The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන පළමු තරගය අද : මතීෂට එක්දින වරම්

T

The Leader Desk

June 2, 2023 • 5:03 AM

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන පළමු තරගය අද : මතීෂට එක්දින වරම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) පෙරවරු 10.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.
  • තරග තුනම දිවා තරග ලෙස සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
  • තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (01) සිය අවසන් පුහුණු සැසියට එක් වූ අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන ද එක්වී සිටියේය.
  • මතීෂ ව මඟහැරුණු හැටි කියයි අද තරගයේදී මතීෂ පතිරණට එක්දින වරම් හිමිවීමට නියමිත අතර ආබාධයකට ලක්වී සිටින වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විතය. තරග තුනම දිවා තරග ලෙස සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (01) සිය අවසන් පුහුණු සැසියට එක් වූ අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන ද එක්වී සිටියේය.

මතීෂ ව මඟහැරුණු හැටි කියයි

අද තරගයේදී මතීෂ පතිරණට එක්දින වරම් හිමිවීමට නියමිත අතර ආබාධයකට ලක්වී සිටින වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර අද තරගය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක මෙසේ සඳහන් කළේය.

"මේ තරගාවලියේදී පන්දුයවන්නන් තුන් දෙනෙක් වගේ යොදාගන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

මතීෂ අවුරුදු 17න් පහළ කණ්ඩායමේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරලා තිබෙනවා. මතීෂ දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියා. නවසීලන්ත විස්සයි 20 තරගාවලියට යද්දිත් ඔහු අපිත් සමග ගියා. ඔහුට කොවිඩ් හැදුණු නිසා තමයි T20 සෙල්ලම් කරන්න බැරුව ගියේ. මතීෂ ව හඳුනාගත්තේ කලින් ඉඳලමයි. ඔහුව හෙට ආරම්භවන තරගාවලියෙදිත් අනිවාර්යයෙන්ම යොදාගන්න බලාපොරොත්තු වෙනවා."

ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ ප්‍රවීන ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළිත් එක්දින කණ්ඩායම සමග එක්වීම කණ්ඩායමේ ශක්තිය මෙන්ම මානසික ඒකාග්‍රතාව වර්ධනය කරන්නක් බවද එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.


ශ්‍රී ලංකා සංචිතය :
දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, කසුන් රාජිත, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, සධීර සමරවික්‍රම, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ සහ දුෂාන් හේමන්ත

ඇෆ්ඝනිස්ථාන සංචිතය :
හෂ්මතුල්ලා ශහිදි (නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්රාන්, රාමට් ෂා, නජිබුල්ලා සද්රාන්, මොහොමඩ් නබී, හෂ්මතුල්ලා ශහිදි, අස්මතුල්ලා ඔමර්සායි, මුජිබුර් රහමන්, නූර් අහමඩ්, ෆරීඩ් අහමන් මලික්, ෆසාල්හක් ෆරූකි, ඉක්‍රම් අලිඛිල්, අබ්දුල්ලා රහමන් සහ රියාස් හසන්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන පළමු තරගය අද : මතීෂට එක්දින වරම් | The Leader