The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තියුණු තරගයකින් පසු අවසන් 20/20 තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට. තරගාවලියේ ජය ලංකාවට

T

The Leader Desk

February 22, 2024 • 4:42 AM

තියුණු තරගයකින් පසු අවසන් 20/20 තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට. තරගාවලියේ ජය ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ජයග්‍රාහීව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
  • මෙම තරග සංචාරයේදී ඇෆ්ගන් කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වුයේ 20/20 තරගාවලියේ ඊයේ (පෙබරවාරි 21 වැනිදා) පැවති අවසන් තරගය පමණි.
  • ඒ අනුව ශ්‍රී ලංකාව 20/20 තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ තරග 2ට 1ක් ලෙසය.
  • ප්‍රේක්ෂක විශ්වාසය මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ ප්‍රේක්ෂකයින් අතර යළි විශ්වාසයක් ගොඩනැංවීමට හැකිවීම කැපී පෙනෙන අතර දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති 20/20 තරගාවලිය නැරඹීම සඳහා ප්‍රෙක්ෂකයින් අතර විශාල උනන්දුවක් පවතින අයුරු ද දක්නට ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සහ 20/20 තරගාවලිය ජයග්‍රහණය කරමිනි.

මෙම තරග සංචාරයේදී ඇෆ්ගන් කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වුයේ 20/20 තරගාවලියේ ඊයේ (පෙබරවාරි 21 වැනිදා) පැවති අවසන් තරගය පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව 20/20 තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ තරග 2ට 1ක් ලෙසය.

cr 98
ප්‍රේක්ෂක විශ්වාසය

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ ප්‍රේක්ෂකයින් අතර යළි විශ්වාසයක් ගොඩනැංවීමට හැකිවීම කැපී පෙනෙන අතර දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති 20/20 තරගාවලිය නැරඹීම සඳහා ප්‍රෙක්ෂකයින් අතර විශාල උනන්දුවක් පවතින අයුරු ද දක්නට ලැබුණි.

තරග නැරඹීම සඳහා සිම්බාබ්වේ තරග සංචාරයේදී නොතිබූ උනන්දුවක් ප්‍රේක්ෂකයින් අතර පවතින අයුරු දඹුල්ල ක්‍රිඩාංගණයේදී දැක ගත හැකි විය.

cr 99
ඇෆ්ගන් කණ්ඩායම විසින් රන්ගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේ ඊයේ (පෙබරවාරි 21 වැනිදා) පැවැති 3 වැනි 20/20 තරගය ජයග්‍රහණය ලැබුවේ ලකුණු 3කිනි. ශ්‍රී ලංකාව සාර්ථක ලෙස ඉලක්කය හඹා ගියද නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකිවුයේ කඩුලු 6කට ලකුණු 206 පමණි.

ඊයේ පැවති 3 වැනි 20/20 තරගයේදී ද කාසියේ වාසිය දිනූ අෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා මෙවර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5කට ලකුණු 209ක් රැස් කිරීමට අෆ්ගන් කණ්ඩායම සමත්විය.

ඊයේ තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනත් පෙරේරා, කමිදු මෙන්ඩිස්, අකිල ධනංජය සහ නුවන් තුෂාර කැඳවා තිබුණි.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ ප්‍රහාරත්මක ආරම්භය

ඇෆ්ගනිස්ථාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත්වූහ.

ඔවුන් දෙදෙනා පන්දු 44කදී වේගවත් ලකුණු 88ක් රැස් කිරීමට සමත්විය. අකිල ධනංජය අතින් උඩපන්දුවක් ගිලිහී යෑම ඊට අස්වැසිල්ලක් විය.

එහෙත් අනතුරුව අකිල ධනංජය විසින්ම ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයේ සබඳතාව බිඳ දමුණු ලැබුවේ හස්රතුල්ලා සසායිගේ කඩුල්ල දවා ගනිමිනි.

හස්රතුල්ලා පන්දු 22කින් වේගවත් ලකුණු 45ක් රැස් කිරීමට සමත් විය.

ඊයේ දිනයේ ලකුණු අතරට පිවිසි රහ්මානුල්ලා ගුර්බාස් පන්දු 43කින් ලකුණු 70ක් රැස් කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා බවට පත්වෙමිනි.

අස්මතුල්ලා ඕමාර්සායි පන්දු 23කින් ලකුණු 31ක් රැස් කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු යුගල දැමූ සාර්ථක අඩිතාලම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5කට ලකුණු 209ක රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී අකිල ධනංජය සහ මතීෂ පතිරණ කඩුලු දෙක බැගින් දවා ගත් අතර නායක වනිඳු හසරංග එක් කඩුල්ලක් දවා ගත්තේය.

cr 100
ශ්‍රී ලංකවේ ආක්‍රමණශීලි හඹා යෑම

ලකුණු 210ක දැවන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූහ.

පැතුම් නිස්සංක පන්දු 30ට ලකුණු 60ක් රැස් කළ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

කුසල් මෙන්ඩිස් පන්දු 13කින් ලකුණු 16ක් රැස් කිරීමට සමත්විය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු රැස් කිරීමට පෙර දවා ගැනීමට අෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්විය.

වනිඳු හසරංග පන්දු 11කින් ලකුණු 13ක් රැස් කළේය.

ඊයේ තරගයට ක්‍රීඩා කිරීමට ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් නවක ක්‍රීඩක කමිදු මෙන්ඩිස් නොදැවී, පන්දු 39කින් ලකුණු 65ක් රැස් කිරීමට සමත්විය. 

සධීර සමරවික්‍රම සමග සබඳතාවක් ගොඩනඟා ගනිමින් තරගය ජයග්‍රාහී සීමාව කරා රැගෙන ඒමට ඔහු සමත්වුවත් පන්දු 12කට ලකුණු 23ක් රැස්කර ගෙන සිටියදී සධීර සමරවික්‍රම දැවී ගියේය.

cr 101

තරගාවලියේ වීරයා කවුද ?

cr 102
අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 19ක් අවශ්‍ය විය.

අවසන් පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී ආන්දෝලනාත්මක සිද්ධියක් වූයේ කමිදු මෙන්ඩිස්ගේ ඉනට ඉහළින් යන ෆුල්ටොස් පන්දුවක් විනිසුරු විසින් නිපන්දුවක් ලෙස සංඥා නොකිරීම හේතුවෙනි.

එම පන්දුවාරය තුළදී ලකුණු 16ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ ලකුණු 3කිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංගය තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

ඊයේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස්ය.

20/20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මීළඟට තරග වැදීමට සුදානම් වන්නේ බංගලාදේශ කණ්ඩායම සමගය.

(BBC සිංහල සේවය)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...