The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවතට

T

The Leader Desk

April 13, 2023 • 4:14 PM

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය යළි හිමිව ඇත.
  • ඒ අනුව, ආසියානු රග්බි තරඟාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යළි පිළිගන්නා බව ආසියානු රග්බි සම්මේලනය පවසයි.
  • 2022 අප්‍රේල් මස 9වනදා ආසියානු රග්බි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ අතර පසුව 2022 මැයි 1වනදා සම්පූර්ණ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කෙරින.
  • ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් !
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ, 2022 අප්‍රේල් 01 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කිරීම පිළිබඳ මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය නිල වශයෙන් කළ තහවුරු කිරීම සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, ආසියානු රග්බි තරඟාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යළි පිළිගන්නා බව ආසියානු රග්බි සම්මේලනය පවසයි.

2022 අප්‍රේල් මස 9වනදා ආසියානු රග්බි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ අතර පසුව 2022 මැයි 1වනදා සම්පූර්ණ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කෙරින.


ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් !

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ (12) දින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි මාස 06 සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කරන ලදි.  

එමෙන්ම 2022 අප්‍රේල් 01 වන දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් අනතුරුව රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන්නා වූ ධනාත්මක කරුණු සැළකිල්ලට ගෙන අප්‍රේල් 12 දින MOYS/MIN/AR/R-03 අංකය යටතේ අමාත්‍යවරයා විසින් යවන ලද ලිපිය ට යහපත් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනය වෙත පනවා තිබූ තහනම ඉවත් කළ බවත්, පූර්ණ සාමාජිකත්වය ලබා දුන් බවත් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ක්යිස් අල් දලායි  (Mr.Qais al Dhalai) විසින් ලිපියක් මගින් අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

මෙය ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්  ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් තීරණයන්හි එක් ජයග්‍රහණයක් පමණක් බවත්, පසුගිය වසර 10 තුළ පසුබසිමින් පැවතගෙන ආ ප්‍රධාන ක්‍රීඩාවන් ඇතුලු සියලුම ක්‍රීඩා වංචාවෙන් හා දූෂණයෙන් තොර,  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සමගින් ජාත්‍යන්තරය ඉදිරියේ රට කීර්තිමත්ව ජයග්‍රහණ කරා යාමට සුදුසු පරිසරය නිර්මාණය කරන බවත් අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කරයි.

මෙම තහනම ඉවත් කිරීම නිසා ඉදිරියේ දී ආසියානු රග්බි ගරඟාවලියට එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීම රටක් ලෙස අපි ලබාගත් මහගු ජයග්‍රහණයක් බවත් තමන්ගේ ඉල්ලීමට ඉතා කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තමන් ගෙන යන වැඩපිළිවෙල අගය කරමින් ශ්‍රී ලංකාවේ රග්බි තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්යිස් අල් දලායි ට (Mr.Qais al Dhalai) හා එහි විධායක සභිකයින්ට හෘදයාංගම ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.

Asia Rugby Reinstates Sri Lanka Rugby as Full Member

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...