The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එක්දින හා විස්සයි20 තරගවලට කාලය මැනීමේ ඔරලෝසු

T

The Leader Desk

November 23, 2023 • 8:31 AM

එක්දින හා විස්සයි20 තරගවලට කාලය මැනීමේ ඔරලෝසු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් හා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග සඳහා කාලය මැනීමේ ඔරලෝසු හඳුන්වා දීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය
  • සදීර සමරවික්‍රම දැවී යාමෙන් පසුව කඩුල්ලට පිවිසි මැතිව්ස් ඊළඟ පන්දුවට පහර දීමට ප්‍රමාද වූ අවස්ථාවේදී බංග්ලාදේශ නායක ෂකිබ් අල්-හසන් විසින් කරන ලද ඉල්ලීමකින් මැතිව්ස් දැවී ගිය බවට තරග විනිසුරුවන් තීරණය කළා.
  •     මේ තීරණය පිළිබඳව සිවුවැනි තරග විනිසුරු විවේචනයට ලක් කළ මැතිව්ස්, ෂකිබ්ගේ ක්‍රියාව “නින්දාසහගත” බව කිය සිටියා.
  • කෙසේ වෙතත්, ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවල භාරකරු වන ‘එම්.සී.සී.’ විසින් තරග විනිසුරුගේ තීරණය අනුමත කළා.  සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):
කර තිබෙනවා. 

ඕවරයක අවසානය හා අනෙක් ඕවරයේ ආරම්භය අතර කාලය පාලනය කරමින් ක්‍රීඩාව වේගවත් කිරීමේ උත්සාහයක් ලෙසින් හඳුන්වා දෙන මේ ‘කාලය මැනීමේ ඔරලෝසු’ (stop clock) භාවිතය අත්හදා බැලීම 2023 දෙසැම්බරයේ සිට 2024 අප්‍රේල් දක්වා කාලය තුළ පැවැත්වෙන තරගවලදී සිදුවෙනවා. 
high
 
මේ අනුව, එක් ඕවරයක් අවසන් වී අනෙක් ඕවරය ආරම්භ කිරීමට ගතවන කාලය මනිනු ලබන අතර කළින් යැවූ ඕවරය සම්පූර්ණ වී තත්පර 60ක් ඇතුළත ඊළඟ ඕවරය යැවීමට පන්දු යවන කණ්ඩායම සූදානම් නැත්නම්, ඉනිමක එවැන්නක් සිදුවන තෙවැනි අවස්ථාවේදී ලකුණු පහක දඬුවමක් පනවන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා. 
මේ නව නීතිය අත්හදා බැලීම ප්‍රථම වතාවට සිදුවනු ඇත්තේ දෙසැම්බර් 3 වැනිදා ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවේ.
 
skynews angelo mathews sri lankan 6350580

මෑතකදී පැවති 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රථම වතාවට ‘කාලය අවසානයි’ යන තීරණයෙන් ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් දැවී යාම ප්‍රබල මතභේදයකට තුඩු දුන්නා. සදීර සමරවික්‍රම දැවී යාමෙන් පසුව කඩුල්ලට පිවිසි මැතිව්ස් ඊළඟ පන්දුවට පහර දීමට ප්‍රමාද වූ අවස්ථාවේදී බංග්ලාදේශ නායක ෂකිබ් අල්-හසන් විසින් කරන ලද ඉල්ලීමකින් මැතිව්ස් දැවී ගිය බවට තරග විනිසුරුවන් තීරණය කළා.
 
 
මේ තීරණය පිළිබඳව සිවුවැනි තරග විනිසුරු විවේචනයට ලක් කළ මැතිව්ස්, ෂකිබ්ගේ ක්‍රියාව “නින්දාසහගත” බව කිය සිටියා. කෙසේ වෙතත්, ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවල භාරකරු වන ‘එම්.සී.සී.’ විසින් තරග විනිසුරුගේ තීරණය අනුමත කළා. 

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...