The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අරුණ දර්ශන ජපානෙදී වාර්තාවක් තබයි

T

The Leader Desk

May 6, 2023 • 4:00 PM

අරුණ දර්ශන ජපානෙදී වාර්තාවක් තබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ අද (06) පැවති
  • ඒ තත්පර 45.49ක දක්ෂතාවක් වාර්තා කරමිනි.
  • සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර සහ ප්‍රසන්න අමරසේකරගෙන් අනතුරුව මීටර 400 පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙය වේ.
  • මීට දින කිහිපයකට පෙර ජපානයේදී පැවති තරගයකදීම අරුණ දර්ශන තත්ත්පර 45.59ක කාලයක් වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේදී සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත්විය.

ඒ තත්පර 45.49ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

ඔහුට එම ඉසව්වේදී හිමිවූයේ දෙවන ස්ථානයයි.

සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර සහ ප්‍රසන්න අමරසේකරගෙන් අනතුරුව මීටර 400 පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙය වේ.

මීට දින කිහිපයකට පෙර ජපානයේදී පැවති තරගයකදීම අරුණ දර්ශන තත්ත්පර 45.59ක කාලයක් වාර්තා කළේය.
 


මේ අතර ඉන්දීය විවෘත පැරා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලියේ ටී 46 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

ඒ තත්පර 13 .71ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

T 35/42/47/62 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක් වූ කුමුදිකා දයානී තත්පර 13.55ක දක්ෂතාවක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...