The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි

T

The Leader Desk

October 19, 2023 • 10:36 AM

2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2019 වසරේ පැවති පසුගිය ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන මහා තරගයේදී එංගලන්තය පරදවමින් දකුණු අප්‍රිකාව ලෝක කුසලානය දිනා ගැනීමේ වේදනාවට
  • හැන්ඩ්‍රී පොලාඩ් එංගලන්ත සිත් තුළ ඒ නීරස පරාජය තවමත් හොල්මන් කරනු ඇති බව විශ්වාස කරන මේ ‘ෆ්ලයි-හාෆ්’ ක්‍රීඩකයා, කෙසේ වෙතත් එංගලන්තය සමග පැරිසියේදී ශාරීරික ගැටුමකට දකුණු අප්‍රිකාව හොඳින් සූදානම් බවද අවධාරණයෙන් කියා සිටිනවා.
  • ජපානයේ යොකොහාමා හි එදා පැවති ඒ අවසාන මහා තරගයේදී පොලාඩ් ලකුණු 22ක් රැස් කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කායික ශක්තිය විසින් එංගලන්තයේ තරග සැලැස්ම පාගා පොඩිකර දමමින්.
  • එදා දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තය ලැබූ ලකුණු 32-12ක පරාජයේ වේදනාත්මක අමනාපය ඉංග්‍රීසි සිත්සතන් තුළ තවමත් රැඳී තිබෙනු ඇති බවට ප්‍රථම වතාවට අනතුරු ඇඟවූයේ දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩාවේ අධ්‍යක්ෂ රැසී ඉරාස්මස්.
අකුරු ප්‍රමාණය (Font Size):

පළිගැනීම ඒකායන අරමුණ කරගෙන මේ සෙනනුරාදා දෙපිල අතර පැවැත්වෙන 2023 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම ඉතාමත් දරුණු ක්‍රීඩාවක නිරත වනු ඇතැයි දකුණු අප්‍රිකානු ‘ස්ප්‍රිංබොක්’ කණ්ඩායමේ අංක 10 ක්‍රීඩක හැන්ඩ්‍රී පොලාඩ් බලාපොරොත්තු වෙනවා.

handre 2837

හැන්ඩ්‍රී පොලාඩ්

එංගලන්ත සිත් තුළ ඒ නීරස පරාජය තවමත් හොල්මන් කරනු ඇති බව විශ්වාස කරන මේ ‘ෆ්ලයි-හාෆ්’ ක්‍රීඩකයා, කෙසේ වෙතත් එංගලන්තය සමග පැරිසියේදී ශාරීරික ගැටුමකට දකුණු අප්‍රිකාව හොඳින් සූදානම් බවද අවධාරණයෙන් කියා සිටිනවා.

ජපානයේ යොකොහාමා හි එදා පැවති ඒ අවසාන මහා තරගයේදී පොලාඩ් ලකුණු 22ක් රැස් කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කායික ශක්තිය විසින් එංගලන්තයේ තරග සැලැස්ම පාගා පොඩිකර දමමින්.

එදා දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තය ලැබූ ලකුණු 32-12ක පරාජයේ වේදනාත්මක අමනාපය ඉංග්‍රීසි සිත්සතන් තුළ තවමත් රැඳී තිබෙනු ඇති බවට ප්‍රථම වතාවට අනතුරු ඇඟවූයේ දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩාවේ අධ්‍යක්ෂ රැසී ඉරාස්මස්. පොලාඩ් කළේ ඒ සිතිවිල්ල දෙගුණයකින් පිලිගැනීම.

eng sa rug

2019 අවසාන තරගයේදී එංගලන්තය 32-12කින් පරාජයට පත්වුනා

“මීට අවුරුදු හතරකට ඉස්සර ඔවුන්ගේ මුහුණුවල පෙනුණු කලකිරීම තවමත් මතකයි” පොලාඩ් කියයි. “මමත් 2015දී ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ සංචිතයක කෙනෙකු වී සිටිය නිසා මම මේ ගැන හොඳින් දන්නවා. එවැනි සිදුවීමක් මුළු ජීවිතේටම අමතක වෙන්නේ නැහැ. ආපසු හැරී බලන විට යමක් මීට වඩා හොඳින් කරන්න තිබුනා නේදැයි හිතෙන දේවල් ගොඩක් තියෙනවා.”

“එංගලන්ත රග්බි ක්‍රීඩකයන් මේ සති අන්තයේ පිටියට පිවිසෙන්නේ ඒ මානසිකත්වයෙන් යුතුව බවට මට විශ්වාසයි. ඔවුන් අනුකම්පා විරහිතව දරුණු ක්‍රීඩාවක නියැලෙමින් ක්‍රීඩාවේ තියුණු බව හා කායික ශක්තිය මුළුමනින්ම අලුත් මට්ටමකට ගෙන ඒවි. නමුත් අපි ඒවට ලෑස්තියි. අපි ඒ වගේ අභියෝගයකින් වින්දනයක් ලබනවා. අපි අතරේ කෝපයක්, අමනාපයක් තියාගන්න ඒගොල්ලන්ට උවමනා නම් අපිත් ඒකට සූදානම්. මෙය ටෙස්ට් රග්බි ක්‍රීඩාවක්. එය මිනිත්තු 80ක තරගයක්. අපි ඒ සෙල්ලම කළ යුතුයි.”

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පිට පිට ලෝක රග්බි කුසලානය දිනා ගැනීමේ වෑයමක නිරතව සිටිනවා.

එළැඹෙන සෙනසුරාදා පැරිසියේදී පැවැත්වීමට නියමිත ගැටුමෙන් ජයග්‍රහණය කරනු ඇති බවට වඩාත් ජනප්‍රිය කණ්ඩායම දකුණු අප්‍රිකාව යි.

තරගයෙන් පරාජය වුවහොත් තරගාවලියේ තෙවැනි ස්ථානය වන ලෝකඩ පදක්කමකින් සෑහීමට පත්වන්නේදැයි නැගුනු ප්‍රශ්නයට ඔහු එතරම් තැකීමක් කළේ නැහැ.
“එය ඔබ ක්‍රීඩා කිරීමට අවශ්‍ය තරගයක් නෙවෙයි” පොලාඩ් පවසයි. “අවාසනාවකට මීට කළින් මට ඒ වගේ තරගයකට ක්‍රීඩා කිරීමට සිදුවුනා. එය ලොකු පසුතැවිල්ලක් ගෙන දෙන්නක්. අපේ සිත් ඒ වගේ තැනකට කොහෙත්ම ගිහිං නැහැ.”

sa eng rugb

මීට සිවු වසරකට පෙර දකුණු අප්‍රිකාව ලෝක රග්බි කුසලානය දිනා ගත් අවස්ථාව

“අපේ තරග ආකෘතිය හා අපි ක්‍රීඩාව කරන ආකාරය ලෝක කුසලාන තරගාවලියකට හොඳින් ගැළපෙනවා කියා මම හිතනවා. අපි මේ තරග පරිසරයට කැමතියි. කළින් තිබුනු ලෝක කුසලාන තරගාවලියන්හි කතාන්දර අපි දන්නවා.” 

“අපි තරගයත් එහිදී එල්ල වන පීඩනයෙනුත් සතුටක් ලබනවා. අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී අපේ උර මත මෙවැනි  පීඩනයක් පැටවී තිබීම අපට ලොකු ගෞරවයක්” යනුවෙන් හැන්ඩ්‍රී පොලාඩ් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

සටහන :
ප්‍රේමයේ චමත්කාරයෙන් සුන්දර වූ කාඩිෆ් මැරතන් තරගය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...