අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වක් සහිතව ක්‍රිකට් ලොව දිග්විජය කළ ලසිත් මාලිංගට පසුව එවැනිම ඉරියව්වකින් පන්දු යවමින් අද වනවිට ක්‍රිකට් පිටියේ වැඩියෙන්ම කතාබහට ලක්වී සිටින පන්දු යවන්නා වන්නේ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ය.
ඔහු 2020 වසරේ අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට මුල්වරට එක්වුණි.
මතීෂ ඒ අතරතුර අබුඩාබි ටී 10 ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමත් සමග ඔහුට ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දොරටු විවර වුණි.
2022 වසරේ පළමු වරට චෙන්නායි කණ්ඩායමට එක්වූ අවස්ථාවේ ඔහු සහභාගීවූ පළමු තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත්තේය.
මතීෂ නැවතත් කරළියට එන්නේ මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය විදෙස් ක්‍රීඩකයෙක් ලෙසය.
චෙන්නායි කණ්ඩායමට පස්වන වරටත් ඉන්දියන් ප්‍රිමියර් ලීග් කිරුළ දිනාදීමට විශාල දායකත්වයක් දැක්වූ මතීෂ මෙවර තරගාවලියේදී කඩුලු 19ක් දවා ගත්තේය.
ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආදරය දිනාගත් මේ යොවුන් ක්‍රීඩකයා ගැන ඔහුගේ මව්පියන් අද ආඩම්බරයෙන් කතා කරයි.
මතීෂගේ මව,
"මතීෂ ගැන හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා."
මතීෂගේ පියා,
"මම තමයි එයා පුංචි කාලේ බෝලයක් බැට් එකක් ගෙනත් දීලා ක්‍රීඩාවට යොමු කළේ. පුංචි කාලේ ඉඳලම එයා අතට අහුවෙන හැම දෙයක්ම විසිකරන්න පටන් ගත්තේ ඔය විදියට."
මතීෂ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන අතරතුර ඔහුගේ පවුලේ සමාජිකයන් ට චෙන්නායි නායක මහේන්ද්‍ර සිං ධෝනිව හමුවීමට ද අවස්ථාව ලැබී තිබුණි.
මතීෂගේ මව,
"මහේන්ද්‍ර සිං ධෝනි තාත්තෙක් වගේ මතීෂව බලාගෙන ඉන්නවා අපි ටීවී එකෙන් දැක්කා. ළඟට ගියාම තේරුණා ඒක ඇත්තම කියලා. මහේන්ද්‍ර සිං ධෝනි කිව්වා.. 'කිසිදෙයකට බය වෙන්න එපා... එයා මගේ ළඟින්ම ඉන්නවා.. මෙයාව හොඳට බලාගන්නවා කිව්වා.' එක තමයි අපි අහපු මිහිරිම වචන ටික කියලා හිතුනා."
මතීෂ මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දැක්වූ දක්ෂතා නිසා ජූනි මස 2 වනදා ආරම්භ වන ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයටද ඔහුව ඇතුළත් කර තිබේ.
(adaderana.lk)
මහේන්ද්‍ර සිං ධෝනි, මතීෂගේ මවට දුන් පොරොන්දුව
T
The Leader Desk
June 1, 2023 • 5:37 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙවර ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී විශාල කීර්තියක් දිනාගත් මතීෂට එළඹෙන ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ දොරටු විවර වී තිබේ.
- ඔහු 2020 වසරේ අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට මුල්වරට එක්වුණි.
- මතීෂ ඒ අතරතුර අබුඩාබි ටී 10 ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමත් සමග ඔහුට ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දොරටු විවර වුණි.
- 2022 වසරේ පළමු වරට චෙන්නායි කණ්ඩායමට එක්වූ අවස්ථාවේ ඔහු සහභාගීවූ පළමු තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



