The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කෝලි-ගාම්බීර් සහ ඉන්දියානු ක්‍රිකට්

T

The Leader Desk

May 3, 2023 • 6:56 AM

කෝලි-ගාම්බීර් සහ ඉන්දියානු ක්‍රිකට්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ දින පැවති ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් IPL තරගය අතරතුර බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි ආවේගශීලී හැසිරීම් රටාවක් පෙන්නුම් කල අතර
  • 2007 වසරේදී දෝනි ලෝක කුසලානය හිමිකරගත්තේ ලංකාව පරදවමින්.
  • මෙහිදී ගාම්බීර්ට අවසන් තරගයක ශතකය අහිමි වුනේ ලකුනු 09 කින්.
  • ගාම්බීර් මේ වනවිට ඉන්දියානු කණ්ඩායමේ නොම්බර 03 ක්‍රීඩා කල පිතිකරුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගයෙන් පසු ලක්නව් කණ්ඩායමේ පුහුනුකරු වූ ගව්තම් ගාම්බීර් සමග ද ගැටුමක් හට ගත්තා.


කෝලි-ගාම්බීර් ගැටුමට දිගු ඉතිහාසයක් පවතිනවා.

2007 වසරේදී දෝනි ලෝක කුසලානය හිමිකරගත්තේ ලංකාව පරදවමින්. මෙහිදී ගාම්බීර්ට අවසන් තරගයක ශතකය අහිමි වුනේ ලකුනු 09 කින්.

ගාම්බීර් මේ වනවිට ඉන්දියානු කණ්ඩායමේ නොම්බර 03 ක්‍රීඩා කල පිතිකරුවා.

 

24gam

 

දෝනිගෙන් පසු ගාම්බීර් නායකත්වය පිළිබඳව බලාපොරොත්තු සහිතව සිටියද කෝලි විසින් නායකත්වය පමනක් නොව නොම්බර 03 ස්ථානයද ගාම්බීර්ගෙන් උදුරා ගත්තා.

 

ඉන්දියානු ක්‍රිකට් යනු මුදල් මතම පමනක් නොව ඊට එහා ගිය කාරනා මතද පදනම් වූවක් ජාතිය හා කුලය එහි වැදගත් සාධකයන්.

 

Kapil Dev 20120621040613
කපිල් දේව් හා මොහොමඩ් අසාරුඩීන්

 

කපිල් දේව් හා මොහොමඩ් අසාරුඩීන් යන ද්‍රවිඩ හා මුස්ලිම් නායකයන් දෙදෙනෙකු හැරුනු විට අන් සෑම අවස්ථාවකම ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය හින්දු ජාතිකත්වය මත පදනම් වෙනවා.

කපිල් දේව් 1983 දී ලෝක කුසලානය දිනාදීමෙන් වීරයෙකු වූවාට අසාරුඩීන්ට ඒ වාසනාව ලැබුනේ නෑ. අසාර් සැලකෙන්නේ ද්‍රෝහියෙකු ලෙසයි.

මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය බාර ගන්නේ 2003 ලෝක කුසලානයේ අමිහිරි පරාජයෙන් පසුවයි.

දෝනි බ්‍රාහ්මණ කුලයේ නොවීම නිසාම ඔහුට මුහුණ පාන්නට වූ කෙනෙහෙලිකම්ද අපමනයි.

 

india beat pakistan by 5 runs 1552720074

නමුත් 2007 ලෝක කුසලානයෙන් ජයග්‍රහණයෙන් පසු දෝනි වීරයෙකු ලෙස භෞතීස්ම වුනා.

සව්රව් ගංගුලි ඉහල බ්‍රාහ්මණ වංශිකයෙකු වන අතර අදටත් ගංගුලිට ඉහලම සැලකුම් ලැබෙනවා. අද ඔහු ඉන්දියානු ක්‍රිකට් පරිපාලනයේ ඉහලම පුටුව හොබවන්නේ ඒ හයියෙන්.

 

ගාම්බීර් බ්‍රාහ්මණ වංශිකයෙකු නොවෙයි. ඒ නිසාම බ්‍රාහ්මණ වංශිකයෙකු වූ විරාට් කෝලි ව ඉදිරියට ගැනීමට ගාම්බීර්ගේ අනාගතය බිල්ලට දෙනු ලැබුවා. මේ තීරණය ගත් කමිටුවේ ප්‍රධානියා වූයේ ගංගුලි.

 

අපට මතුපිටින් පෙනෙන මුදල් නැමැති කලාපයට යටින් සිහින් හුයක් සේ මේ කුල ගැටලුව ඉන්දියානු ක්‍රිකට් හි ප්‍රධාන රෝග නිධානයක්.

 

එය පිටියේදී ක්‍රීඩකයන් මතින් එලියට පැමිනියද එහි යටින් ඇති මේ අශ්ලීල ගැටලුව සාකච්ඡාවට බදුන් වෙන්නේ නෑ.

 




(දවසේ සටහන :carbonnews.lk)


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...