The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පුංචි දෙනෙත්ගේ නිවසට මාලිංගගෙන් ඇමතුමක්

T

The Leader Desk

June 6, 2023 • 5:14 PM

පුංචි දෙනෙත්ගේ නිවසට මාලිංගගෙන් ඇමතුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් පන්දු යවන කුඩා දරුවෙකු පිළිබඳ තොරතුරු සොයා දෙන ලෙස
  • කුඩා 'දෙනෙත්' පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබීමත් සමග ලසිත් මාලිංග ඊයේ (ජුනි මස 05 වෙනිදා) දරුවාගේ නිවසට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.
  • ලසිත් මාලිංග තමාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත් බව දෙනෙත් අනුහස්ගේ පියාවන රංජිත් නිලංග බීබීසී සිංහල වෙත පැවසුවේය.
  • " කුඩා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලා මම පසුගියදා වීඩියෝවක් පළ කර සිටියා.'' "ඇයි මම එහෙම කිව්වේ කියන එක පැහැදිලි කරන එක ඉතාම වැදගත් කියලා හිතනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබුණි.

මාලිංගගේ එම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ අතර වැඩි කාලයක් ගතවීමට මත්තෙන් දරුවා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේම හොඩුවාවක් ලැබෙන්නට විය. 

 
සුපිරි වේගපන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංගගේ පවා අවධානය යොමු කරවමින් එලෙස සිය මිතුරන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරවිල ග්‍රාමයේ 19 කොළනියේ පදිංචි 11 හැවිරිදි දෙනෙත් අනුහස් ය.

කුඩා 'දෙනෙත්' පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබීමත් සමග ලසිත් මාලිංග ඊයේ (ජුනි මස 05 වෙනිදා) දරුවාගේ නිවසට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.

ලසිත් මාලිංග තමාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත් බව දෙනෙත් අනුහස්ගේ පියාවන රංජිත් නිලංග බීබීසී සිංහල වෙත පැවසුවේය.

"මාලිංග සර් මට කතා කළා. කිව්වා තව සතියක් විතර යයි ලංකාවට එන්න. ආවම මට කෝල් එකක් ආපහු දෙන්නම් කිව්වා." යනුවෙන් දෙනෙත් අනුහස ගේ පියා පැවසුවේය.


මාලිංග මොකද කියන්නේ?

සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ යෙදෙන කුඩා ක්‍රීඩකයෙකු සොයා ගැනීමට කළ ඉල්ලීමෙන් පසු ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

" කුඩා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලා මම පසුගියදා වීඩියෝවක් පළ කර සිටියා.''

"ඇයි මම එහෙම කිව්වේ කියන එක පැහැදිලි කරන එක ඉතාම වැදගත් කියලා හිතනවා. මොකද මේ වෙන කොට සමාජ මාධ්‍ය තුළ මගෙනුත් අහන්නේ නැතුව මම කියන විදිහට සහ මම හිතන විදිහට එයාලගේ මත ඉදිරිපත් කරමින් යනවා. මම හිතන්නේ ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන් ඒ කුඩා ක්‍රීඩකයාට."

"මේ කුඩා පන්දු යවන්නා මට හොයා දෙන්න උත්සහ කරපු සහ සමාජ මාධ්‍ය ඔස්සේ කටයුතු කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි".

"මේ කුඩා ක්‍රීඩකයා ඉන්නේ කොහේ ද ? ඔහු ක්‍රීඩාවේ යෙදෙනවාද කියලා තොරතුරු මට ඉක්මණින්ම හොයා ගන්න ලැබුණා සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වුනත් එක්කම." මාලිංග පැවසුවේය.

මෙම දරුවා සම්බන්ධයෙන් වූ වීඩියෝව සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කළ හේතුව ලසිත් මාලිංග මෙසේ පැහදිලි කර සිටියේය.

" ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මට මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලය, විශේෂයෙන් වයස අවුරුදු 8, 9 සහ 10 කියන කාලය තුළ මම කොහොමද ටෙනිස් බෝල් ක්‍රීඩා කලේ? මට තිබුණු අත්දැකීම් සහ මම ක්‍රීඩා කරපු විදිහත් එක්ක සහ මට ලබුණු අවස්ථාවන් එක්ක මම හිතුවා මේ පන්දු පන්දු යවන්නාට උපතින්ම පන්දු යැවීමේ ඉරියව්වක් වගේම පන්දු යැවීමේ හැකියාවක් තියනවා කියලා.”

“විශේෂයෙන්ම ඒ වීඩියෝවේ ඔහු පන්දු යවන විදිහ සහ දුවගෙන එන විදිහ, ඔහු පන්දුව යවද්දී ජම්ප් කරන්නේ කොහොමද ? පිටුපස පාදය තබන ආකාරය සහ පන්දුව යැවීමෙන් පසු ෆලෝ තෘෘ කරන ආකාරය, පිතිකරුවා දෙසට ඔහුගේ ඔලුව යොමු කරන්නේ කියන මේ කිසිම දෙයක් කවුරුවත් කියල දෙන්නේ නැතුව ඔහුට ඒ දේ ටෙනිස් බෝල ක්‍රීඩා කරන ගමන් ලැබිච්ච දෙයක්.”

“ඒ වගේ දක්ෂතාවයක්‌, හැකියාවක් හරි අමාරුයි කිසිම පුහුණුකරුවෙකුට පුහුණු කරන්න." ලසිත් මාලිංග පැවසීය.

මේ අතර ඉදිරියේදී මෙම කුඩා ක්‍රීඩකයාව දෙඹරවැව ජාතික පාසැලට යොමු කොට ඔහුගේ ක්‍රිකට් අනාගතය ඔප්‍ නැංවීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බවද ප්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කළේය.


“මම ආස ඉංග්‍රීසි සහ ගණිතයට”

වීරවිල, ඇතුනදවිල ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන දෙනෙත් අනුහස් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතයි.

සිය මිතුරන් සමග සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන දෙනෙත් අනුහස් ඉගෙනුමට ද දක්ෂයෙකි.

"මම ආසම ගණිතය විෂයට. ඒ වගේම ඉංග්‍රීසි විෂයටත් මම ගොඩක් කැමති. මේ අවුරුද්දේ මම ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නවා." යනුවෙන් පුංචි දෙනෙත් අනුහස් බීබීසී සිංහල වෙත පවසා සිටියේය.

"ලසිත් මාලිංග මාමා වගේ ලෝකයම දන්න කෙනෙක් මාව හොයනවා කියලා දැන ගත්තම මට ලොකු සතුටක් දැනුනා. මට මාමා එක්ක කතා කරන්න ලැබුනේ නැහැ. මම පන්ති ගිහින් හිටියේ ඒ වෙලාවේ."

"මම හරි ආසයි ක්‍රිකට් සෙල්ලම් කරන්න. ඒත් මට ක්‍රිකට් සෙල්ලම් කරන්න පහසුකම් නැහැ." අප සමග අදහස් බෙදා ගනිමින් ඔහු පැවසුවේය.

"මම ආසයි ලොකු වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න."

පුංචි දෙනෙත් අනුහස් සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව එලෙස කියා සිටියේය.


"මට ලොකු සතුටක් දැනුණා"

සිය දරුවා සම්බන්ධයෙන් ලසිත් මාලිංග වැනි විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අවධානය යොමු වීම සතුටට කරුණක් බව දෙනෙත් අනුහස් ගේ පියා වන රංජිත් නිලංග පැවසුවේය.

"පුතා ගැන මාලිංග සර් හොයනවා කියලා දැන ගත්තම මට ලොකු සතුටක් දැනුණා. පුතා දක්ෂයි. මම කුලී වැඩ කරලා පවුල නඩත්තු කරන්නේ. දරුවාගේ අනාගතය යහපත් වෙනවා දකින්න කැමති." බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පුංචි දෙනෙත්ගේ නිවසට මාලිංගගෙන් ඇමතුමක් | The Leader