The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගයන්තිකා අබේරත්න ජපානයේදී යළිත් එකට

T

The Leader Desk

May 8, 2023 • 4:44 AM

ගයන්තිකා අබේරත්න ජපානයේදී යළිත් එකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීටර් 800 ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ජපානයේදී පිට පිට දෙවැනි වරටත් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.
  • මින් පෙර මේ සංචාරයේදී ශිසුඔකා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ ඇය එහිදී ප්‍රථම ස්ථානයට පත් වූ අතර, එම තරගාවලියේදී ඇය මිනිත්තු 2:04.35ක කාලයක් වාර්තා කර තිබිණි.
  • ගයන්තිකා මීටර් 800 කාන්තා ඉසව්වේ ජාතික වාර්තාට ද හිමිකම් කියන අතර, ඇයගේ හොඳම කාලය ලෙස විනාඩි 2යි තත්පර 1යි දශම 2ක කාලයක් සටහන් වෙයි.
  •   අරුණ දර්ශන   මේ අතර මේ තරගාවලියේදී මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන එහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඊයේ ජපානයේ ඔසාකාහිදී 10 වැනි කිනාමි මිචිටකා අනුස්මරණ මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා නාවිකා හමුදාවේ ක්‍රීඩිකාවක වන ගයන්තිකා සිය ඉසව්වේදී මිනිත්තු 2:04.26ක කාලයක් වාර්තා කළාය.

මේ ඉසව්ව අදියර තුනක් යටතේ පැවති අතර ගයන්තිකා තරග කළේ තෙවැනි අදියරෙනි. කෙසේ වෙතත් අදියර තුන අවසානයේ වේගවත්ම කාලයේ වාර්තා ගයන්තිකා සතු වූ බැවින් ප්‍රථම ස්ථානයට ඇයට හිමි වූවාය.

මින් පෙර මේ සංචාරයේදී ශිසුඔකා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ ඇය එහිදී ප්‍රථම ස්ථානයට පත් වූ අතර, එම තරගාවලියේදී ඇය මිනිත්තු 2:04.35ක කාලයක් වාර්තා කර තිබිණි.

ගයන්තිකා මීටර් 800 කාන්තා ඉසව්වේ ජාතික වාර්තාට ද හිමිකම් කියන අතර, ඇයගේ හොඳම කාලය ලෙස විනාඩි 2යි තත්පර 1යි දශම 2ක කාලයක් සටහන් වෙයි.



 

අරුණ දර්ශන ජපානෙදී වාර්තාවක් තබයි

අරුණ දර්ශන

 

මේ අතර මේ තරගාවලියේදී මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන එහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔහු සිය ඉසව්ව නිමා කිරීමට තත්පර 45.49ක කාලයක් වාර්තා කළ අතර, එය ඔහුගේ හොඳම පෞද්ගලික කාලය වීම විශේෂත්වයකි.

ඔහු මින් පෙර ජපන් සංචාරයේදී ශිසුඔකා තරගාවලියට එක් වූ අතර, එහිදී හොඳම පෞද්ගලික කාලය වාර්තා කළේ තත්පර 45.59කිනි. ඒ අනුව එම කාලය මේ සංචාරයේදී යළිත් බිඳ දැමීමට ඔහු සමත්වීම කැපී පෙනේ.

මේ තරගාවලියේදී නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වට එක් වූ අතර, එහිදී මිනිත්තු 10:02.90ක කාලයක් වාර්තා කළ ඇයට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...