The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකාව පරදා නවසීලන්තය අවසන් මොහොතේ නොසිතු ජයක් වාර්තා කරයි

T

The Leader Desk

March 13, 2023 • 12:08 PM

ලංකාව පරදා නවසීලන්තය අවසන් මොහොතේ නොසිතු ජයක් වාර්තා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක ශ්‍රී ලංකා පිල සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත සමත් විය. ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහණය වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමකි.
  • ක්‍රයිස්චර්ච්හීදි ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 355ක් සහ දෙවැනි ඉනිම සඳහා ලකුණු 302ක් රැස් කළේය.
  • නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 373කි.
  • ඒ අනුව, නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 285ක ඉලක්කයක් හිමිවුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයට එක්වූයේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජයගෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණ ඇතිවය.

ක්‍රයිස්චර්ච්හීදි ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 355ක් සහ දෙවැනි ඉනිම සඳහා ලකුණු 302ක් රැස් කළේය.

නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 373කි.

ඒ අනුව, නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 285ක ඉලක්කයක් හිමිවුණි.

ලකුණු 285ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ඊයේ (12) දිනය සඳහා තරගය නතර කරනවිට සිය දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 28කි.

ක්‍රයිස්චර්ච් නුවරට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් අද දිනය සඳහා තරගය ආරම්භ කිරීම පැය හතර හමාරකින් පමණ ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් අද දිනය සඳහා යොමුකිරීමට නියමිතව තිබූ පන්දුවාර සංඛ්‍යාවෙන් පන්දුවාර 27ක් අහිමි වුණි.

ඒ අනුව, නවසීලන්තය ජයග්‍රහණය සඳහා පන්දුවා 53කදී කඩුලු 9ක් අතැතිව ලකුණු 257ක් රැස් කරගත යුතුව තිබුණි.

නවසීලන්ත ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ටොම් ලේතම්ව ලකුණු 25ක් රැස් කරගෙන සිටියදී ප්‍රභාත් ජයසූරිය විසින් අද දවාගනු ලැබීය.

අනතුරුව ලකුණු 33ක් රැස් කරගෙන සිටියදී කේන් විලියම්සන් ලබාදුන් උඩපන්දුවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාම තරගයේ තීරණාත්මක සිදුවීමක් බවට පත්වුණි.

නවසීලන්ත ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස හෙන්රි නිකොල්ස් දැවී යන තෙක්ම නවසීලන්ත පිතිකරුවන් ආරක්ෂාකාරී පිතිකරණයක නිරත වුවත් ඩැරල් මිචෙල් පිටියට පිවීසීමත් සමග නවසීලන්ත කණ්ඩායම ප්‍රෙව්ගකාරී ලෙස පන්දුවට පහරදුන්නේ තරගය ජයගැනීමේ අරමුණෙනි.

ඩැරල් මිචෙල් සහ කේන් විලියම්සන් සිව්වන කඩුල්ල සඳහා පන්දු 157කින් ලකුණු 142ක සබඳතාවක් ගොඩනැගුවේය.

ඩැරල් මිචෙල් ලකුණු 81ක් රැස්කළේය.

කේන් විලියම්සන් අද සිය ටෙස්ට් දිවියේ 27වන ශතකය රැස් කළේය.

නායක කේන් විලියම්සන් පන්දු 194 කදී නොදැවී ලකුණු 121ක් රැස් කරමින් නවසීලන්ත ඉනිමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

අද තරගයේ ප්‍රතිපලයත් සමග ICC ටෙස්ට් ලෝක ශුරතාවය සඳහා සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමත් විය.

එළඹෙන ජුනි මස 07 වෙනිදා සිට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව එංගලන්තයේ දී ටෙස්ට් ශුරතාවයේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...