The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ඉවතට

T

The Leader Desk

April 13, 2023 • 5:20 AM

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉවත්කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.
  • මෙම වසරේ ජනවාරි මස 21 වනදා සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමේ තීරණයට යටත්ව එම සම්මේලනය මෙම තීරණය ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



2024 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්කර ඇත.

මෙම වසරේ ජනවාරි මස 21 වනදා සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමේ තීරණයට යටත්ව එම සම්මේලනය මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 2023 අප්‍රේල් 4 වැනි දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධරයා ලෙස පත් කර ඇත. 

 

 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...