The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'මතීෂ පතිරණ රැකගන්න' - දෝනි ගෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට පණිවිඩයක්

T

The Leader Desk

May 7, 2023 • 4:34 PM

'මතීෂ පතිරණ රැකගන්න' - දෝනි ගෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට පණිවිඩයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙක්
  • මතීෂ පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉතා දිගු කාලයක් සේවය කරනු ඇතැයි තමන්ට හැඟෙන බවද මහේන්ද්‍ර සිං දෝනි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
  • මහේන්ද්‍ර සිං දෝනි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.
  • සුදු පන්දු ක්‍රිකට්වල පවා පන්දුවාර 50 රටාව ඔහු හැකිතාක් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නොවන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසයි.

මතීෂ පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉතා දිගු කාලයක් සේවය කරනු ඇතැයි තමන්ට හැඟෙන බවද මහේන්ද්‍ර සිං දෝනි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මහේන්ද්‍ර සිං දෝනි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

"මම පෞද්ගලිකව හිතන්නේ ඔහු රතු - පන්දු තරග ගොඩක් ක්‍රීඩා කළ යුතු නැහැ. මම හිතන්නේ ඔහු ඉන් ඈත් කර තබන්න ඕන. සුදු පන්දු ක්‍රිකට්වල පවා පන්දුවාර 50 රටාව ඔහු හැකිතාක් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි. ICC තරගාවලි ක්‍රිඩා කළ යුතුයි. මොකද එයා ගොඩක් වෙනස් වෙන කෙනෙක් නොවෙයි. සෑම විටම තීරණාත්මක අවස්ථාවලදී ඔහුව භාවිත කරන්න පුළුවන්. නමුත් ඔහු සියලු ICC තරගාවලි සඳහා සුදුසු තත්ත්වයකින් පසුකර ගැනීමට වග බලා ගත යුතුයි. ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි."

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවති තරගයකින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණි.

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 139කි.

ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ කඩුලු 3 ක් දවාගත් අතර ඔහුගේ පන්දුවාර හතරේදී ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී  කඩුලු 4ක් පමණක් දැවී ජය ලැබීය.

තරගයේ වීරයා සම්මානය මතීෂ පතිරණ හිමිකරගත් අතර මෙතෙක් IPL ඉතිහාසයේ තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ළාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහුය.

 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...