The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා රග්බි විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරයි

T

The Leader Desk

April 12, 2023 • 5:05 PM

ශ්‍රී ලංකා රග්බි විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරි මණ්ඩලය ඉවත්කර, චුලා ධර්මදාස ගේ සභාපතිත්වයෙන් යුතුව
  • කමිටු සාමාජිකයින් :     1.චූලා ධර්මදාස - සභාපති (ශ්‍රී ලංකාවේ ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කර ඇත.
  • 1984 හොංකොං 7 හි  ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකි.
  • CR & FC හි හිටපු සභාපති,CR & FC හි යාවජීව සාමාජික, ජාතික තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩා සම්මේලනයේ හිටපු සාමාජික, ශ්‍රී ලංකා විනිසුරු කමිටුවේ සභාපති.) 2.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවයක් කර ඇති ක්‍රීඩකයින් හා නිළධාරීන් පිරිසක් ඇතුලත් කර අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (12) පියවර ගෙන තිබේ.

සාමාජිකයන් නම දෙනකුගෙන් යුත් එම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති උපදේශක ශානක රණසිංහ (ලේකම්), තුසිත පීරිස් (භාණ්ඩාගාරික), දමිත් විතාරණගේ, කිශාන් මුසාෆර්, සවන්ත ද සේරම, සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක සහ බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ කටයුතු කරති.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නීති සහ ජාත්‍යන්තර සම්මේලනවල නියෝග නොතකා හරිමින් ක්‍රියා කළ නිසා එම තිරණය ගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා හට සිදුවූ බව ක්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.


කමිටු සාමාජිකයින් :  

 
1.චූලා ධර්මදාස - සභාපති

(ශ්‍රී ලංකාවේ ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කර ඇත.
1984 හොංකොං 7 හි  ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකි.
CR & FC හි හිටපු සභාපති,CR & FC හි යාවජීව සාමාජික,
ජාතික තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩා සම්මේලනයේ
හිටපු සාමාජික, ශ්‍රී ලංකා විනිසුරු කමිටුවේ සභාපති.)


2. ශානක රණසිංහ  - ලේකම්
(ජනාධිපති උපදේශක)

3. තුසිත පීරිස් - භාණ්ඩාගාරික

(හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට නායකත්වය ලබාදී ඇත.
හැව්ලොක්ස් සභාපති එස්.සී. SLR හි හිටපු ලේකම්.
WRFU හි භාණ්ඩාගාරික.
හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සහ පාසල්වල හිටපු පුහුණුකරු.
සහකාර ජාතික පුහුණුකරු.)

4. ඩී.ඩී දමිත් විතාරණගේ - සාමාජික

(ප්‍රධාන විධායක නිලධාරී, CFO, CRO, CIA, මූල්‍ය විශ්ලේෂක සහ
HR/පරිපාලන භූමිකාවන්හි පළපුරුදු පරිවර්තන නායකයෙක්,
ආරම්භක විශේෂඥයෙක්, ERP ක්‍රියාත්මක කරන්නෙකු.
පුද්ගලික, රජය සතු සහ මැදපෙරදිග ව්‍යවසායන්හි වසර 15කට වැඩි
ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පළපුරුද්ද සමඟින් වසර 27ක සේවා පළපුරුද්දක් තිබීම.)

5. කිෂාන් මුසාෆර් - සාමාජික

(ශ්‍රී ලංකාව වෙනුවෙන් 15 සහ සත් සාමාජික රග්බි දෙකේදීම ක්‍රීඩා කර ඇත.
කැප්ටන් CR@FC. අමානා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්)

6. සවන්ත ද සේරම්  - සාමාජික

(නීතිඥයෙකු ලෙස වසර 22 කට වැඩි පළපුරුද්දක් ඇති
D.L. & F. De Saram නීති ආයතනයේ කළමනාකාර සහකරු.
ඔහු රග්බි සහ වෝටර් පෝලෝ රට නියෝජනය කර ඇති ද්විත්ව ජාත්‍යන්තර ක්‍රීඩකයෙකි.
CR&FC හි නායක. හිටපු ජාතික තේරීම් කමිටුව නියෝජනය කර ඇත.)

7. සුභාෂ් ජයතිලක  - සාමාජික

(ගුවන් හමුදා රග්බි සමාජයට ක්‍රීඩා කර ඇත.
SLR හි සභා සාමාජික.ගුවන් හමුදා රග්බි වත්මන් සභාපති.
A ඩිවිෂන් රග්බි ක්‍රීඩකයෙක්. 2016 බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළා.
2021 ඩුබායි ජාතික 7s රග්බි කළමනාකරු.)

8. ප්‍රදීප් බස්නායක - සාමාජික

(ශ්‍රී ලංකා 15 සාමාජික කණ්ඩායම සහ මහනුවර ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරීය.
මධ්‍යම පළාත් රග්බි සංගමයේ හිටපු සභාපති. SLR හි හිටපු සභා සාමාජික)

9. බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ - සාමාජික
 
(ශ්‍රී ලංකා 15-A කණ්ඩායමට ක්‍රීඩා කර ඇත. යුද හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා.
 සබරගමුව රග්බි සංගමයේ උප සභාපති. SLR හි හිටපු සභා සාමාජික)
 
මෙම කමිටු සාමාජිකයින්ගේ අත්දැකීම් හා පළපුරුද්ද එම ක්‍රීඩාව දියුණු කිරීමට ඉවහල් වන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට තම අභිමතය පරිදි ඕනෑම ක්‍රීඩාවක නියැලීමට අයිතියක් ඇති බවත්, මෙම කමිටුව මගින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ද ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිවේදනයේ සඳහන් වේ.


එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට අධිකරණයෙන් ලබාදුන් නියෝගයට අනුව ඌව සහ බස්නාහිර පලාත් රග්බි සංගම් නියෝජනය නොකර මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබියදී ඌව සහ බස්නාහිර පලාත් රග්බි සංගම් යොදාගන්නා ලදී.

ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයේ සභාපති රිස්වි මොහොමඩ් ඉල්ලියාස් ව තහනමට පත් කළ අතර ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් නියෝගයක් පසුගිය දා නිකුත් කරන ලදී. එම නියෝගයට අවනත නොවී ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් රිස්වි මොහොමඩ් ඉල්ලියාස් ව තව දුරටත් සභාපති වශයෙන් පිළිගෙන තිබේ.


ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ව්‍යවස්ථාව සහ ක්‍රීඩා පනතේ නීතිය අනුව යම්කිසි ජාත්‍යන්තර සංගමයකින් යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි සංගමයක් තහනම් කළ අවස්ථාවකදී එය ඉටුකිරීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය බැදී සිටින නමුත් එම නියෝගය ද නොතකා හැර ක්‍රියාකර තිබේ.

එම හේතු නිසා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයින්ගේ අනාගතය සහ අභිවෘද්ධිය ගැන සිතා බලා මෙම ක්‍රීඩාව නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් මාස හයක (06) කාලයක් සදහා ස්ථාවරකරණ කමිටුව පත් කර ඇත. එම කමිටුව විසින් ශ්‍රී ලංකාවේ රග්බි ව්‍යවස්ථාව නැවත වරක් සංශෝධනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයට සකස් කිරීමටත් එහි පරිපාලන කටයුතු නැවත ස්ථාපිත කිරිමටත් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම හා දියුණු කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමටත් ජාත්‍යන්තර තහනම ඉවත් කිරිමට කටයුතු කිරීමටත් ඔවුන්ට නීත්‍යානුකූලව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් බලය පවරන ලදී.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා ‍යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, අමාත්‍යාංශ උපදේශක සුදත් චන්ද්‍රසේකර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ) අනුර මුතුමාල යන නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

 

 {gallery}Rugby Interim Committee{/gallery}

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...