The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ සහය ලබා දීමට එකගත්වයක් !

T

The Leader Desk

April 20, 2023 • 7:40 AM

ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ සහය ලබා දීමට එකගත්වයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය ලබා දීමට එකගත්වය හිමිව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී  ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පත්කල ස්ථාවරකරණ කමිටුව පිළිබදව කරුණු පැහැදිලි කිරීමට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (19) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි  (Mr.Qais Al Dhalai) හමුවිය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පසුගිය වසර ගණනාව පුරාම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකිරීම, ශ්‍රී ලංකාවේ මූලික නීති කඩකිරීම් යන කරුණු ඇතුලත්ව සිදු කරන ලද ක්‍රියාවන් ගණනාවක් හේතුවෙන් ක්‍රීඩා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව පැහැදිළි කර ඇති අමාත්‍යවරයා, එම තත්ත්වය මගහරවා ගැනීමට ගත යුතු පියවරක් ලෙස ස්ථාවරකරණ කමිටුවක් පත් කළ බවත්, අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සම්මේලනයේ නිලවරනය පවත්වා රග්බි ක්‍රීඩාව යහපත් පරිපාලනයක් ඔස්සේ රටක් ලෙස අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට ක්‍රියා කරන බවත් කයිස් අල් දලායි වෙත සහතික වී ඇත.

ඇතිව තිබූ අර්බුධකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවත් කයිස් අල් දලායි එහි දී ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

පසුගිය 12 වන දින තමන් විසින් කරුණු පැහැදිළිකර එවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කර ඇති අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය සමඟ සමීපව වැඩ කටයුතු කිරීමට තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Photo 20

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ සහය ලබා දීමට එකගත්වයක් ! | The Leader