The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මැතිව්ස් කඩඉමක් පසුකරයි

T

The Leader Desk

March 9, 2023 • 7:03 AM

මැතිව්ස් කඩඉමක් පසුකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
  • මේ වනවිට ටෙස්ට් තරග 101කදී මැතිව්ස් ලකුණු 7000ක් ලබාගෙන ඇති අතර ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.
  • නමුත් ඔහුව ලකුණු 47දීම දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන මැට් හෙන්රි සමත්විය.
  • වාර්තා පොතට ගිය චන්දිමාල් ගේ විකට්ටුව ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල්  දවාගැනීමට නවසීලන්ත නායක ටීම් සවුදි සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):



නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගත්තේය.

මේ වනවිට ටෙස්ට් තරග 101කදී මැතිව්ස් ලකුණු 7000ක් ලබාගෙන ඇති අතර ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.

නමුත් ඔහුව ලකුණු 47දීම දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන මැට් හෙන්රි සමත්විය.

FqwMc4iaUAAluBO

වාර්තා පොතට ගිය චන්දිමාල් ගේ විකට්ටුව

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල්  දවාගැනීමට නවසීලන්ත නායක ටීම් සවුදි සමත් විය.

චන්දිමාල් ලකුණු 39ක් රැස්කළ අතර එම කඩුල්ලත් සමග නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ගණනක් ලබාගත් පන්දු යවන්නා බවට සවුදි සමත් විය. එහිදී ඔහු තරග 354කදී ලබාගෙන ඇති කඩුලු ගණන 706කි.

එම වාර්තාව හිමිකරගෙන සිටියේ ඩනියෙල් විටෝරි ය. ඔහු තරග 442කදී කඩුලු 705ක් ලබාගෙන තිබුණි.


jhagsja

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ වනවිට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙයි.

වර්ෂාව හේතුවෙන් තරගය සුළු මොහොතකට නවතා තිබිණ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටීම් සවුදි, පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු පළමු කඩුල්ල රැස්කළේ ලකුණු 14ක් පමණි.

ප්‍රනාන්දු නායක සවුදි ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලුන්ඩල් ට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.

අනතුරුව පිටියේ එක්වූ කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

දෙවැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 87කට දැවී ගියේය. ඔහු පන්දු 83කට මුහුණදුන් අතර හතරේ පහර 16ක් එල්ල කළේය.




 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිව්ස් කඩඉමක් පසුකරයි | The Leader