The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවසීලන්තය පරදා ලංකාව ‘සුපිරි ඕවරයේදී’ ජය ලබයි

T

The Leader Desk

April 2, 2023 • 3:24 PM

නවසීලන්තය පරදා ලංකාව ‘සුපිරි ඕවරයේදී’ ජය ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්
  • මහීෂ් තීක්‍ෂණ යැවූ ‘සුපිරි ඕවරයට’ නවසීලන්තය ලකුණු 8 ක් පමණක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල පන්දු දෙකකින් ලකුණු 12 ක් රැස්කරමින් ජයග්‍රහණ තහවුරු කළේය.
  • තෙවැනි පන්දුවට නිපන්දු ලකුණු 5 ක් ලැබීමේ ජයග්‍රහණය පහසුවිය.
  • පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් රැස්කළ අතර නවසීලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 196 ක් රැස්කරමින් තරගය සමව අවසන් කිරීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඕක්ලන්ඩ්හිදී අද (2) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී ජය ගත්තේ ය.

මහීෂ් තීක්‍ෂණ යැවූ ‘සුපිරි ඕවරයට’ නවසීලන්තය ලකුණු 8 ක් පමණක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල පන්දු දෙකකින් ලකුණු 12 ක් රැස්කරමින් ජයග්‍රහණ තහවුරු කළේය.

එහිදී චරිත් අසලංක දෙවැනි පන්දුවට හයේ පහරක් වාර්තා කරමින් ජය පෙණෙන මානයට ගෙන ඒමට සමත් විය. තෙවැනි පන්දුවට නිපන්දු ලකුණු 5 ක් ලැබීමේ ජයග්‍රහණය පහසුවිය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් රැස්කළ අතර නවසීලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 196 ක් රැස්කරමින් තරගය සමව අවසන් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනු නවසීලන්ත පිලේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 196ක් රැස් කර ගනු ලැබිය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 53ක් රැස් කරනු ලැබිය. 2021 වසරේ දී ආබාධයකට ලක්වීමෙන් පසු කුසල් ජනිත් පළමු වරට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුනේ අදවීම ද විශේෂත්වයකි.

චරිත් අසලංක පන්දු 41කදී ලකුණු 67ක් රැස් කර ගනු ලැබූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස් කළේය. වනිදු හසරංග නොදැවී ලකුණු 21යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 196ක් රැස් කර ගනු ලැබිය. ඩැරල් මිචෙල් ලකුණු 66, මාර්ක් චැප්මන් ලකුණු 33ක්, රචින් රවින්ද්‍ර ලකුණු 26ක් රැස් කරනු ලැබිය.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නවසීලන්තය පරදා ලංකාව ‘සුපිරි ඕවරයේදී’ ජය ලබයි | The Leader