 ක්, වයස අවුරුදු 13 ක ගැහැණු ළමයෙකු සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයකු ද වේ.
  •   මෙම පිරිසෙන් පුද්ගලයන් නම දෙනෙක්  මුලතිව් ප්‍රදේශයේද, හතර දෙනෙකු යාපනය ප්‍රදේශයේද, තවත් හතර  දෙනෙකු මන්නාරම ප්‍රදේශයේද වන අතර  වාලච්චේන, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවලින් එක් පුද්ගලයෙක් බැගින් හදුනාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ළමුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් විසි දෙනකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ අප්‍රේල් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් විසි දෙනකු නාවික හමුදා භාරයට ගත් බවයි.
 
වයඹ නාවික විධානය මඟින් සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ත්‍රීරෝද රථ හතරක්  ද පරීක්‍ෂාවට ලක් කර ඇත.
 
එහිදී සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී එම ත්‍රීරෝද රථ තුළ ගමන්ගත් පුද්ගලයන් විසි දෙනෙක් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා මෙලෙස ත්‍රීරෝද රථ මඟින් සිලාවතුර මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි බවට අනාවරණය වූ බැවින්, එම පුද්ගලයන් පිරිස සහ ත්‍රීරෝද රථ හතර  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරයි.
 
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් විසි දෙනා අතර  පිරිමින් 14ක්, කාන්තාවන් 04 ක්, වයස අවුරුදු 13 ක ගැහැණු ළමයෙකු සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයකු ද වේ.
 
මෙම පිරිසෙන් පුද්ගලයන් නම දෙනෙක්  මුලතිව් ප්‍රදේශයේද, හතර දෙනෙකු යාපනය ප්‍රදේශයේද, තවත් හතර  දෙනෙකු මන්නාරම ප්‍රදේශයේද වන අතර  වාලච්චේන, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවලින් එක් පුද්ගලයෙක් බැගින් හදුනාගෙන ඇත.
 
නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයකුද මෙම පිරිස අතර සිටින බවට නාවික හමුදාව සැක කරයි.
 
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් සියලු දෙනා සහ ඔවුන් පැමිණි ත්‍රීරෝද රථ හතර ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
 
2021 මාර්තු 11 වන දිනද අනවසරයෙන් මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබුනි.
 
 
(සේයා - ශ්‍රී ලංකා නාවික හමුදාව)

 

8645

8645

8542

 


 

 
THE LEADER TV

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...