The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයක්

T

The Leader Desk

May 12, 2023 • 8:03 PM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති
  • ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කළාය.
  • ශ්‍රී ලංකාව - 158/3 චමරි අතපත්තු       - 32 හර්ශිතා සමරවික්‍රම - 51* නිලක්ෂි ද සිල්වා    - 63* පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාද්ශයට කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි.
  • උදේශිකා ප්‍රබෝධනී, කාව්‍යා කාවින්දි සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගත්තා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

තුන්වැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කළාය.

එහිදී හර්ෂිතා මාධවී සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා අර්ධ ශතක ලබා ගත්තා ය.

ශ්‍රී ලංකාව - 158/3

චමරි අතපත්තු       - 32
හර්ශිතා සමරවික්‍රම - 51*
නිලක්ෂි ද සිල්වා    - 63*
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාද්ශයට කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි.

උදේශිකා ප්‍රබෝධනී, කාව්‍යා කාවින්දි සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගත්තා ය.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගය ජයගැනීමත් සමගම තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට මෙරට ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට ද්විපාර්ශවික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ 2014 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයක් | The Leader