The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නිලවරණය පැරණි රෙගුලාසිවලට - ඇමති සහ ක්‍රිකට් සංගම් එකඟතාවයක් !

T

The Leader Desk

May 15, 2023 • 5:41 PM

නිලවරණය පැරණි රෙගුලාසිවලට - ඇමති සහ ක්‍රිකට් සංගම් එකඟතාවයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙමින් නිකුත් කළ
  • එම අවස්ථාවේදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ සදහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් සමථයක් ඇති කරගත හැකි බවයි.
  • ඉන් අනතුරුව ක්‍රීඩා ඇමතිවරයාගේ නව රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනා පෙත්සම් සහ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ද ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයන් අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
  • ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට විනිසුරු මඩුල්ලේ අවසරය හිමි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් සංගම් ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමතයකට පත් විය.

ඒ, එම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න  යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේ දීයි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද ක්‍රීඩා රෙගුලාසි අත් හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා ඇමැතිවරයා විසින් ගොනු කළ පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ ලැබිය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ සදහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් සමථයක් ඇති කරගත හැකි බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ මස 20 වැනිදා



ඒ අනුව ක්‍රීඩා ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ක්‍රියාත්මක වීම අගෝස්තු මස පළවෙනිදා සිට බලපැවැත්වෙන බවත් මීට පෙර සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය  මැයි මස 20 වැනිදා පවත්වන අතර එය පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව පැවැත්වෙනු ඇති බවත් එම සමථ කොන්දේසි වල සඳහන් විය.නිලවරණයෙන් පත් වන නව නිලධාරීන්ට පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව හිමි ධූර කාලය හිමි වන බවත් එම සමථ කොන්දේසිවල සඳහන් විය.




ඉන් අනතුරුව ක්‍රීඩා ඇමතිවරයාගේ නව රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනා පෙත්සම් සහ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ද ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයන් අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට විනිසුරු මඩුල්ලේ අවසරය හිමි විය.



2022 වසරේ දෙසැම්බර් 14 වැනිදා ක්‍රීඩා ඇමතිවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන කළේය.  එම ගැසට් නිවේදනය තුළින් හදුන්වා දී තිබෙන රෙගුලාසි මගින් තමන්ට විශාල අගතියක් සිදුවන බවට චෝදනා කරමින් ක්‍රීඩා සංගම් කිහිපයක් විසින් අභියාචනාධිකරණය හමුවේ එම රිට් පෙත්සම් ගොනුකරනු ලැබිය.



පසුගිය පෙබරවාරි මස 27 වැනිදා එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී සියලු පාර්ශවයන්ගේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ එම රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් අභියාචන පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණ.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...