The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අයර්ලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද

T

The Leader Desk

April 16, 2023 • 4:30 AM

අයර්ලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
  • අද පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිලිබදව ඔහු 'නෙත් නිව්ස්' වෙත මෙලෙස අදහස් පල කළේය.
  • nethsky tracks · CRICKET DUMITH 02 ශ්‍රී ලංකාව මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් තරග 307 කට සහභාගී වී ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 98 කි.
  • අයර්ලන්ත කණ්ඩායම 2018 වසරේ ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරග 4 ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න නායකත්වය ලබා දෙන අතර සංචාරක අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ ඇන්ඩෘ බැල්බර්නි.

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අවසන් ටෙස්ට් තරගාවලිය මෙය වේ.

අද පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිලිබදව ඔහු 'නෙත් නිව්ස්' වෙත මෙලෙස අදහස් පල කළේය.



ශ්‍රී ලංකාව මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් තරග 307 කට සහභාගී වී ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 98 කි.

අයර්ලන්ත කණ්ඩායම 2018 වසරේ ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරග 4 ක් පමණි.

35,000 කට අධික සංඛ්‍යාවකට එකවර තරග නැරඹීමේ පහසුකම සහිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමි ව තිබේ.

තරගාවලියේ දේශීය තරග විකාශන අයිතිය හිමි TV1 නාලිකාව ඔස්සේ සජීවීව තරගාවලියේ සියලු තොරතුරු අද උදෑසන 9.30 සිට ඔබ වෙත ගෙන ඒමට 'ස්පෝර්ට්ස් ෆස්ට්' කටයුතු කර ඇත.

තරගාවලියේ නිල සහකාර රන් අනුග්‍රාකත්වය (Official Associate Gold Sponsor) ලබාගෙන ඇත්තේ 'සුප්‍රීම් TV' (Supreme TV) නාලිකාවයි.


340761719 248327664258233 3755815455471778100 n


 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...