The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නිශාන් මධුෂ්කගෙන් ද්විත්ව ශතකයක්

T

The Leader Desk

April 27, 2023 • 9:20 AM

නිශාන් මධුෂ්කගෙන් ද්විත්ව ශතකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් රැස්කරගැනීමට සමත්විය.
  • මීට පෙර 1987 වර්ෂයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කිරීමට සමත්විය.
  • එහිදී ඔහු නවසීලන්තය ට එරෙහිව නොදැවී ලකුණු 201ක් රැස්කරගැනීමට සමත්විය.
  • නිෂාන් මදුෂ්ක වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ 12වන ක්‍රීඩකයා ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):



තම මංගල ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කළ දෙවන ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ නිශාන් මධුෂ්කයි.

මීට පෙර 1987 වර්ෂයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කිරීමට සමත්විය.

එහිදී ඔහු නවසීලන්තය ට එරෙහිව නොදැවී ලකුණු 201ක් රැස්කරගැනීමට සමත්විය.

නිෂාන් මදුෂ්ක වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ 12වන ක්‍රීඩකයා ලෙසය.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවන දිනය අදය.

දිවා ආහාරය සඳහා  තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි රැස්කරගනෙ සිටි ලකුණු සංඛ්‍යාව 489කි.

අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 357කි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9වන ශතකය වාර්තා කළේය.

යොවුන් ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක අද සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීම කැපී පෙණුනි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට කුසල් මෙන්ඩිස් ලකුණු 150 සීමාව පසුකර සිටි අතර මෙන්ඩිස් ටෙස්ට් ඉනිමකදී ලකුණු 150 සීමාව පසුකළ තුන්වන අවස්ථාව මෙයයි.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 160ක්ද, නිෂාන් මධුෂ්ක නොදැවී ලකුණු 202.ක්ද රැස් කරගෙන සිටියේය.

මෙන්ඩිස් සහ මදුෂ්ක මේ වනවිට දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනගා සිටින නොබිඳුනු සබඳතාව ලකුණු 261කි.


(adaderana.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...